ගාල්ල ලලිත් චාමින්ද
අලුත් අවුරුදු උත්සව සමයේ දි පාරිභෝගිකයින් මුලාකරමින් කුඨ ලෙස භාණ්ඩ අලෙවි කරණ වෙළදුන් පිළිබද තොරතුරු ලැබි ඇති බවත් එවැනි වෙළදුන් සොයා වැටලිම් අඛන්ඩව සිදුකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
උත්සව සමයේ දි තාවකාලිකව වෙළසැල් අටවාගෙන වෙළඳාමේ නිරත ඇතැම් වෙළදුන් වට්ටම් ලබාදෙන බව පවසමින් පාරිභෝගිකයින් නොමග යැවිමට තුඩුදෙන ආකාරයෙන් කල්ඉකුත්වු භාණ්ඩ අලෙවි කරණ බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. විශේෂයෙන්ම උත්සව සමයේ දි තාවකාලිකව පවත්වාගෙන යන වෙළදසැල්වලින් තීන්ත වර්ග, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ මිලදි ගැනිමේ දී පාරිභෝගිකයින් ඒ ගැන අවධානයෙන් පසුවිය යුතු බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
පාරිභෝගිකයින් භාණ්ඩ තොරා ගැනිමේ දි ඉතා බුද්ධිමත්ව කටයුතු කළයුතු බව පවසන ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙවැනි කුඨ වෙළඳුන් නිතියේ රැහනට හසුකරගැනිම සඳහා නිරන්තරයෙන් වැටලිම් සිදුකරන බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.