සුනාමි ව්‍යසනය සිදුවි වසර 16ක් පිරෙන අද දින පෙරවරු 9.30ට ජාතියම විනාඩියක නිහඬතාවකින් එම විපතින් මිය ගිය සැම සිහි කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ මෙම මහා ස්වාභාවික විපත හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම ජනතාව දෙලක්ෂ විසි නව දහසක් පමණ ජීවිතක්ෂයට පත්විය. ඔවුන් සිහි කිරීමේ විශේෂ උත්සව කිසිවක් මෙවර නොපැවැත්වෙන අතර ආගමික වතාවක් පමණක් පැවැත්වෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.