බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතින් ජීවත් වෙමු…

by editor
ජනවාරි 2, 2021
in පුවත්, විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන 
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා  –  

 උපදේශන අත්දැකීම් අළලා සකස්වන විශේෂ ලිපි මාලාව 02

ජීවිතයේදී වෘත්තීමය වශයෙන් සතුටුවීම යනු ආත්ම තෘප්තියේ උපරිම අවස්ථාවකි. උපදේශනයක අර්ථවත් බව තේරුම් යන්නේ උපදේශනය හමාර වී කාලය ගෙවෙමින් යද්දීය.

ප්‍රේමය බිඳී යෑමෙන් දැඩි වේදනාවට පත්වන බොහෝ තරුණ තරුණියන් එම වේදනාව ආකාර දෙකකින් ඉන් නිදහස් කිරීමට සිතති.

එකක් පළිගැනීමය

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනෙක සියදිවි නසා ගැනීමය

මේ දෙකම අර්ථ විරහිතය.

වරක් මම ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැඩමුළුවක් කළෙමි. තේමාව සතුටින් ජීවත්වන අකාරය ය.

රැකියාව, පවුල, ආදරය, ආධ්‍යාත්මික ජීවිතය ආදී ක්ෂේත්‍ර ඔස්සේ වැඩමුළුව කර හමාර කළ පසුව වැඩමුළුව පිළිබඳ ඔවුන්ගේ අදහස් ලියා එවන මෙන් ඉල්ලා සිටියෙමි.

සියගණනක් වූ අදහස් අතර එක් තරුණයෙක් මට මෙසේ ලියා එව්වේය

” මැඩම් ඔබතුමී අද මෙහෙ ආවේ මගෙ වෙලාවට. ඔබතුමී නොඑන්න මං අනිවාර්යයෙන් මිනීමරුවෙක් වෙන්න තිබුණා. ඒත් මං දැන් දන්නව මං ආදරේ කරලා නෑ. ඒ නිසයි මං පළිගන්න හිතුවෙ. මං ඒ අදහස අත හැරියා”

අපගේ සිත තුළ විරහව, වෙන්වීම, අහිමිවීම නිසා ඇතිවන චිත්තවේග සමනය කරගන්නට ගන්නා පියවර සමහර විට හානිකර වන්නේ අනෙකාට නොවේ… අපටමය.

ඒ මොහොතේ ලබන නිසි උපදෙස නිසා සුවපත් වන්නේ වේදනා විඳින්නා පමණක් නොවේ.

අද මා ඔබට කියන කතාව එවන් එකකි

ඒ කතාව මෙසේය

සේවායතනයේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී මා හමුවීමට සේවාලාභියකු පැමිණ ඇතැයි පණිවුඩයක් ලැබුණි.

රැස්වීමේ අත්‍යාවශ්‍ය කරුණු සාකච්ඡාවෙන් පසු  පිටත පැමිණි පසු මා දුටුවේ ඡායා ( සැබෑ නම නොවේ) අමුත්තන්ගේ කොටසේ අසුන්ගෙන සිටිනා බවයි. ඉතාම නොසන්සුන් ව්‍යාකූල බවක් ඇය කෙරෙන් විද්‍යාමාන විය.

” ඡායා,  හදිසියක්ද පුතා. සති දෙකකින් නේද එන්න තියෙන්නෙ? ”

” ඔව් මැඩම්, අනේ අද මට මැඩම් එක්ක කතා කරන්නම ඕන. මට හරි අමාරුයි. පිස්සු වගේ, කියන්නත් කවුරුත් නෑ. මට  මැරෙන්නම ඕන වෙලා ආවේ. මෙතනින් පාස් වෙනකොට මැඩම් ඉන්නව නම් කතා කරන්න ඕන කියා හිතුනා ”

” කොච්චර හොඳද එහෙම හිතුන එක. අපි කතා කරමු. පොඩ්ඩක් ඉන්න ඡායා දැඩි ඉච්ඡාභංගත්වයට හා අනාරක්ෂිත හුදකලාවකට පත්ව ඇති බව ඇගේ ඉරියව්, පෙනුම සහ කතාවෙන් පෙන්නුම් කළාය.

මේ අවස්ථාවේ ඇයට කතා කිරීම සඳහා උපදේශන කාමරය තුළට මා සමග  මගේ කණිෂ්ඨ උපදේශකවරුන් දෙපළක්ද කැඳවාගෙන ගියෙමි.

තරුණ උපදේශකවරුන් දෙදෙනාගෙන් මා වඩාත් බලාපොරොත්තු වූයේ සේවාලාභියාට ඒ මොහොතේ දැඩිව දැනෙමින් තිබූ අනාරක්ෂිතබව අඩුකිරීමට මානසික සහයක් දීමටය. වචනයෙන් නොව හැඟීම් වලින්ද ඇය තනිවී නැතිබව පෙන්වීම මගින් ඇය සිටි පීඩාව මදක් සැහැල්ලු කිරීමටය.  අප සැවොම ඇයට උපකාර කරන්නට ඇගේ දුක බෙදාගන්නට සහ ඇයට විසඳුමක් කරා යන්නට ඇය සමග සිටින  බව හඟවා සිටියෙමු.

ඇය පැවසුවේ මෙබන්ඳකි.

” මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඊයේ දවල් මගේ හොඳම යාලුවගෙ අතින් අල්ලන් ඇවිත් මට කිව්වා එයා මගේ හොඳම යාලුවට ආදරේ කරනව කියලා. යාලුවත් ඒකට කැමතියි කියලා. මට ඊර්ෂ්‍යා නොකර පාඩුවෙ ඉන්න කියලා. එයාගෙ පස්සෙන් එන්න එපා කියලා. අද අපේ එග්සෑම් පටන් ගන්නවා. අද දෙකට මට පේපර් එකක් තියනව ලියන්න. ඊයේ ඉඳන් මට මේක දරාගන්න බෑ. ගෙදර අඬන්නත් බෑ. අම්මයි තාත්තයි දකියි කියලා. මට තව ඉන්න ඕන නෑ. මම මැරෙන්නම හිතාගෙන ආවෙ. මෙතනින් බස් එකෙන් බැහැල ඇවිත් මිස්ව හම්බවෙලාම යනව කියලා ආවේ ”

චායාගේ වර්තමාන කතාව එය විය.

ඇය මෙයට පෙර මාවෙත පැමිණියේද මේ ප්‍රශ්නයේම වෙනත් මුහුණුවරක් අරගෙනය.

එදා ඇයගේ කතාව මෙසේ විය

පවුලේ එකම දරුවා වූ ඡායා පෞද්ගලික සරසවියක ඉගෙනුම ලැබුවාය. ඇයගේ මිතුරු කණ්ඩායමේ දක්ෂම තැනැත්තිය වූයේ ඇයයි. ඒ නිසා සියල්ලෝ ඇයගේ සටහන් පරිශීලනය කරන්නත් විෂය ගැටලු ඇයගෙන් අසා ගන්නටත් කටයුතු කළහ. එම කණ්ඩායමේ සිටි විශ්ව හා ඇය පෙමින් බැඳුනි. විශ්වට සටහන් ලියා දීම පැවරුම් ලියාදීම පාඩම් කියාදීමට ඇයට සිදුවිය. විටෙක ඇයගේ කටයුතු අතපසු කරමින් ඇය ඔවුන් වෙනුවෙන් වෙහෙසුණාය.  සමහරු මෙය ඇය අනිවාර්යයෙන් කළයුතු දෙයක් සේ සලකා පොඩි අතපසුවීමකදී පවා ඇයට දොස් පැවරුවේය.

ඇය ඒ සියල්ල ඉවසුවේ ආදරයත් විශ්වත් නිසාය. මේ අතර ඇගේ කණ්ඩායමට තවත් තරුණියක් එකතුවිය. ඇය චායා  සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් පාසැලේ සිටි ඇයගේ හොඳම මිතුරියක් වූවාය. ඉතා රූමත් සමාජශීලී ස්වභාවයක් ඇයට විය.

ඒ අතර චායාට ගෙදරින් විවාහය සඳහා තෝරා දුන් තරුණ ඉංජිනේරුවෙක් විය. යහපත් ගති පැවතුම් තිබුණද ඡායා ඔහුට කැමති නොවූයේ ඇය කැමති වූ පෙනුම ඔහුට නොතිබූ බැවිණි. විශ්වගේ පෙනුම ඇයගේ සිතේ ඇඳි රුවට කදිමට ගැලපුනේය. එහෙත් දුරබැහැරක වැඩ කරන තරුණ ඉංජිනේරුවා ඇගේ සිත දිනාගැනීමේ වෑයම  අත නොහැරියේය. ඒ සඳහා චායාගේ මව්පිය ආශිර්වාදය නිරතුරුම තිබුණි. එහෙත් ඡායා ඔහුට රිදෙන අයුරින්ම කටයුතු කළාය. තරුණ ඉංජිනේරුවා හිත රිදවාගෙන නිසොල්මනේ සිටියේය.

මේ අතර තුර චායාගේ පැරණි පාසල් මිතුරිය චායාගේ කණ්ඩායමට එකතු විය.

දින සති ගණන් ගෙවෙද්දී විශ්වගේ වෙනසක් ඇයට දැනුනි.

චායාගේ මිතුරිය ද දක්ෂ තරුණියක වූවාය. කණ්ඩායමේ අය ඇය වටා රොක්වෙමින් ඡායා නොතකා හරින ලදී. ඡායා ඉවසා සිටියත් විශ්වද ඇගේ සමාගමට නතු වෙමින් තමාගෙන් ඈත්වන බව දැන පීඩාවට පත් වූවාය. ඇය සමග කළ ආදරණීය කතාබහ ක්‍රමයෙන් අඩු විය. අමනාප දිගුවිය.

 

ඒ අවස්ථාවේ චායා අප ආයතනයට පැමිණ උපදේශකවරියක් හමු වූවාය. ඇය විසින් චායා මා වෙත යොමු කළාය.

ඒ වතාවේ අධ්‍යන නිවාඩුවට සතියක් තිබූ බැවින් ඒ සතිය සරසවියේ ගත කළ යුතු ආකාරය ඇයට උපදෙස් දුනිමි. දේශන වලදී හැර අනෙක් වේලාවන්හි පුස්තකාලය පරිහරණය කිරීමට ඇය කැමති විය. කණ්ඩායමේ අය කතා නොකළහොත් බලෙන් කතාවට නොයන ලෙස හා ඔවුන් කෙරෙහි ද්වේශයක් නැතුව සිටින අයුරු පෙන්වා දුනිමි.

අද මෙහි  පැමිණෙන්නට හේතු වූ මේ සිදුවීම සිදුවී ඇත්තේ විභාගයට කලින් දින සරසවි පුස්තකාලය වෙත ගිය විටය.

ඇය බොහෝ හඬමින් අතරින් පතර කතා කළාය. ඊයේ උදෑසනින් පසු ඇය ආහාර ගෙන නැත.

පළමුව මම ඇයට සැන්ඩ්විච් එකක් සහ තේ එකක් ලබා දුනිමි.  ඇය ඉතා අසීරුවෙන් ආහාර ලබා ගත්තාය.

ඉන්පසු ඇයව හවස විභාගය සඳහා සූදානම් කිරීම අවැසි විය. දැන් වේලාව දහවල් එකොළහ විය.

ඇයට විභාගයට අවශ්‍ය මානසික සන්සුන්භාවය ඉක්මනින් ලැබීම අත්‍යාවශ්‍ය විය. එමනිසා විශේෂඥ මනෝවෛද්‍ය තුමන් වෙත උපදේශකවරියක් සහ කණිටු උපදේශකවරුන් සමග යැවීමි.

ඖෂධ ලබා දී අප ආයතනය තුළ තබා ගනිමින් හැකි උපරිමයෙන් විභාගය කරන්නටත් ලැබෙන ප්‍රථිපලය සතුටින් බාරගන්නටත් ඇගේ මනස සූදානම් කළමි.

ඒ අතරතුර ඇගේ මව්පියන් ගැන, ඔවුන්ගේ ඇය සම්බන්ධව ඇති ප්‍රාර්ථනා ගැන කතා කළෙමි. ඔවුනට කිසිවක්ම නොකර චපල ආදරයක් වෙනුවෙන් ජීවිතය අතහැර දැමීමේ වැදගත්කමක් ඇත්දැයි කතා කළෙමි.

නිසි වේලාවට ඇයව විභාග ශාලාව වෙත යවා විභාගය අවසන් වූ පසු නැවත ආයතනයට ගෙන්වා ගෙන සවස අපගේ උපදේශකවරුන්   සමග නිවසට යැව්වෙමි.

එසේ ඇය මග යන අතර තුර ඇගේ මව්පියන් මාවිසින් දැනුවත් කර ඇය සමග ගණුදෙනු කළයුතු අයුරු පහදා දුනිමි. දින තුනකින් ඇයත් කැටුව වෛද්‍යතුමන් හමුවිය යුතු බව දන්වා සිටියෙමි. මේ කිසිවක් ඇයට නොඅඟවා සිටිය යුතු බවද දැනුවත් කළෙමි.

විභාගය අවසන් වන තෙක් ඇය සමග දිගටම සම්බන්ධව සිටියෙමි. තුන්වන දිනයේ ඇය මව්පියන් සමග පැමිණ වෛද්‍යතුමන් හමුවී ඖෂධ ලබාගත්තාය. මව්පියන් ඔවුන්ගේ දරුවා රැකදීම වෙනුවෙන් හඬාවැටෙමින් ස්තූතියි කීහ.

ඇය සාමාන්‍ය තත්වයට පැමිණියාය. විභාග ප්‍රතිඵල පැමිණිවිට ඇය කලබල වූදා තිබූ විෂයට බී සමාර්ථයක් සහ අනෙක්වා ඒ සමාර්ථ  ලැබ තිබුණි. අය විශ්ව අමතක කර අධ්‍යාපනය කෙරේ යොමු වූවාය. ඒ අතරතුර විශ්වගේ මිතුරෝ ඇය විශ්වගේ පස්සෙන් යනවා කියමින් කළ අපහාසද ඇය දරා ගත්තාය.

අවසන් ප්‍රතිඵල ඉතා උසස් ලෙස ලබා ඇය අද කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි. හිතේ තිබූ ප්‍රේම විරහව  යටපත් කර මව්පියන්ගේ කැමැත්තට ඉඩදී ඇය ඉන්ජිනේරුවාගේ මනාලිය වූවාය. අතිශයින්ම ප්‍රීතිමත් ජීවිතයක හිමිකාරිය වී ඇය අද වෙසෙන්නීය.

මම ඔබෙන් පැනයක් විමසමි

එදා ඇය ජීවිතය නැතිකර ගත්තා නම් අද වනවිට තත්වය කුමක්ද?. වඩා හොඳ දේ ලබන්නට ජීවත්වීම වැදගත් නොවේද?. නොවටිනා මිනිසුන් වෙනුවෙන් ජීවිතය නැතිකර නොගෙන ජීවත්වීම නිසා ඇයත් ඇය වටා සිටින අයත් අද කෙතරම් සතුටක් විඳිනවාද?

ජීවිතය සුන්දරයි. ඒ සුන්දරත්වය දකින්න නම්. ජීවත් විය යුතුමයි !

ඉතින් ජීවත්වෙමු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාවනැල්ල ගරිකොරියේ පුපුරන ද්‍රව්‍ය අබිරහස විසඳෙයි

Next Post

අත්හැර දමා ගිය තවත් කොවිඩි සිරුරක් රජයේ වියදිමින් ආදාහනය කෙරේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.