1996 වර්ෂයේ ගැසට් කරන ලද ධීවර පනත සංශෝධනය කිරීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
1996 අංක 02 දරණ ධිවර පනත ක්‍රියාවට නැංවීමේදී නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය නිරාකරණය කිරීමට අවශ්‍ය සංශෝධනයන් හා නීතිවිරෝධි ධිවර කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට එරෙහිව ගන්නා වු නීතිමය ක්‍රියාමාර්ගයන් ඇතුළත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ නීතිවිරෝධි ධීවර කටයුතු සම්බන්ධයෙන් නීති පනවා කැබිනට් මණ්ඩලය වෙත 2019 ජුලි මස 07 වන දින ඉදිරිපත් කරන ලද සංශෝධන පනතට අනුමැතිය ලබා දී තිබුණ ද එහි ගැටලුකාරී තත්වයක් ඇති බවය. එබැවින් මෙම පනත සංශෝධනය කිරිමට කටයුතු කරන බවත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබුණ අතර ධීවර පනත සංශෝධනය කර නැවත සකස් කිරීමට නීති විශාරදයන්ට මේ වන විටත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද පැවසීය.