රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වධ හිංසනයට ලක් කිරීම පිළිබඳව ඔහුගේ ඥාතීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් අද (16) දිනයේත් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
මීට පෙර අවස්ථාවක ද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනුණි. එමෙන්ම මින් පෙර මේ සම්බන්ධව සුරේෂ් සලේ ගෙන්ද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
සලේ රඳවා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් කාලයක් තිස්සේ රැඳවියන් රඳවා තැබූ සාමාන්‍ය සිරමැදිරියකය. පොදුවේ සිදුවන සේ මෙම සිර මැදිරියේ ද වාතාශ්‍රය මදකම ඇතුළු මූලික අඩුපාඩු ප්‍රමාණයක් එම කොමිසම විසින් නිරීක්ෂණය කර තිබේ.
මේ වනවිට රෝහල්ගත කර ඇති සලේ ගේ වෛද්‍ය පහසුකම් සම්බන්ධව ද අවධානය යොමු කර ඇති බව එම කොමිෂන් සභාව පැවසුවේය.
ඊයේ සෞඛ්‍ය අමාත්‍ය නිලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ විශේෂඥ වෛද්‍ය නිරීක්ෂණ මත ජාතික රෝහල තුළ දී රෝගියෙක් වෙත ලබා දෙන ලබා දෙන වගකීම් සහගත සෞඛ්‍ය සත්කාර මෙම සැකකරු විෂයෙහි ද ලබා දෙමින් ඇති බවය.






