සමන්තිකා වීරවර්ධන –
චීන රජයෙන් මෙරටට ප්‍රදානයක් ලෙස ලැබෙන සයිනෝෆාම් එන්නත වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට ලබා දීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් සදහන් කරයි.
කෙසේ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ තාක්ෂණ කමිටුවේ අනුමැතිය ලැබෙන තෙක් මෙම එන්නත මෙරට ජනතාව සදහා භාවිත නොකරන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
එන්නත භාවිතය සදහා අනුමැතිය ලැබුණු පසුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා නොදුන් ප්‍රදේශවල පුද්ගලයින් සදහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවද වෛද්‍ය ආනල්ඩ් පෙන්වාදෙයි.
තවද මෙරට සිටින චීන ජනතාව සඳහා මෙම එන්නත ලබා දීමට පෙර ඔවුන්ගේ තොරතුරු චීන තානාපති කාර්යාල හරහා ලබාගැනීමට කටයුතු කරන අතරම තොරාගත් මධ්යස්ථානයන්වලදී චීන ජනතාවට මෙම එන්නත ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු අවදාරනය පවසයි.
එහෙත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති කොවිඩ් එන්නතක් වූ චීන සයිනොෆාම් එන්නත මේ රටේ ජනතාවට ලබා දීමට කටයුතු නොකරන බවය.