බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පන්සල් යන්න කියා ගාල්ලේ දන්සැල් වසා නැහැ “- දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය!

by editor
මැයි 24, 2026
in පුවත්
dansal
Share on FacebookShare on Twitter

බලපිටිය ජයකාන්ත ලියනගේ –

පන්සල් යායුතු බව පවසමින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ දන්සැල් පැවැත්වීම තහනම් කර නොමැති බවත්, නියමිත අවසරය ලබාගෙන ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට දන්සැල් පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත් ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍යය පරීක්ෂක සංගමයේ සභාපති කසුන් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍යය පරීක්ෂක සංගමයේ සභාපති කසුන් වික්‍රමසිංහ

ගාල්ල, නාගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් වෙසක්, පොසොන් සහ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනවල දන්සැල් පැවැත්වීම මෙන්ම භූත මන්දිර, හොල්මන් ගුහා සහ ඔළුබක්කන් නැටවීම ආදිය තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය බලප්‍රදේශ 21 ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 140 දෙනෙකු වෙසක් සතියේ දන්සැල් අධීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බව හෙතෙම පවසයි. යම් පාර්ශවයක් දන්සැලක් පවත්වන්නේ නම්, ළඟම ඇති ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය හෝ අදාළ කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එය ලියාපදිංචි කරගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වෙසක් පෝය දින සහ ඒ ආශ්‍රිත දිනවල දකුණු පළාතේ බොහෝ ප්‍රදේශවල දන්සැල් ලියාපදිංචිය සහ අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරමින් සිටින බවත්, මේ වන විට රට පුරා දන්සැල් 2,400 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවත් කසුන් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති නාගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදී පොහෝ දිනවල දන්සැල්, භූත මන්දිර, හොල්මන් ගුහා, ඔළුබක්කන් නැටුම් සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට තීරණය කර තිබුණි.

RelatedPosts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

මීට පටහැනිව කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් නාගොඩ සහ උඩුගම පොලිස් ස්ථාන මෙන්ම නාගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස දන්වමින් නාගොඩ ප්‍රාදේශීය ලේකම් යදිශානී යක්දෙහිගේ, නාගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති යටලමත්තේ පාලිත හිමි සහ ලේඛකාධිකාරි ගම්මැද්දේගොඩ පදුමකිත්ති හිමිවරුන්ගේ අත්සනින් යුතුව නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාර්ෂික දින දර්ශනයේ සුපුරුදු ඛේදවාචකය ඇරඹෙයි… දැනට 28000ක් අනාථයි… නිවාස 800ක් විනාසයි… රටේ ඛේදවාචකයේ ප්‍රකාශනයක්!

Next Post

යාපනයේ සිට කතරගමට දින 54ක ඓතිහාසික පාද යාත්‍රාව ඇරඹෙයි!

Related Posts

පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.