අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අවසරයකින් තොරව විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම හේතුවෙනි.
අද පස්වරුවේ එහි පැවැත්වූ විරෝධතාවයේදී මෙම අවසර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතා කර ඇත.
කුරුදුවත්ත පොලිසිය විසින් මෙම පියවර ගෙන තිබුණි.







