බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුවසැරිය ගෙනාවාට සුදර්ශනී හර්ෂට තුති පුදයි – සුවසැරිය නැති නොකළාට හර්ෂ ආණ්ඩුවට තුති පුදයි

by Lanka Sara Editor
මාර්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අපේ රටට ඉතාම හොද සෞඛ්‍ය සේවයක් පැවතියද ගිලන් රථවලින් බොහෝවිට සිදුවූයේ රෝහල් අතර රෝගීන් ප්‍රවාහනය බැවින් විශාල අඩුපාඩුවක්ව තිබූ නිවසේ සිට රෝගීන් රෝහලකට කඩිනමින් ගෙනයාම, 1990 සුවසැරිය ගිලන්රථ සේවාව හරහා මගහරවා ගැනීමට හැකි වූ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

අමාත්‍යවරිය මේ බව සදහන් කලේ මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කල 1990 සුවසැරිය පළමු උපපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මොන රජය ආරම්භ කළත් හොද වැඩපිළිවෙල ආරක්ෂා කළ යුතු බවත් එබැවින් සුවසැරිය වැඩපිළිවෙල ව්‍යාප්ත කිරීමට ශක්තිමත් කිරීමට රජයක් හැටියට කැපවෙන බවත් සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය මේ සදහා ආධාර අනුබල දුන් ඉන්දියානු රජයටත්, අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය ජනතාවටත් සිය ස්තුතිය ප්‍රකාශ කළාය.

සුවසැරිය වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට මැදිහත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටද සිය ස්තූතිය මෙහිදී පලකළාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සුවසැරිය කාර්ය මණ්ඩලයේ රෝගී සත්කාරය, විශිෂ්ඨ කාර්ය භාර්ය කෙටිකාළයක් තුළ රෝගියා රෝහල් ගත කිරීමට, රෝගියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට මෙන්ම කොවිඩ් -19 මැඩලීමේ සටනේදී බය නැතිව එම රෝගීන් ප්‍රවාහන කිරීමට දැක්වූ දායකත්වය, සහයෝගය අගය කරන බවත් අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සදහන් කලාය.

මෙම අවස්ථාවට සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කර සිටියේ සුවසැරිය ව්‍යාපෘතිය තමන්ගේද ගෞරවයට පාත්‍රවූ රටේ බොහෝ ජීවිත ගණනාවක් බේරාගැනීමට හැකියාව ලැබුණු සුවිශේෂී ව්‍යාපෘතියක් බවයි.

ඉතාම කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් සිටින සියලුම ජනතාවගේ සිත්ගත් එමෙන්ම සමස්ථ ජනතාවටම සේවයක් ඉටුකෙරෙන මෙම ව්‍යාපෘතිය අනෙකුත් ආයතනවලටත් ආදර්ශයක් බව පෙන්වාදුන් අමාත්‍ය වීරසේකර මහතා සුවසැරිය වැඩපිළිවෙල පිළිබදව ජනතාව තුළ යහපත් විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි.

සුවසැරිය පළමු උපපොල විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කලේ වෛද්‍යවරියක් වන සුදර්ශිනී ඇමතිතුමිය දේශපාලනයට පිවිසියේ වෘත්තීයවේදිනියක් ලෙස බවත් එතුමිය තේරුම් අරගෙන තිබෙන කවුරු ආරම්භකලත් එය රටට හොද වැඩක් නම් ඉදිරියට රැගෙනයායුතු බව තේරුම්ගැනීම පිළිබදව සිය ගෞරවය ඇය වෙත පුදකරන බවයි.

රටවල් දියුණුවූයේ එවැනි සිතුම්පැතුම් සමග බවත් විදෙස් රටවල පවා වැඩපිළිවෙල ආරම්භ කලේ කවුද යන්න නොවිමසා හොද වැඩක් නම් එය ඉදිරියට රැගෙන යන බවත් සදහන් කල මන්ත්‍රීවරයා, සුවසැරිය ව්‍යාපෘතියට එරෙහිව විපක්ෂයක් රටතුළ දැන් නොපවතින බවත් වැඩපිළිවෙල තව තවත් දියුණු කිරීමට තමන් ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටින බවත් සදහන් කරන ලදි.

1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේවන විට ලක්ෂ 35කට වැඩි දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇති අතර දිනකට 5000කට අධික දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබේ. 780,000කට වඩා වැඩි ප්‍රමාණයකට සේවාව සපයා ඇති අතර දිනකට 1000කට වඩා වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට දායකවේ. 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය 1394ක් සිටින අතර ගිලන් රථ 297කින් යුක්තය. ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි සේවය සපයනු ලබන අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සුවසැරිය ගිලන් රථ සේවය ඩොලර් මිලියන 22ක ඉන්දියානු ආධාර මත ආරම්භ කළ ව්‍යාපෘතියක් වන මෙය ජනතාවට නොමිලේ සේවාව සපයනු ලබන අතර අදවන විට සම්පූර්ණයෙන්ම රජයේ මුදලින් නඩත්තු වන ආයතනයකි.

1990 සුවසැරිය ගිලන්රථ සේවයේ පළමු උපපොල මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති අතර එහි ගිලන්රථය නවතා තැබීමට ස්ථානයක්, කාර්ය මණ්ඩලයට විවේක ගැනීමට ස්ථානයක්, ඔක්සිජන් ඇතුළු වෛද්‍ය උපකරණ ගබඩා කිරීමට ස්ථානයක් ආදී කටයුතු සදහා ඉඩපහසුකම් සකස්කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, සුවසැරිය සභාපති දුමින්ද රත්නායක, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා ඇතුලු පිරිසක් සහභාගීවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඇඟිලි ගැසීම් නිසා රෝහල් රැසක පරිපාලනය අවුල්!

Next Post

කාල්ටන් එකට හොරු පනී

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.