සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ සිට කතරගමට දින 54ක ඓතිහාසික පාද යාත්‍රාව ඇරඹෙයි!

by editor
මැයි 24, 2026
in පුවත්
KATHARA 002
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ සිට කතරගම දක්වා වැටී ඇති  දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් ගන්නා වාර්ෂික ඉතිහාසගත සංස්කෘතික චාරිකාවක් වූ    පාද යාත්‍රාව මෙවරත් විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්  ඊයේ ( 23 )  යාපනයේ පේදුරුතුඩුව සෙල්වසන්ධි මුරුගන් කෝවිලෙන් ආරම්භ විය.

පුරාණ චාරිත්‍රයකට අනුව සිදු කෙරෙන මෙම පාද යාත්‍රාවේදී බැතිමතුන් විසින් කිලෝ මීටර් හත්සීයක (700 කට) ආසන්න දුරක් දින 54 ක් ඇතුළත පා ගමනින්ම ගෙවා නිම කිරීමට නියමිතය.

මඟ දෙපසින් එක්වන බැතිමත්හු සහ ආගමික සමගිය

පේදුරුතුඩුවෙන් ආරම්භ වූ මෙම පාද යාත්‍රාව ඉදිරියට ඇදෙද්දී යාපනය, නාගදීපය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ මඩකළපුව ආදී ප්‍රදේශවල සිට කණ්ඩායම් වශයෙන් තවත් බැතිමතුන් විශාල පිරිසක් මීට එක් වීමට නියමිතය.

පාද යාත්‍රාවේ යෙදෙන පිරිසට අවශ්‍ය ආහාර පානාදිය මඟ දෙපස වෙසෙන ජනතාව විසින් නොමිලේ ලබා දෙන අතර, ආහාර නොමැති පාළු ප්‍රදේශවලදී ස්වයංව ආහාර පිස ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ද සපයා ගනිමින් ඔවුහු මේ දුෂ්කර චාරිකාවේ යෙදෙති. මෑතක සිට හින්දු බැතිමතුන් සමඟ බෞද්ධ ජනතාව ද මේ සඳහා එක්වන අතර, වර්තමානය වන විට විදේශිකයන් කිහිප දෙනෙකු ද මෙරටට පැමිණ මෙම ආගමික චාරිකාවට එක්වීම විශේෂත්වයකි.

වනය මැදින් කතරගමට

තවත් බැතිමතුන් පිරිසක් මඩකලපුව, කොමාරි, අම්පාර, පොතුවිල් සහ අරුගම්බේ යන මාර්ග ඔස්සේ පානමට පැමිණෙන අතර, ඔවුන් සියලු දෙනාම පානම ඔකඳ දේවාලයේ දී මුරුගන් හෙවත් කතරගම දෙවියන්ට පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගෙන මහ වනයට ඇතුළුවීම පුරාණ චාරිත්‍රයකි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

වන සතුන් අධිකව ගැවසෙන මෙම අනතුරුදායක වනාන්තර ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් විසින් බැතිමතුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙනු ලබයි. පාද යාත්‍රාව පැවැත්වෙන කාල සීමාව තුළ පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යාල ජාතික උද්‍යානය මැදින් වැටී ඇති මෙම මාර්ග විවෘත කර දෙන අතර, එහිදී පැමිණෙන බැතිමතුන් නීත්‍යානුකූලව ලේඛනගත කිරීමක් ද සිදු කෙරේ.

මංගල්‍යයෙන් පසු විශේෂ බස් රථ

කතරගම පුදබිම වෙත ළඟාවීමෙන් පසුව බැතිමතුන් ඓතිහාසික කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන තෙක් එහි රැඳී සිටිති. මංගල්‍යය සාර්ථකව අවසන් වීමෙන් පසුව මෙම බැතිමතුන්ට නැවත යාපනය බලා යාම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) විසින් වාර්ෂිකව විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කරනු ලබයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පන්සල් යන්න කියා ගාල්ලේ දන්සැල් වසා නැහැ “- දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය!

Next Post

යාපනය මුහුදට ගසාගෙන ආ තමිල්නාඩු ධීවරයෙකු ඩෙල්ෆ්ට් ධීවරයින් විසින් බේරාගනියි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.