බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

වහාම මෙම වාර්තාව ජනගත කරන්න -  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

by editor
පෙබරවාරි 28, 2021 - Updated on මාර්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රාජපක්‍ෂ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ වාර්තාවක් නොවන බවත්, තමන්ටත් දූෂණ චෝදනා එල්ල වී ඇති එම වාර්තාව සඟවා තබාගෙන කැබිනට් තීන්දු ගනිමින් දූෂිතයන් නඩුවලින් නිදහස් කිරමින් කරගෙන යන මේ ක්‍රියාවලියේ අරුම පුදුම හැසිරීම අධිකරණ ක්‍රියාමාර්ගයකින් හෙළි දරවු කිරීමට සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ( 28)  බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

මේ ආණ්ඩුව බලයට පැමිණ ඉතා කෙටි කාලයකදී දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන්න ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කළා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය පත්කරනු ලැබූ එය 2020 ජනවාරි 09වැනිදා සිට 2020 නොවැම්බර් 26වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. එම කාලය ඇතුළත පැමිණිලි විශාල ප්‍රමාණයක් විභාගයට ලක්කොට පසුගිය දෙසැම්බර් 08වැනිදා කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දෙනවා. එම වාර්තාව බාරදීමෙන් අනතුරුවත් පිටු හතලිස් ගණනක් ඇතුළත් ඌණ පූර්ණ වාර්තාවක්ද ජනාධිපතිවරයාට බාරදී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කොමිසමේ අරුම පුදුම දේවල් සිදුවී තිබෙනවා. ඒවා අපි අධිකරණ ක්‍රියාවලියකදී හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉල්ලා අස්කරගත් නඩු

ජනවාරි 15වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. එම කැබිනට් පත්‍රිකාවේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් කොට තිබෙන ඝාතනයන් පිළිබඳ නඩු, පැහැර ගැනීම් පිළිබඳ නඩු, මූල්‍ය අපරාධ පිළිබඳ නඩු අධිකරණයෙන් ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයාට දැනුම් දීමයි. උදයංග වීරතුංගේ මිග් ප්‍රහාරක යානා නඩුව, උදය ගම්මන්පිලගේ මුදල් වංචා කිරීමේ නඩුව, බැසිල් රාජපක්‍ෂ තිරු නඩේෂන් මල්වානේ නිවස පිළිබඳ නඩුව, සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමට මුදල් සොයා ගැනීම පිළිබඳ යෝෂිත රාජපක්‍ෂ නඩුව, ඇමරිකාවේ තානාපති කාර්යාලයක් මිලට ගැනීමේ වංචාව පිළිබඳ ජාලිය වික්‍රමසූරිය නඩුව, විනිමය කොමිෂන් සභාව සතු මුදල් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදීම පිළිබඳ නාලක ගොඩහේවා නඩුව,   ජෝසප් පරරාජසිංහම් ඝාතනය පිළිබඳ පිල්ලෙයාන් නඩුව, රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතන නඩුව, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් ආදී මාධ්‍යවේදීන්ට පහර දීම් සහ පැහැර ගැනීම් පිළිබඳ නඩු, රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ නඩු, ඇවන්ගාඩ් නඩුව වැනි නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව නීතිපතිවරයාට දැනුම්දීමට කැබිනට් තීරණයක් ගන්නවා.

එමෙන්ම මා ඇතුළු 22දෙදෙනෙකුට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ලකොට ඒ පිළිබඳව විමර්ශනය කිරීමට තවත් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පසුගිය ජනවාරි 29වැනිදා පිහිටුවනවා. එම කොමිසමට මාසයක කාලයක් ගතවී තිබෙනවා.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

කොමිෂන් සභා වාර්තාව සඟවා තබලා

අපේ ප්‍රධාන තර්කය වන්නේ කොමිෂන් සභා වාර්තාව සඟවා තබා ගැනීම පිළිබඳවයි. මා අවස්ථා ගණනාවකදී කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉල්ලා තිබෙනවා. කථානායකවරයාට දැනුම්දී තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනවාරි මස 21වැනිදා ජනාධිපති කාර්යාලයෙන් වාර්තාවේ කොපියක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. පෙබරවාරි 08වැනිදා ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරී හරිගුප්ත රෝහණධීර මහතා විසින් වාර්තාව ලබාදිය නොහැකි බව මා හට දන්වා තිබෙනවා. අනතුරුව පෙබරවාරි 22වැනිදා අප විසින් අභියාචනයක්ද ඉදිරිපත් කොට තිබෙනවා. එමෙන්ම මාගේ නීතිඥ කණ්ඩායම ජනවාරි 29වැනිදා වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් මේ වනතෙක් ලැබී නැහැ. නැවත පෙබරවාරි 12වැනිදා නීතිඥ සුනිල් වටගල විසින්ද නැවත ඉල්ලීමක් කරනවා.

පාස්කු කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට ලබාදීමෙන් පසුව එයද සඟවා ගැනීමට උත්සාහ කළ අතර කාදිනල්තුමාගේ, අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහ මාධ්‍යවල බලපෑම මත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුවුණා. එම වාර්තාවේ වෙළුම්හයක් පමණ තිබෙන අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ පළමු වෙළුම පමණයි. පසුගිය ජනවාරි 31වැනිදා ලබාදුන් මෙම වාර්තාව පිළිබඳව මේ වනතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැහැ. නීතිපතිවරයාටත් එම වාර්තාව ලබාගත හැකිවූයේ විශාල පරිශ්‍රමයකින් පසුවයි.

පාස්කු කොමිසම් වාර්තාවට එවැනි තත්වයක් උදාවී තිබියදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සඟවා තබාගෙන කැබිනට් තීන්දු ගනිමින් දූෂිතයින් නඩුවලින් නිදහස් කරන්න කටයුතු කරනවා. අපට සාධාරණ අයිතියක් තිබෙනවා, මෙම කොමිෂන් සභා වාර්තාව ලබාගැනීමට. මෙම කොමිෂන් සභා වාර්තාව රාජපක්‍ෂ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ වාර්තාවක් නොවෙයි.

මෙම වාර්තාව මාද, වගඋත්තරකරුවෙකු කොට තිබෙන, වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙමින් තිබෙන මේ රටේ විශාල අපරාධ ප්‍රමාණයක් පැහැර ගැනීම්, ඝාතනය කිරීම්, මංකොල්ලකෑම් පිළිබඳ නඩු ඉවත්කර ගැනීම පිළිබඳව ඇතුළත් විශේෂ වාර්තාවක්.   මහජනයාගේ දේපොළ හොරකම් කළ දූෂිතයන්ගේ නඩු ඉවත් කරගැනීමට නිර්දේශ නිකුත් කරන වාර්තාව පිළිබඳ දැනගැනීමට මහජනයාට අයිතියක් නැද්ද? කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන්ට මෙන්ම අනෙකුත් මාධ්‍යවේදීන්ට අයිතියක් නැද්ද වාර්තාවේ තිබෙන්නේ මොනවාදැයි දැන ගැනීමට. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව ඔහුගේ බිරිඳට සහ දරුවන්ට අයිතියක් නැද්ද වාර්තාව පිළිබඳව දැනගැනීමට?

යට ගහන්න යන 2015 රාජපක්ෂ පාලනය බිඳ දැමූ අපරාධ

විශේෂයෙන් 2015 වර්ෂයේදී පැවති රාජපක්‍ෂ පාලනය බිඳවැටීමට හේතුපාදක වූ මෙම සුවිශේෂී කරුණු, ඒ පිළිබඳව ගොණුවූ අපරාධ නඩු, අල්ලස් හෝ දූෂණ නඩු, ඉවත් කර ගැනීමට නිර්දේශ ලබාදුන් ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳ ජනතාව කිසි දෙයක් දන්නේ නැහැ. එනිසා අපි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිතිවරයාට කියනවා, එම වාර්තාව හමස් පෙට්ටියක බහා සඟවා තබාගැනීමට ඔබට අයිතියක් නැහැ කියලා. මොකද මෙය අපේ රටේ ජනතාවගේ මහජන මුදල් හොරා කෑම පිළිබඳ නඩුවක්. මේ රටේ පුරවැසියන් ඝාතනය කිරීම පිළිබඳ, පහර දීම් පිළිබඳ, අතුරුදන් කිරීම පිළිබඳ නඩුවක්. ඒ නිසා තව දුරටත් මෙම වාර්තාව සඟවා තබා ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂට යුක්තිසහගත අයිතියක් නැහැ. එම වාර්තාවේ නිර්දේශ තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරවීමට ගෝඨාභය රාජපක්‍ෂට අයිතියක් නැහැ. ජනාධිපතිවරයා තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු රාජ ඔටුන්න හිමි කෙනෙකු නොවන බවත් මේ රටේ පුරවැසියන්ගේ ඡන්දයෙන් බලය පත්වූ පුද්ගලයෙකු බවත් මතක තබාගත යුතුයි.

අපට එල්ලවන බොරු චෝදනා සම්බන්ධයෙන් අපි බිය වන්නේ නැහැ. නමුත් අපිට යුක්තිසහගත අයිතියක් තිබෙනවා, එම චෝදනා පිළිබඳව දැනගැනීමට. ඒ වගේම අපිට මේ වාර්තාව පිළිබඳව කුතුහලයක් හා සැකයක් තිබෙනවා.

පොලීසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන විධිමත් ආයතනික ක්‍රියාවලියකට මුහුණ දීමට අපි සූදානම්. අපි අපරාධ කළ, මහජන දේපොළ කොල්ල කාපු පුද්ගලයන් නොවෙයි. එනිසා විධිමත් යාන්ත්‍රණයකට අප බියවන්නේ නැහැ. අපි මේ වෙන පුද්ගලයන් වගේ නඩුවලට බියේ සිංගප්පූරු පනින්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ.

ඔබ දන්නවා මේ ජනාධිපතිවරයා බලයට පැමිණ දැන් වසර එක හමාරක් වෙනවා. එක දවසක්වත් අසනීප වුණු බවක් අපි දන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණයට පෙර නඩුවලට බියේ හැමදාම අසනීප වෙනවා. ඒ වගේ අධිකරණයට කට්ටි පනින මිනිස්සු නෙවෙයි අපි. ගෝඨාභය රාජපක්‍ෂගේ සිතැඟි පරිදි අටවා ගන්නා ලද කැකිල්ලේ කොමිසම්වලට යටත් නොවෙන බව ගෝඨාභය ජනාධිපතිවරයා සිහි තබාගත යුතුයි. එනිසා අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ මෙම වාර්තාව ජනගත කරන ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කච්චතිව් මංගල්ලය චාම් දේව මෙහෙයකට සීමා වේ.

Next Post

රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.