අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

රටේ ක්‍රිකට් ගොඩ ගන්න මිත්‍යාවේ ගොදුරක් නොවූ කොන්දක් සහිත ඇමතිවරයෙක් අවශ්‍යයයි...

by editor
ජනවාරි 20, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මහා ව්‍යාපාරයකි. ඒ ව්‍යාපාරයේ මුදල් යනු ඩොලර් කඳුය. නමුත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මුදල් ලැබෙන්නේ කණ්ඩායම ශක්තිමත්ව දක්ෂතා දැක්වුවහොත් පමණි. කාලයෙන් කාලයට එන එක එක පදයට පාද තබන ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් නන්නත්තාර කරති. දැන් අලුත්ම කාලකණ්ණි පදය බෝර්න් අගේන්ය.

‘බෝර්න් අගේන්’  නම් අලුත් ආගමක් වටා කල්ලි ගැසී ඇති ඇතැම් ක්‍රිකට් පරිපාලකයන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන්   ක්‍රීඩාව වලපල්ලට තල්ලු කරමින් සිටිති. ‘බෝර්න් අගේන්’ හී තේරුම අලුතෙන් ඉපදීමය. “අලුතෙන් ඉපදෙන්නට මැරන්නටම එපෑයෑ…“ යැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවකු මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ලංකාසරට පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක  , ක්‍රිකට් සභාපති   මෙන්ම ක්‍රිකට් මෙහෙයුම් නිළධාරී     ‘බෝර්න් අගේන්’  වැළඳගෙන ඇතැයි කියති.  දැන්   ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද මෙම ආගම් අන්තවාදය වැළඳගෙන මතු නොව එය ප්‍රචාරය කරන්නටත් පටන් ගෙන තිබේ.

සහරාන්ලාට වැඩිය දරුණුවට මෙම ආගම් ඇම්ම වැළඳී ඇති ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැන් එයින් තොර ලොවක් නැත. හිටපු පුහුණුකරු  මෙම ආගම වැළඳ ගනිමින් ක්‍රිකට් පුහුණුව වෙනුවට ආගම් අන්තවාදය පතුරුවා ක්‍රිකට් නැතිකර දැම්ම බව තතු දත්තෝ කියති. ක්‍රිකට් මෙහයුම් නිලධාරියා ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ කැප්ටන්ය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමණාකරු   ක්‍රීඩකයන්ට ‘බෝර්න් අගේන්’ ආගම වැළඳ ගැනීමට උල්පන්දම් දී ඇත. ඔහුද එම ආගම වැළඳ ගෙන තිබේ. ඔහු තෝරන ක්‍රීඩකයන්ට ඇති අතිරේක සුදුසුකම මෙම ආගම වැළඳ ගැනීමය. මේ සම්බන්ධව එළිපිට කතා නොකර මුනිවත කරකින්නෝ වෙති. ඒ මේ පුද්ගලයන් සතු බලයේ ප්‍රමාණය දත් නිසාය.

ටෙස්ට් තරග 40 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කළත් තවමත් එක් ශතකයක් හෝ ලබා නැති කුරුස කොටන කඩුලු රකින්නා තවදුරටත් කණ්ඩායමේ සිටින්නේ   ‘බෝර්න් අගේන්’ වැළඳ ගෙන ඇති නිසා බව කියැවේ. ඒ අනුව නම් මේ දහම මාර බලවත්ය.

පිටියට පැමිණි විට බොහෝ විට අසාර්ථක පිතිකරුවකු වන මෙම ක්‍රීඩකයා වැඩි හරියක් කරන්නේ උඩ බලන් කුරුස සියයක් පමණ ගැසීමය. ඇතැම් විදෙස් ක්‍රීඩකයන්ට මෙය හාස්‍ය උපදවන්නකි. ඔය කියන දෙයියන් මෙම ක්‍රීඩකයාට ලකුණු නොදුන්නාට හැමදාමත් කණ්ඩායමේ ස්ථානය දෙන බවනම් පෙනේ. මේ විහිළුව නවතා ගැනීමට ලෝක ධර්මතාව ගැන අවබෝධයක් ඇති    ක්‍රීඩා ඇමැතිවරයකුගේ මැදිහත් වීම අවශ්‍යය. ඔහුත් කටින් බතලකොළ හිටවන්නෙක් නම්  මෙරට ක්‍රිකට් තව නොබෝ දිනකින් වැළලී යනු ඇත.

එක දිගට බිංදු ගැසූ නිසා සමාජ හාස්‍යයට ලක්ව ඇති ක්‍රීඩකයෙක් මේ බෝන් අගෙන් කල්ලියේ සාමාජිකයෙකි. ඔහු ලොව අඩුම ඉනිම සංඛ්‍යාවකින් වැඩිම බන්දු සංඛ්‍යාවක් ලැබූ දෙවැන්නාය. පළමු වැන්නා වීමට ඔහුට තවත් අවස්ථාවක් තිබේ.  ඔහුත් “බෝන් අගෙන්“ කල්ලියේ සාමාජිකයෙක් යැයි තතු දත්තෝ කියති. බින්දු කීයක් ගැහුවත් ඔහු කණ්ඩායමෙන් ඉවත් වන්නේ නැත.

පන්දු රැකීමේ පුහුණුකරුවකු  ද ක්‍රිකට් පුහුණු කරුවෙක් හරහා සම්බන්ධ වී මේ අලුත් ආගම් අන්තවාදය වපුරන්නෙක් වී සිටී.

හිටපු සුපිරි වමත් පිතිකරුවකුද   ‘බෝර්න් අගේන්’ වැළඳගෙන තිබේ. ඔහු දක්ෂ කථිකයෙකි. එංගලන්තය වැනි රටවලද මහත් පිළිගැනීමක් ලබයි. නමුත් ඔහු මේ ආගමික අන්තවාදී විෂබීජයේ ගොදුරකි.

තමන් කැමති දහමක් ඇදහීම කැමති විශ්වාසයක් අනුගමනය කිරීම දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක් පිළිගන්නා අයිතියකි. ගැටලුව ඒ අයිතිය නොවේ. ඔවුන් රටේ බලාපොරොත්තුවලට ලන්සු තැබීමය. ක්‍රීඩාව ප්‍රගුණ කිරීම, ඒ වෙනුවෙන් කැප වීම, ඒ වෙනුවෙන් විනයක් හදා ගැනීමට වඩා ආගමික කල්ලියකට ආත්මය උකස් කර කණ්ඩායමේ ස්ථානය රැක ගැනීම පහසුය.    මේ ක්‍රීඩකයන් සහ පරිපාලකයන් සියලු දෙනා ගැන රටක් ලෙස විමසිය යුත්තේ එබැවිනි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක

Next Post

අද දිවුරන ජෝ බිඩෙන්ගෙන් ඇමෙරිකාවට “යූ ටර්න් “ එකක්

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.