අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

by editor
ජනවාරි 18, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  සහ එස් කේ කළුආරච්චි ගාල්ල

දකුණු වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදිසයකි. මෙරටට පැමිණෙන විදේශිය සංචාරකයින් දකුණු වෙරළ තීරයේ පහස විඳ දරාගැනිමට අමතක නොකරති.  කොරෝනා වසංගතය හේතුවෙන්  දෙස් විදෙස් සංචාරකයින් නොමැතිවිම නිසා දකුණු පළාතේ සුන්දර වෙරළ තීරයන් පාළුවට ගොස් ඇත.  මෙම තත්වය නිසා දකුණු වෙරළ තීරයේ  සංචාරක කර්මාන්තයේ නිරත  විශාල පිරිසකට රැකියා අහිමිවී ඇත. මේ අතර සංචාරක මගපෙන්වන්නන් මෙන්ම  සංචාරක ප්‍රවාහන සේවා සපයන අයද වෙති. 

මෙම තත්වය හමුවේ මොවුන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති අතර ගැටළු රැසකට මුහුණ දි සිටිති.  සංචාරක මගපෙන්වන්නන් ලෙස කටයුතු කළ ඇතැම් තරුණයින් තම දරුපවුලේ බඩවියත රැක ගැනීම සඳහා  මේ දිනවල බුවල්ලන්   ඇල්ලීමට යති. ඇතැම්හු ධීවර රස්සාවේ යෙදෙති.  රිටිපන්න ධිවර කර්මාන්තයේ නිරතව  සිටින පිරිසක් ද ඒ අතර වෙති. සමහරු  එදිනෙදා කුලීවැඩවල නිරතව සිටිති.

මනෝජ්

කොග්ගල මෝදරගොඩ පදිංචි පි.එච්. මනෝජ් අප සමග කීවේ මෙවැනි කතාවකි.

“මම සංචාරක මගපෙන්වන්නෙකු ලෙස රැකියාව කළා. කොරෝනා වසංගතය නිසා දැන් රැකියා  අහිමිවෙලා ඉන්නේ. පසුගිය දිනවල බුවල්ලන් 10ක් විතර ඇල්ලුවා. එක් බුවල්ලෙක් රුපියල් 750කට තමය  අලෙවි කළේ. සංචාරකයින්  හිටියා නම් බුවල්ලෙක් රුපියල් 1500ට 2000ට විතර අලෙවිකරන්න තිබුණා. 

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

අපි දැන්  කබලෙන්  ලිපට වැටිලා  ඉන්නෙ.  ඇතැමුන්  ධීවර රස්සාවෙත් යනවා. තවත් අය කුලී වැඩ වලට යනවා.  විදේශිය සංචාරකයින් නොමැති නිසා  අපිට විතරක් නෙවෙයි, ත්‍රිරෝද රථ රියදුරන්ට කුලී ගමනක් යන්න විදිහක් නැහැ. තැඹිලිගෙඩිය අලෙවි කළ පුද්ගලයාගේ සිට සෑම අයෙකුටම දැඩි පහරක් වැදිලා තියෙනවා. මාළු ටිකක් අල්ලාගෙන දරුපවුලේ බඩවියත රැක ගන්න දැඩි අරගලයක නිරතවෙලා ඉන්නවා.“ 

ප්‍රබෝධ

සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටි රැකියා අහිමි වූ කතළුව ප්‍රදේශයේ තරුණයින්ද  මේ දිනවල  බුවල්ලන්  ඇල්ලීම  හා විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතව සිටිති. ඉන් වැඩි පිරිසක් මිට පෙර සංචාරක කර්මාන්තයේ නිරතවුවන්ය. කතළුව කබලානේ පදිංචි පි ජි ප්‍රබෝධ (29) සංචාරක මගපෙන්වන්නෙත් වුදද දැන් බුවල්ලන් ඇල්ලීමේ පළපුරුදු කාරයෙකි.

 “ කොවිඩ් වසංගතයට පෙර මම සංචාරක මගපෙන්වන්නෙකු ලෙස තමයි කටයුතු කළේ. රැකියා අහිමිවීම නිසා  බුවල්ලන් විසිතුරු මසුන් පොකිරිස්සන් අල්ලන්න   මුහුදේ යනවා. මුහුදේ  යට කිමිදිලා තමයි බුවල්ලන් ඇල්ලීම කරන්නේ. බුවල්ලන් ඇල්ලිම  ලේසි පහසුකාරියක් නොවේ. සල්ලි ඕන නිසා යට යනවා. ජිවිතය ඕන නිසා නැවත  උඩවෙනවා. ඒ වගේ  දුෂ්කර රැකියාවක් තමයි කරන්නේ. විදේශීය සංචාරකයින් නැති නිසා බුවල්ලන් පොකිරිස්සන්  විකිණීමත් ගැටලුවක් වෙලා. දහසකුත් වු බාධක මැද තමයි මෙම රැකියාව කරගෙන යන්නේ…“  යැයි  ප්‍රබෝධ  කීවේය.

පි.ජි ලසන්ත  (32)  තම දරුපවුලේ බඩවියත රැක ගන්නේ මුහුදු රස්සාව කිරීමෙනි. බුවල්ලන් අල්ලන කාලයට ඔහු බුවල්ලන් හා විසිතුරු මසුන් අල්ලියි. ඔහු දක්ෂ කිමිදුම්කරුවෙකි. සංචාරකයන් නොමැති නිසා මේ මිනිසුන්ගේ ආදයම ද අනතුරකය.

ලසන්ත

“මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.  මුහුදේ කිමිදීමට ලයිසන් එක්ක ගන්න ඕන. දැනට වසර 15ක පමණ සිට මහමුහුදු සමග තමයි  ඔට්ටුවෙන්නේ. සිසන් කාලයට බුවල්ලන් අල්ලනවා. අපිට මේ රක්ෂාව නිදහසේ කරගෙන යන්න බැරිවෙලා තියෙනවා. රාත්‍රියට මුහුදේ කිමිදෙන්න අවසර නැහැ. පොකිරිස්සෝ  විසිතුරු මසුන්  බුවල්ලන් අල්ලනවා. විදේශිකයින් නැති නිසා මේ මසුන් වැඩිමිලට විකුණන්න බැහැ. අපේ  ආදායම පහත වැටිලා. අපි අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. දරුපවුල නඩත්තු කිරිම සදහා දැඩි සටනක් කිරිමට සිදුවෙලා තියෙනවා.“ යැයි ලසන්ත කීවේය.

උණවටුණ සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමයේ කැඳවුම්කරු නිතිඥ රූපසේන කොස්වත්ත මෙසේ කීවේය.

රූපසේන කොස්වත්ත

“ රජය මගින් සංචාරක කර්මාන්තයේ නිරත වුවන් සඳහා ලබාදුන්  සහන පැකේජය උණවටුණ ප්‍රදේශයේ  සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍යම පරිමාණ  ව්‍යවසායකයන්ට ලබා ගැනීමට  නොහැකිවී තියෙනවා… එයට ප්‍රධාන  වශයෙන් හේතුවී ඇත්තේ  සංචාරක සංවර්ධන අධිකාරියේ නියාමනයට අනුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්  අවිධිමත් සංචාරක ව්‍යාපාරයේ යෙදෙනන් ලෙස  හෝ සංචාරක සංවර්ධන අධිකාරියේ  අනුමැතිය නොලත් සංචාරක ව්‍යාපාර බවට හදුන්වා දීම   නිසා…  උණවටුණ  සංචාරක කලාපයේ  පාරිම්පාරික ගම්වාසින්  සිය නිවෙස් සංචාරක කර්මාන්තය සඳහා යොදාගෙන  සංචාරක ව්‍යාපාරයේ යෙදීම හේතුවෙන්  ඉන් සියයට 90ක පමණ ප්‍රතිශතයක්  සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබානොගෙන සංචාරක ව්‍යාපාරයේ  නියලෙමින් සිටිනවා.

ණය මුදල් ගෙවීම ප්‍රමාද කිරිමේ යෝජනාවලිය යටතේ ලබා දී ඇති සහනය අනුව ණය මුදල් ගෙවිම පමා වුවද එකී ණය  මුදල් ගෙවිමේ පමා කාලය සදහා  මුල්‍ය ආයතන විසින් අයකරනු ලබන පොලිය අදාල කාලයට පවතින පොළි ප්‍රතිශතයයි. එම පොළිය අදාල ණය  මුදලේ ප්‍රධාන ණය මුදලට එකතු වෙනවා.  මෙම තත්වය නිසා ඔවුන් විසින් ගෙවිය යුතු ණය මුදල පමා කාලයෙන් පසුවද   විශාල වීමක්  දක්නට   තියෙනවා. ණය පමා කාලයේ දි ගෙවිය යුතු පොලී ප්‍රතිශතය පවතින පොලී ප්‍රතිශතයක් ලෙස ගණනය නොකර සහන පොලී ප්‍රතිශතයක් ලෙස ව්‍යවසායකයින්ගෙන් අයකරණ ලෙස මුල්‍ය ආයතවලට උපදෙස් ලබාදෙන දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා…“   

මිනිසුන් සිටින්නේ ණයකින් හෝ ප්‍රදානයකින් ගොඩ යා හැකි මට්ටමක නොවේ. සම්ප්‍රදායික ආදායම් උපදවන අවස්ථා ගිලිහෙමින් ඇත. විසඳුම් නිර්මාණශීලීව සොයා ගැනීමේ අභියෝගය රට හමුවේ තිබේ. 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

Next Post

මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.