සූරියවැව – නුවන් ජයසේකර –
හුංගම පොලිස් වසමේ හාතාගල ග්‍රාම නිලධාරි වසමට අයත් කලමැටිය මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ සිසුන් තිදෙනාගේම සිරුරු අද (31) පෙරවරුවේ සොයාගෙන තිබේ.
මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුංගම, තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි, හුංගම විජයබා ජාතික පාසලේ 12 සහ 13 වසරවල ඉගෙනුම ලැබූ 17 සහ 18 වයස්වල පසුවන සිසුන් තිදෙනෙකි.
ඔවුන් ඊයේ (30) සවස කලමැටිය මුහුදු තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇත.
අනතුරෙන් මියගිය සිසුන් දෙදෙනෙකුගේ සිරුරු මුලින් සොයා ගැනුණි. අනතුරුව ප්‍රදේශවාසීන් හා පොලිසිය සිදුකළ දුෂ්කර මෙහෙයුමකින් පසු අතුරුදහන්ව සිටි අනෙක් සිසුවාගේ සිරුර ද සොයා ගත් බව පොලිසිය පැවසීය. හුංගම පොලිසිය වැඩුදුර විමර්ශන කරනු ලබයි.







