බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

නින්ද දරුවාගේ අයිතිවාසිකමකි.

by editor
ජූනි 7, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

මනෝ උපදේශනයට යොමු කරන බොහෝ දරුවන්ගෙන් ප්‍රකට වන ලක්ෂණයක් නම් ඔවුන්ගේ නින්ද ක්‍රමවත් නොවූ බවයි. විශේෂයෙන් දරුවන් බොහෝ රෑබෝවන තුරු අවධියෙන් පසුවීම නිසා උදෑසනින් අවදිවීම අසීරු වී ඇති බවයි. රූපවාහිනිය නැරඹීම, පරිගණක ක්‍රීඩා ආදියට යොමුවී නින්දට යෑම පමා කරවන දරුවන් කෙරෙන් දැඩි වෙහෙසකර බව සහ නිතර කෝපවන ලක්ෂණය දකින්නට ලැබුණී. එසේම පාසැලෙන් ටියුෂන් පංතියෙන් ලැබෙන ගෙදර වැඩ ප්‍රමාණය අධික වීමෙන් නින්දට යෑමට පමාවන දරුවන්ද මේ තත්වයේම පසුවිය. මේ පිළිබඳව මව්පියන් සේම ගුරුවරුන්ද මනා අවධානයක් යොමු කළයුතු වෙයි.

දරුවකුගේ ජීවිතයේ කායික මානසික සහ ප්‍රජානන සංවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය වූ සාධකයකි නින්ද. බිළිඳු අවධියේ දවසින් වැඩි කොටසක් නිදා ගන්නා බිළිඳා වයසින් වැඩෙත්ම නිදාගන්නා ප්‍රමාණය අඩු කරයි. එහෙත් ළමා අවධියේදීද ඔහුට සැළකිය යුතු නින්දක් අත්‍යාවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් ළමා වයසේදී දරුවකුට එක දිගට පැය අටක නින්දක් අවශ්‍යය වෙයි.. අධ්‍යාපනය, ක්‍රීඩාව, වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලින් දිවා කාලයේ ක්‍රියාශීලී වන දරුවාගේ කායික මානසික විවේකයට මෙම නින්ද උපකාරී වෙයි. ශරීරයේ ගෙවී ගිය සෛළ නැවත අළුත්වැඩියා වීමටද නින්ද අවශ්‍ය වෙයි. ප්‍රමාණවත් තරමින් සුවදායි නින්දක් ලැබූ දරුවා එසේ නොලැබූ දරුවාට වඩා ප්‍රාණවත්ය, ප්‍රියමනාපය , ක්‍රියාවෙහි කඩිසරය. කඩින් කඩ නිදා ගැනීම හෝ බොහෝ රෑ බෝවී නිදා ගැනීම දරුවකුට නුසුදුය.

සමහර දරුවන් පාසැල් ගොස් පැමිණි පසු දහවල් ආහාරය ගෙන නින්දට යයි. ඉන්පසු සවස් වී අවදි වී මධ්‍යම රාත්‍රිය වන තෙක් රූපවාහිනී නැරඹීම, පරිගණක ක්‍රීඩා ආදියෙහි නිරතවන බැව් වැඩිහිටියෝ පවසති. මෙය එතරම් හොඳ දෙයක් නොවේ. එවිට ඔවුහු පසුදා උදෑසන අවදිවීමට මැළිකමක් දක්වති. ශරීරයට කෙඩෙත්තු ගතියක් ඇතිවෙයි. එවිට නුරුස්සනා හැඟීම් ඇතිවී මව්පියන් හා ගැටෙයි. මේ තත්වය ඇති නොවීමට මව්පියන් වග බලා ගත යුතු වෙයි. අඩුම තරමේ වයස අවුරුදු දහයට අඩු දරුවන් රාත්‍රී නවය වන විටවත් නින්දට යා යුතුය. දහවල් නිදා ගැනීමට ඉඩ හරින්නේ නම් පැයකට වඩා වේලාව දික් නොකළ යුතු වන අතර එම නින්ද අඳුර වැටෙන්නට ආසන්නයේ ලබා නොදිය යුතුය.

හොඳම දෙය නම් පාසැල ඇරී පැමිණ ඇඟපත සෝදා පිරිසිදු වී දිවා ආහාරය ගන්නට ඉඩදීමයි. ඉන්පසු පාසැලෙන් නිවසේදී කරන්නට ලබාදී ඇති ගෙදර වැඩ කරන්නට ඉඩදී ඒවා අවසන් වූ පසු ක්‍රීඩා කරන්නට ඉඩදීමය. අඳුර වැටුණ පසු ඉක්මනින් රාත්‍රී ආහාරය ලබාදී  වේලාසනින්  නින්දට යැවීම වඩා සුදුසු ක්‍රමයයි.. නමුත් සමහර මව්වරුන් ඔවුන් නරඹන රූපවාහිනී වැඩ සටහන් හමාර වූ පසු නිවසේ ඉවුම් පිහුම් කිරීම, දරුවන්ට රාත්‍රී ආහාර ලබාදීම සිදු කරන බව උපදේශනයේදී මා අත්දකින දෙයකි. එවිට දරුවන් නිදි කිරමින් මව්වරුන් වටා කරකැවෙමින් හෝ මව්වරුන් නරඹන ටෙලි නාට්‍ය නරඹමින් හෝ කාලය ගත කරයි. මෙයින් දෙයාකාරයක අයහපතක් දරුවාට සිදුවෙයි. එකක් ඔහුගේ නින්ද ප්‍රමාණවත් හා සුවදායක ලෙස නොලැබීමය. අනෙක් කාරණය දරුවන්ට කිසිදු ආකාරයේ ආදර්ශයක්, පෞරුෂ සහ ආකල්ප සංවර්ධනයක් සිදු නොකරන අවර ගණයේ කතා ඔහුගේ මනසට කාන්දු වීමය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එක්තරා විදුහලක ගුරු මහත්මියක් මා හා පැවසුවේ එම විද්‍යාලයේ හය හත ශ්‍රේණි වල දැරියන් පෙම් සබඳතා ඇතිකර ගැනීම නිසා බරපතළ ගැටලුවකට ගුරුවරුන් මුහුණ දී ඇති බවයි. එසේම මේ දරුවන් ලියන්නා වූ පෙම් හසුන් වල අඩංගු කාරණ කිසිසේත් තාත්වික නොවූ සිහින හෝ මායාවන් බවයි. එම ලියුම් වල අඩංගු බොහෝ වදන් ටෙලි නාට්‍ය වල අඩංගු දෙබස් බවද විදුහල්පතිතුමිය පැවසුවාය.

මේ පිළිබඳව සැලකිලිමත් වීම මව්පියන්ගේ දැඩි වගකීමකි. එසේම ටෙලි නාට්‍ය බලන්නට ඉඩ නොදෙන සමහර මව්පියෝ කාටූන් සහ වීඩියෝ ක්‍රීඩා වරදක් නැතැයි සිතති. එහෙත් වර්තමානයේ අප රටේ විකාශනය වන කාටූන් දරුවන්ගේ යහගුණ සංවර්ධනයට සදාචාර සංවර්ධනයට කිසිසේත්ම ගුණාත්මක දායකත්වයක් නොදෙන අතර සමහර කාටූන්වල භාෂා හැසිරවීම ඉතා පහත් මට්ටමක පවතී. මේවා පිළිබඳ වගකිවයුතු පුද්ගලයන් සැලකිලිමත් නොවන බැවින් තනි තනිව හෝ මව්පියන් තම දරුවන් මේවායින් රැක ගත යුතුව ඇත. මැරීම්, කෙටීම්, භයානක අවිආයුධ පරිහරණය කිරීම් අනෙකාට හිංසා පීඩා කිරීම්, වංචා කපටිකම් කිරීම්, රැවටීම, සුරාපානය, දුම් පානය මෙම කාටූන් වල බහුලය. අප බොහෝ වැර වෑයම් කර කැපවීම් කර හදාවඩා ගන්නා දරුවන් අපේ අනුමැතියෙන් නරඹන්නේ මේවා නම් අනාගතයේ ඔහු කෙරෙන් අපට දකින්නට ලැබෙන්නේ කවර අන්දමේ වැඩිහිටියෙක් දැයි ඔබ සිතා බලා තිබේද?

තම දරුවන් රූපවාහිනියෙන් ඈත්කරගැනීමට අවශ්‍ය වූ එක්තරා මවක් මගෙන් එයට පිළියමක් විමසූ අවස්ථාවේ මා ඇයට දුන් උපදෙස නම් “පළමුව  ඔබ රූපවාහිනියෙන් ඈත්වන්න“ යනුවෙනි. අප රූපවාහිනියට නිවසේ මුල්තැනක් දීම දරුවන් ඊට ග්‍රහණය වීමට හේතුවකි.

එසේම උදෑසන පාසැල් එනවිටත් සවස පාසැල ඇරී නිවසට යනවිටත් පාසැල් වෑන් රථය තුළ නිදා ගන්නා කුඩා දරුදැරියන් ඕනෑ තරම් දැකිය හැකිය. බොහෝ දුර බැහැර සිට පාසැල වෙත එන මේ දරුවන්ගෙන් සමහරක් වෑන් රථයට ගොඩ වන්නේ පාන්දර පහ පහමාරට පමණය. ඒ වේලාවට වෑන් රථයට ගොඩවීමට ඔවුන් හතරහමාරට පමණවත් අවදිවිය යුතුය. මේ දරුවන් නිවසට යන විට සවස හතර පමණ වෙයි. සිතා බලන්න මේ දරුවන්ගේ තත්වය කෙතරම් ශෝචනීයද යනවග. අඩුම තරමේ ප්‍රාථමික අධ්‍යාපනයවත් නිවස ආසන්නයේ පාසැලකින් දරුවකුට ලබාදීමට මව්පියන්ට හැකි නම් එය දරුවා වෙනුවෙන් කරන උපකාරයකි. මේ දරුවෝ අවශ්‍ය සුව නින්දක් නොලබති. බොහෝ පාසැල් වෑන්රථ කිසිදු පහසුකමක් නැති වෑන්රථයේ ඉඩ ප්‍රමාණයට වඩා දරුවන් පටවාගෙන යන අබලන් වාහන වේ. සමහර වෑන්රථ වල වාතාශ්‍රය අවමය. එබඳු රථවලදී පවා දරුවන් නිදාගන්නේ ඔවුන් වෙහෙසට පත්වීම හේතුවෙනි. ලැබී ඇති නින්ද ප්‍රමාණවත් නොවූ බැවිණි.

එබැවින් බුද්ධිමත් මවිපියෝ දරුවාගේ ජීවිතය සමබර පෞරුෂයකින් හෙබිවීම සදහා අධ්‍යාපනය , ක්‍රීඩාව සහ නින්ද පිළිබදව සමානව සැලකිළීමත් වෙති. විශේෂයෙන් කිසියම් ප්‍රමාණයකින් දරුවාගේ ජීවිතය සකස් කරති. සැලසුමකට අනුගත කරති. ඔහුගේ වැඩකටයුතු වලට කාල වේලාවක් වෙන්කරදී ඒ ඒ වේලාවන්ට ඒ ඒ ක්‍රියාකාරකමෙහි යොදවති. නින්දත් ඒ කාලසටහනේ එක් ප්‍රධාන වැදගත් කොටසක් බව දැන නිසි වේලාවට දරුවන් නින්දට යවති.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ්-19 ඡන්ද පෙරහුරුව මැකොසගේ ගමේ දැන් පැවැත්වෙයි

Next Post

රත්නජීවන් හූල්ගෙන් මව්බිම අයිති ටිරාන්ට අභියෝගයක්

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.