දිනසේන රතුගමගේ –
යාපනය මනියතෝට්ටම් ප්රදේශයේදී මවක් සිය දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් 3 දා අත් අඩංගුවට ගෙන තිබේ.
එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමේ සිද්දියට සම්බන්ධ කාන්තාවගේ මස්සිනා කෙනෙකු හා කාන්තාව දරුවාට පහර දෙන අවස්ථාවේදී එය වීඩියෝ කළ පුද්ගලයාය.
ඔවුන් දෙදෙනා දරුවාට පහර දෙන ආකාරය වීඩියෝ කොට ඇත්තේ විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට ඒවා යවා මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
දැනට පොලීසිය විසින් සිදු කරණ ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාල පුද්ගලයින් දෙදෙනා එම වීඩියෝ දර්ශන විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට යවා ඇති බවයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලීසිය ප්රශ්න කරගෙන යන අතර ඔවුන් දෙදෙනාද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.