වහල මත සූර්ය පැනල සවි කර ඇති පාරිභෝගිකයින්ගෙන් අද (මැයි 31) දිනයේ දී ද ඒවා ස්වේච්ඡාවෙන් අක්රිය කර තබන ලෙස ජාතික පද්ධති ක්රියාකරු ( පුද්ගලික ) සමාගම අද දිනයේත් ඉල්ලීමක් කර ඇත.
මහජනතාවට අතිරේක විදුලි පෝෂක (Feeders) විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම සහතික කිරීම සඳහා මෙම ඉල්ලීම සිදුකරන බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් විදුලි ඉල්ලුම ශීඝ්රයෙන් පහත වැටීම නිසා පද්ධති අසමතුලිතතාවයක් හටගෙන . කොළඹ ඇතුළු ප්රදේශ 100කට තාවකාලිකව විදුලි සැපයුම විසන්ධි වීමක් සිදුවූයේය.
විදුලි පද්ධතිය තුළ ඇති වූ අනපේක්ෂිත අසමතුලිතතාවයක් හේතුවෙන් පද්ධතියේ විශ්වසනීය සහ ස්ථාවර ක්රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා සහය වීමක් ලෙස, වහල මත සවි කර ඇති සූර්ය පැනල (Rooftop Solar) සවස 3 දක්වා ස්වෙච්ඡාවෙන් විසන්ධි කරන ලෙස එම සූරිය පැනල හිමියන්ගෙන් ඊයේ දිනයේ ද ඉල්ලා සිටියේය.
මේ ලිපියත් කියවන්න…







