නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
ඒ මඩකලපුවේ ප්‍රදේශ කීපයක සිදුවු මනුෂ්‍ය ඝාතන පහක් සම්බන්ධව පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී ය.
2008 වසරේ සිදුවූ බව කියන එම මනුෂ්‍ය ඝාතන හා සම්බන්ධ විමර්ශන ප්‍රගතිය පසුගිය 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දැක්වීම සිදුකරනු ලැබුවේය.
මෙම කරුණු දැක්වීම කර තිබුණේ 2008 වසරේ ජනවාරි 09 දා මුරුගන් කෝවිල අසල ක්‍රිඩා භූමියේ දී පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2008 මැයි මස 22 දා කාත්තන්කුඩි ප්‍රධාන වීදියේ දී පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම සහ වව්නතිව් පොලිස් වසමේ කොතාන්තියපල ප්‍රදේශයේ පදිංචිව සිටි අලගතුරෙයි ධර්මලිංගම් යන අය නාඳුනන අවිගත් පිරිසක් පුද්ගලයෙක් ඝාතනය කිරීම යන සිද්ධීන්ට අදාලවය.
මෙහිදී මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාල නඩුව ඊලඟ අවස්ථාවේ කැඳවන විට ඝාතන සිද්ධිවල තුන්වන සැකකරු ලෙස නම් කර සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසය.
ඒ අනුව අද ඔහු පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිනි. ඒ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ය.







