බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තවාදීන්ගෙන් වෙඩි කා ආණ්ඩුවේ නිවාස අඩස්සියට වැටුණු මාවනැල්ලේ තස්ලිම් කියන කතාව

ජාතියට යුතුකම් කරන්න ජීවිතයෙන් වන්දි දෙන්නට ගොස් නිවාස අඩස්සියට වැටුණු මිනිසෙක් ලංකාසරට කළ හෙළිදරවුව...

by editor
මාර්තු 23, 2021 - Updated on මාර්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ – 

ඡායාරූප – උදිත ගලහිටියාව

  • මම ඉන්නෙ නිල නොලත් නිවාස අඩස්සියෙ… පල්ලියට රෝහලට හැරෙන්න කිසිම කැනක යන්න අවසරයක් නෑ!

  • බිරිය දරුවො මගෙ ගෙදරට යන්න බයයි… ලොකු පුතා තවමත් රෑ වෙනකොට කවුරුත් නැතිව ගේ ඇතුළෙවත් ඇවිදින්නෙ නෑ…

  • ඉන්නෙ පරිත්‍යාග ශීලී මිනිස්සු හදලා දුන්නු ගෙදරක… මට බෝධිපූජා තිබ්බෙ, දේව ආශීර්වාද පූජා තිබ්බෙ, උපවාස  තියලා ආශීර්වාද කළේ මං ගැන හොයලා බැලුවේ මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ මිනිස්සු … ඔවුන්ගෙ ආශීර්වාදය තමයි මාව ජීවත් කරන්නෙ…

  • ආරක්ෂාව හැරෙන්න පහුගිය ආණ්ඩුවෙන් හෝ මේ ආණ්ඩුවෙන් මට ලැබුණු දෙයක් නෑ… අඩුම තරමෙ පාස්කු කොමිසමේ නිර්දේශවත් ක්‍රියාත්මක වග දන්වලා නෑ…

  • මම දුන්නු තොරතුරු ටිකෙන් වෙන්න ගිය අපරාධය වළක්වා ගන්න බැරි වුණු   ආණ්ඩු ගැන තවම දුකයි… පාස්කු ප්‍රහාරය ආරංචි වුන වෙලාවෙ මම හිටියෙ කතා කරගන්නවත් බැරිව රෝහලේ. මට හොඳටම ඇඬුණා…

  • අපිට යුක්තිය ඉෂ්ට වෙන්නේ මේ අපරාධය කරපු පුද්ගලයන් හෙළිදරවු කරගෙන නීතිය ඉදිරියට ගෙන එන දවසට…

ඉස්ලාම් අන්තවාදින්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳව ඉඟියක් ලබා දීම හේතුවෙන් සහරාන් විසින් එවන ලද ත්‍රස්තයකු ගේ වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තද තමන්ට අද  නිවාස අඩස්සියේ රැඳවූවකු සේ කල් ගත කරන්නට සිදුව ඇති බව අන්තවාදීන්ගේ වෙඩි පහරින් තුවාල ලබා දැනට ආබාධිත තත්ත්වයේ පසුවන මාවනැලේලේ තස්ලිම් එනම් එම්.එස්.එම් තස්ලිම්  ලංකාසරට පැවසීය. තමන්ට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව මැද ජීවත් වන්නට සිදුව ඇති අතර පල්ලියේ යාඥාවට හෝ වෛද්‍ය ප්‍රතිකාරවලට හැරෙන්නට ඔහුට කිසිදු පොදු කටයුත්තකට සහභාගී වීමට තබා අසළ ඇති දිය කඩිත්තක් ළඟට යන්නටවත්  අවසරයක් නැතැයි ඔහු කියන්නේය. ඔහු ලංකාසරට අනාවරණය කරන්නේ මිනිසෙක් ලෙස ලැබිය යුතු නිදහස සීමාවන විට  ඇතිවන දැඩි මානසික පීඩනයේ ස්වරූපය ය.    

පසුගියදා ඔහුගේ නිවසට ගිය අපි ඔහු සමඟ කළ පිළිසඳර මෙසේ පළ කරමු.

  • තස්ලිම් දැන් ඔබට කොහොමද?

මට වෙඩි තැබීමේ සිද්ධිය වෙලා පසුගිය මාර්තු 09 වැනිදාට අවුරුදු දෙකක්. ඔබට මතක ඇති මම නිවසේ නිදාගෙන ඉන්නකොට තිබ්බ වෙඩි පාරින් බේරුණේ අනූනවයෙන්. මට හොඳටම තුවාල වෙලා මහනුවර මහ රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබුවා. මාස හතරක්ම මම හිටියේ ඇඳේ. දැන් ඒ ප්‍රතිකාරවලින් පසුව භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා. කතා කරන්න, නැගිටගන්න බැරිව සිටි මා දැන් අත්වාරුවෙන් හෙමින් පොඩ්ඩ පොඩ්ඩ ඇවිදිනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මට ශාරීරිකව සුවය ලැබුණත් මේ වෙඩි ප්‍රහාරය එක්ක අපේ පවුලට වුණු මානසික තුවාලය සුව වෙලා නෑ. බිරිය යළි අපේ නිවසට යන්න ලොකු බියක් දක්වනවා. හේතුව ඒ බිහිසුණු අත්දැකීම මතක් වීම. දරුවන් දෙදෙනාගේ ලොකුම දරුවට පමණයි සිද්ධිය මතක. ඒයා හවස් වනවිට මේ ගෙදර ඇතුළේවත් කවුරුත් නැතිව අඩියක් තියන්නේ නෑ. ඒ තරමට ඔවුන්ගේ සිත් බිය වෙලා. රෑ හීනෙන් අදටත් බය වෙලා කෑ ගහනවා.

  • දැන් මේ ඉන්න නිවස කාගෙද?

මේ නිවස මට දොස්තර මහත්තයෙක් අරන් දුන්නා. සැලකිය යුතු මුදලක් එතුමා ඊට වියදම් කළා. ඊට පස්සේ aranya.lk කියන ෆේස්බුක් සමාජ සත්කාර කණ්ඩායම රුපියල් ලක්ෂ 40ක් පමණ හොයලා මේ නිවස ඉන්න පුළුවන් ගාණට හදල දීල තිබෙනවා.

  • ඔබ දැන් ජීවත් වෙන්න මොනවද කරන්නේ ?

මම මේ සිදුවීම වෙන්න කලින් කුඩා ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒක සත්ත්ව ගොවිපළක්. ඒත් දැනට මම ජීවත් වෙන්නේ අන් අය දෙන දේවල්වලින්.

සිංහල දෙමළ මුස්ලිම් හැමෝම මේ සිදුවීම වුණු කාලේ ඉඳන් මට උදව් කළා. අදටත් බොහෝ දෙනෙක් මට පෞද්ගලික මටට්මින් උදව් කරනවා. මෑතක් වන තෙක්ම මට කිසිම දෙයක් කර ගන්න බැරිව සිටියේ. ඒත් හැමදාම අනුන්ගෙන් යැපී ජීවත් වෙන්න කැමති නෑ. මම ඉදිරියේදී පොඩි රෙදි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • ඔබට රජයෙන් මුකුත් ලැබුණේ නැද්ද?

නෑ රජයෙන් කියා මුකුත් ලැබුණේ නෑ. හිටපු ඇමති කබීර් හෂීම් මැතිතුමා මට කරන උදව් හැරෙන්න ගිය ආණ්ඩුවේවත් මේ ආණ්ඩුවේවත් කිසිම කෙනෙක් මට විශේෂයෙන් උදව් කළේ නෑ.

  • පසුගියදා එළි දුටු පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයක් කිබුණා, ඔබට එංගලන්තයේ ප්‍රතිකාර සඳහා යන්න වැඩපිළිවෙළක් රජය මඟින් සකස් කළ යුතු බවට?

ඔව්. මම ඒක දැක්කේ මාධ්‍යයෙන්. මේ වනතෙක් මට මෙ සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමෙන් දැනුවත් කිරීමක් විමසා බැලීමක් හෝ සිදුව නෑ.

  • ඔබ රජයෙන් එවැනි ඉල්ලීමක් කළාද?

ඔව්. මම ඔය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවට සාක්ෂි ලබා දුන්නා. මම රෝහලේ සිටියදී තමයි මගෙන් ඊට අදාළ සාක්සි ලබා ගත්තේ. මම ලෙඩ ඇඳේ ඉඳන් ලබා දුන් සාක්ෂි අවසානයේ කොමිසමේ නිලධාරීන් ඇහුවා ඔබ මොනවද රජයෙන් බලාපාරොත්තු වෙන්නේ කියල. එහිදී මම ඉල්ලීම් දෙකක් කළා. එකක් මට යමක් කමක් කර ගත හැකි මට්ටමට සුව කර ගැනීම සඳහා එක්සත් රාජධානියේ තිබෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවශ්‍ය වියදම් රජයෙන් දරන්න කියල. අනෙක ඊට පසුව මට දිගටම ජීවත් වෙන්න යමක් කර ගන්න රජයෙන් අනුග්‍රාහකත්වයක් ලබා දෙන්න කියල. නමුත් මේ ඉල්ලීම් දෙකෙන්  කොමිසම නිර්දේශ කර තිබෙන්නේ පළමුවැනි ඉල්ලීම. එතේ මට තවම නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් වෙලා නෑ.

එහිදී තව දෙයක් කරන්න ඕන. මට හිතවත් මාධ්‍යවේදිනියක්  මාර්ගයෙන් මම ජීවත් වීමට අවශ්‍ය ක්‍රමයක් හදන්න කියල අගමැතිතුමාට ලිපියක් දුන්නා. ඊට පිළිතුරක් ආව මේ කටයුත්ත විමසා බැලීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්මිරාල් වීරසේකර මහතාට යොමු කළ බවට.

  • ඔබ මේ පාස්කු ප්‍රහාරයේ වාර්තා ගැන මොනවද හිතෙන්නේ කියන්නේ ?

මම කොමිසම් වාර්තාව දැක්කේ නැහැ. නමුත් මාධ්‍යවල යන දේවල් මම දුටුවා.  මට හිතෙන්නේ මෙම කොමිසමෙන් එලියට ආවෙත් අපි දැනගෙන හිටිය කරුණුමයි කියල. එහෙත් මේ ප්‍රහාරය පසුපස සිටියේ කවුද කියන එක පිළිබඳව මට හිතෙන විදිහට ඇත්ත කතාව එලියට ආවේ නෑ. මේ සාක්ෂි සියල්ල බැලුවොත් සමහර විට මේක පසුපස සිටියේ කවුද කියන කතාව දැනගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ මේ පාස්කු ප්‍රහාරයෙන් මැරුණ අයටත් සහරාන්ලා නිසා මම වගේ ආබාධිත තත්ත්වයට පත්වුණු අයටත් හරි සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න නම් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සැබෑ කතාව හෙළි විය යුතුයි. එය ආණ්ඩුව හෙළි කර ගත යුතුයි. අනෙක මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නෙත් මේ වගේ දේවල් මේ ආණ්ඩුවෙන් බලාගෙනනේ.

  • අප දන්නා තරමට පාස්කු ප්‍රහාරය වෙනකොට ඔබ සිටියේ රෝහලේ. ඔබට මොනවද ඒ වෙලාවේ හිතුණේ?

කබීර් හෂීම් ඇමතිතුමා තමයි මට පැවරු‍වේ මාවනැල්ලේ බුදු පිළිම සිද්ධිය වෙද්දී සී.අයිඩීයට උදව් කරන්න කියල. ඉතින් මට පුළුවන් විදිහට ඔවුන්ට උදව් කළා. ඒ අනුව තමයි අන්තවාදීන් පිළිබඳව පරීක්ෂණ අංශවලට තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් වුණේ. මේ අතරෙදී තමයි මට වෙඩි වැදිලා 2019 මාර්තු මාසේ 09 වැනිදා ඉඳන් රෝහල් ගත කරන්න වුණේ

බෝම්බ පිපිරීම වුණේ අප්‍රියෙල් 21.  අප්‍රියෙල් මාසේ 22 වැනිදා බිරිය මා බලන්න ආවා. ඒ වෙනකොට මට කතා කර ගන්න බෑ  බිරිය කොළ කැබැල්ලක ලියල තිබුණ සහරාන්ලා ගේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා දෙසීය ගාණක් මැරිල කියල. ඒක දැක්කම මට ලොකු දුකක් ආවා. මට ඇඬුණා මම ලබා දුන්න තොරතුරුවලින් මේ ප්‍රහාරය වළක්වගන්න තිබුණ නේද කියල. ඒත් ආණ්ඩුව ඒ වෙලාවේ උනන්දු වුණේ නෑ.

මාවනැල්ලේ බුදු පිළිම කඩපු එක, ඊට සම්බන්ධ සාදික් සහෝදරයන් ගැන, වනාතවිල්ලුවේ වත්තේ අවි ගබඩාව සමඟ අල්ල ගත්ත පුද්ගලයාගේ තොරතුරු එක්ක බොහෝම පහසුවෙන් මේ ජාලය අල්ලගන්න පුළුවන්කම තිබුණා කියල මම හිතනවා. මොකද ප්‍රහාරය වෙලා පැය 24ක් යනතොට මේ අය අත්අඩංගුවට ගන්න තරම් ප්‍රමාණවත් තොරතුරු ආරක්ෂක අංශවල තිබුණා. ඒ වෙනුවට ඒ ආණ්ඩුව ඩී.අයි.ජී නාලක සිල්වගේ ප්‍රභූ ඝාතනයක් ගැන බොරු කතාවක් ඇදගෙන ගියා. ඒකෙන් ඇත්ත ප්‍රශ්නය ගැන කාටවත් උනන්දුවක් තිබුණේ නෑ.

  • මේ ආණ්ඩුව බලයට ආවෙත් පාස්කු ප්‍රහාර වගේ දේවල් ආයේ සිදු නොවන මට්ටමට වැඩ කරනව කියල. ඔබ මොනවද මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ?

මේ ආණ්ඩුව මේ වගේ ප්‍රශ්න ඉදිරියේදි ඇති නොවෙන්න වැඩ කරන්න ඕන කියල මම හිතනවා. රටේ නීතිය අන් කවර නීතියකටත් වඩා ඉහළින් තැබිය යුතුයි කියල මම හිතනවා. සෑම ආගමක් සම්බන්ධයෙන්ම දරුවන්ට උගන්වන විෂය නිර්දේශවල අන්තවාදය සම්බන්ධයෙන් හෝ ජාතිවාදය වැනි ජනතාව අතර වෛරය වපුරවන යමක් තිබෙනවා නම්  ඒවා ඉවත් වන ආකාරයට නිර්දේශ සහිතව කටයුතු කළ යුතුයි.

අනෙක ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගැනීමට ඉඩ ලබා දිය යුතුයි. පසුගිය දවස්වල මුස්ලිම් සිරුරු භූමදානය වගේ දේවල් නිසා ජනකොටස් අතර ඇතිවන ආවේගය රැඩිකල්කරණයක් බවට පත් වෙන්න පුළුවන්. එවැනි ඉඩ ලබා නොදිය යුතුයි.

  • එවැනි කැපකිරීමක් කළ ඔබට මේ රටෙන් ලැබුණේ මොනවද?

මට මේ සිදුවීම වුණාට පසුව ඇතුළු කළේ මහනුවර රෝහලට. එහිදී විශේෂඥ වෛද්‍ය රංජිත් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විශාල වෙහෙසක් අරන් මගේ ජීවිතය බේරා ගත්තා. අද මේ අත්වාරුවෙන් හරි යන්න පුළුවන් මටට්ටමට ඇවිත් ඉන්නේ ඒ නිසයි. මේ අනතුර වුණාට පස්සේ සිංහල මිනිස්සු මට සෙත් පතා බෝධි පූජා තැබුවා. ආගමික වතාවත් කළා. ආධාර උපකාර කළා. ගමේ වගේම රටේ මුස්ලිම් ජනතාව දවසක් නිරාහාරව උපවාසයක් කරල ඉෆ්තාර් එකක් තියල මට ආශිර්වාද කළා. ඒවා මට ලොකු ශක්තියක්. නිවසක් හදා ගන්න ඉඩමක් ලැබුණා. නිවස සෑහෙන දුරට හදා ගන්න උදව් කළා.

අමතක වෙන චරිතයක් ඉන්නවා. ඒ දැන් අම්පාර පොලිසියේ වැඩකරන බන්දුල  මහත්තයා. එයා මහනුවර රෝහලේදී මගේ ආරක්ෂාවට හිටි කෙනෙක්. කතා කර ගන්න බැරිව සිටි මට කථන පුහුණුව ලබා දුන්නේ ඒ මහත්තයා. එයා නිසා මට ඉක්මනින් යලි කතා කර ගන්න පුළුවන් වුණා.

නමුත් කියන්න කණගාටුයි රජයෙන් ලැබෙන ආරක්ෂාව හැරෙන්න මට පසුගිය යහපාලන රජයෙන්වත් මේ රජයෙන්වත් කිසිම දෙයක් ලැබුණේ නෑ. ලැබෙන දෙයක් ලැබුණේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් පරිත්‍යාගශිලී රට ගැන හිතන ජනතාවගෙන්. ඒ ගැන සතුටුයි.

  • නමුත් ඔබ පසුගිය රජයට පක්ෂව ක්‍රියා කළ, ඒ රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයක් වගේම එජාපයේ සභාපති වුණු කබීර් හෂීම් ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්?

ඔව්. කබීර් හෂීම් ඇමතිතුමා මට පුළුවන් තරම් උදව් කළා. ඒත් ආණ්ඩුවෙන් උදව් ලැබුණේ නැත්තේ ඇයි කියල ඇමතිතුමාගෙන්ම තමයි අහන්න ඕන. රජයක් හැටියට ඔවුන්ට මට උදව් කරන්නවත් මම ලබාදුන්නු තොරතුරුවලින් හරි වැඩක් ගන්නවත් පුළුවන් වුනේ නෑ.

  • ඔබට දැන් සුපුරුදු සමාජ සේවයේ යම් පමණකින් හරි යෙදෙන්න පුළුවන්ද?

බැහැ. ඒක මා කිව යුකුම දෙයක්. මට අද විසි හතර පැයම ජීවත් වෙන්න සිදුවෙලා තිබෙන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. මට සිකුරාදා පල්ලියට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හැරෙන්නට වෙන  හැර කිසිම තැනකට යන්න බැහැ පොලිසියේ නිසි අවසරයක් නැතිව. ඒ සඳහා මට ආරක්ෂාව සපයන පොලිසියේ ස්ථානාධිපතිතුමාටත් තීරණයක් ගන්න බැහැ. ඒක මට ලොකු ප්‍රශ්නයක්. මේ නිසා මට දැන් සිදුවෙලා තිබෙන්නේ නිවාස අඩස්සියේ ඉන්න පුද්ගලයක් විදිහට ඉන්න. මේක මට ලොකු මානසික පීඩනයක්. මගේ ඥාතීන්ගේ මල ගෙදරකට මඟුල් ගෙදරකට එහෙම නැතිනම් වෙනත් පල්ලියක ආගමික උත්සවයකට වත් යන්න බෑ.

ඒ කෙසේ වෙතත් අපි මේ ඉන්න පළාතට සමහර දවස්වලට වතුර නැතිවෙනවා. මට ඇළට නාන්න යන්නවත් අවසරයක් නෑ. මම මේ වෙලාවේ මහජන ආරක්ෂාව භාර අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර ඇමතිතුමාගෙන් ඉල්ලන්නේ මට මේ සඳහා අවශ්‍ය පහසුකම සලසා දෙන්න කියල. ඒක මගේ මනසට ලොකු සහනයක් වේවි කියල මම හිතනවා.

  • ඔබ අද ගෙවන ජීවිතය එක්ක මොනවද බලාපොරොත්තු?

ඉස්සර මම විශාල වශයෙන් ජනතාවත් එක්ක එකතු වෙලා හැම ජනකොටසක් එක්කම බොහෝම ක්‍රියාශීලීව වැඩ කරපු කෙනෙක්. මගේම කියල කුඩා ගොවිපළක් කරගෙන ජීවත් වුණු කෙනෙක්. දැන් මම පරිත්‍යාගශීලිගෙන් ලැබුණු ඉඩමක හැදුණු නිවසක පදිංචි වෙලා දරුවො තුන්දෙනා සහ බිරිඳ සමඟ ජීවත් වෙනවා. උදේ පහට නැගිටිනවා. යාඥා කරනවා ඊට පස්සේ වයායාම කරනවා. එහෙම තමයි දවස ගෙවෙන්නේ.

නමුත් මගේ හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ නිවසේ තව වැඩ කටයුතු ටිකක් ඉතිරි වෙලා තියෙනවා. එය සම්පූර්ණ කර ගන්න එක. අනෙක මට ආදායමක් උපයනන් ව්‍යාපාරයක් පටන් ගන්න එක. මේ කටයුතු දෙකට රජයෙන් හෝ වෙනත් කවුරුන් හෝ සහය දෙනවා නම් එය මට කරන ලොකු උදව්වක් වෙනවා.

ගතින් ඔත්පළව සිටියද සිතින් කිසිදු ලෙසකින් ඔත්පළ නැති මේ තරුණයාට සුවය සහ ජවය පතමින් අපි ඔහුට සමු දුන්නෙමු

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කටානේ ජල සිහිනය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ඉටු කරයි

Next Post

සැමියා සතුන්ට ඇටවූ විදුලි උගුලේ පැටලී බිරිය මරුට

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.