ඉන්දියාව පුරා ශීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුව ආරම්භ කිරීම සඳහා ක්‍රීඩකයන්ව එකතු කරගැනීමේ ගැටලුවකට ඉන්දියානු ක්‍රිකට් ආයතනය මුහුණ දී සිටියි. ඒ අනුව යළිත් ඉන්දියානු කණ්ඩායම එකට සිට පුහුණුව අරඹන්නේ කවදාද යන්න සැක සහිත බව ඉන්දියානු ක්‍රිකට් භාණ්ඩාගාරික අරුන් ධුමාල් පවසයි.
“ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීම සම්බන්ධව අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. නමුත් ඒක කවදා සිදුවේවිද කියලා කියන්න බැහැ. සෑම ක්‍රීඩකයෙක්ම පැමිණෙන්නේ විවිධ ප්‍රාන්තවල ඉදලා. සමස්ත කණ්ඩායම එකතුකර ගැනීමට ආරක්ෂිත වාතාවරණයක් එනකන් ඉන්න වෙනවා. කොහොමත් ක්‍රීඩකයන් කොතරම් ඉක්මනින් එකතුකර ගැනීමට හැකිවේදැයි කීම දුෂ්කරයි.” යනුවෙන් ධුමාල් පවසයි.
ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි සහ උපනායක රෝහිත් ෂර්මා මුම්බායි හී ජීවත් වුවද අනෙක් ක්‍රීඩකයන් විවිධ පළාත්වල ජීවත් වෙන බව ධුමාල් පවසයි. ආරක්ෂිත ස්ථානයක යළිත් පුහුණුව ආරම්භ කිරීම වෙනුවෙන් සියලුම උත්සහ දරන බව ඉන්දියානු ක්‍රිකට් භාණ්ඩාරිකවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1871 ක් ඊයේ දිනයේදී සොයා ගත් අතර ඔවුන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 204 ක් වශයෙන් සටහන් වේ. මේ වන විට ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1,98,706 ක් වශයෙන් සටහන් වේ. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් බොහොමයක් කොරෝනා රෝගයෙන් පීඩාවට පත් ජනතාවට පසුගිය කාලයේදී උදව් උපකාර කරන අයුරු ඉන්දියානු මාධ්‍යවල සඳහන් කර තිබුණි.