බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

by editor
පෙබරවාරි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • නුවරඑළිය තුරග තරග පිටිය සහ ග්‍රෙගරි වැව අලංකාරවත් ලෙස සංවර්ධනයට පියවර.

  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැවැන් සංවර්ධන සැලස්ම අප්‍රේල් 23 වනදා සිට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

නානුඔය නගරයේ සිට නුවරඑලිය නගරය දක්වා   කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සහ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය, මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර රැසක් ආවරණය කරමින් දැවැන්ත කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අප්‍රේල් මස 23 වන දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන බවත් එම ව්‍යාපෘති යටතට මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ඇතුළත් වන බවත් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන එනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි. පොළොව මට්ටමට ඉහළින් ගමන් කිරීමෙන් පරිසරයේ චමත්කාරය විඳ ගැනීමටත්, ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ විවිධ කෝණයන්ගෙන් වෙනස්වන ප්‍රදේශයන් නැරඹීමටත් අවස්ථාව උදාකර දීමේ අරමුණින් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කෙරේ.

බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවති නුවරඑළිය ඉදිරි නගර සංවර්ධන ව්‍යාපෘති සාකච්ඡාවේ දී මෙම තොරතුරු හෙළි විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විනි.

යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය, පූඩලුඔය, නානුඔය, ගිනිගත්හේන, වලපනේ, රිකිල්ලගස්කඩ, පුස්සැල්ලාව, කිතුල්ගල යන නගර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කිරීමට නියමිතය.

නුවරඑළිය සංවර්ධන සැලැස්ම

නුවරඑළිය නගරයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන කටයුතු පැරණි තුරග තරග (රේස් කෝස්) පිටිය මූලික කරගනිමින් ඇරඹීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

“නුවරඑළිය පැරණි තුරග තරග පිටිය ප්‍රතිසංවර්ධනය කිරීමේ පළමු අදියර” නමින් ක්‍රියාත්මක වන තුරග තරග පිටිය ව්‍යාපෘතියට නව අංග රැසක් එක්කර ඇති බව සංවර්ධන මෙහෙයුම් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක ප්‍රකාශ කරයි.

ඒ අනුව පවතින තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කර පාපන්දු පිටියක්, මලල ක්‍රීඩා පුහුණු පිටියක්, වොලිබෝල් පිටි 02 ක්, බාස්කට්බෝල් පිටි 02 ක්, ක්‍රිකට් පිටියක්, කේබල් කාර් ව්‍යාපෘතියක්, මංතීරුවක්, අශ්වරේස් මංතීරුවක් සහ සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක්, අවන්හල් ජාලයක් ඉදිරිකිරීමට නියමිතය.

මෙම සියළු ඉදිකිරීම් තුරග තරග පිටිය පිටත ඇති මංතීරුවලට ඇතුළත පිටියේ ඉදිකෙරේ. මෙයට අමතරව ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

තවද තුරග තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශයේ කාර් රේස් ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

තුරග තරග පිටියේ අශ්වයින් බලාගන්නා සහ ඒ අවට පදිංචිව සිටින පැල්පත්වාසීන් ඉවත් කර ඔවුන්ට එම පැල්පත් නිවාස වෙනුවට සුදුසු නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් යෝජිත සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් කර ඇත.

වලපනේ නගර සංවර්ධනය සඳහා ව්‍යාපෘති 04 ක් ද යෝජනා වී ඇත. යෝජිත තවත් ව්‍යාපෘතියක් වන පූඩලුඔය බස් නැවතුම්පොළ කොත්මලේ ප්‍රාදේශීය සභාව සතු ඉඩමක ඉදිකෙරේ.  රිකිල්ලගස්කඩ නගර සංවර්ධන සැලැසුම අනෙක් ව්‍යාපෘතියයි.  ගිනිගත්හේන නව නගර සංවර්ධන ව්‍යාපෘතිය ද මෙම සංවර්ධන සැලැස්මට අයත් වේ.

නාවලපිටිය – හැටන් මහා මාර්ගය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොටගල, නුවරඑළිය, කොත්මලේ ප්‍රාදේශීය සභා 04 සහ හැටන් – තලවකැලේ නගර සභාව, නුවරඑළිය මහ නගර සභාව මඟින් වෙන වෙනම සංවර්ධනය කරන ව්‍යාපෘති රැසක් ද මෙයට ඇතුළත්ව තිබේ. සියලු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සුරැකෙන පරිදි මෙම ව්‍යාපෘති සියල්ල සැලසුම් කර තිබේ.

සියලු සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන සැලැස්මක් සැකසීම මේ වන විටත් අරඹා ඇතැයි වාර්තා වේ.

නුවරඑළිය නගරය සංවර්ධනය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

Next Post

අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.