සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපිල චන්ද්‍රසේන මියගිය අරවින්දගේ නිවසේ CCTV පද්ධතිය ක්‍රියාත්මකයි; නමුත් දත්ත ගබඩා වී නෑ – සාක්ෂි විමසීමේදී අනාවරණය වූ කරුණු ඇතුළත් සම්පූර්ණ වාර්තාව

by editor
මැයි 14, 2026
in පුවත්
Kapila_c
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාවී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

එම මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද (14) දෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේදී පැවැත්විණි. එහිදී විමර්ශන නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද, එහි දත්ත පටිගත වීමක් හෝ ගබඩා වීමක් සිදුනොවන බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

ලැප්ටොප් පරිගණක සහ ලිපිගොනු නඩු භාණ්ඩ ලෙස භාරයට

සිදුකෙරෙමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය. මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් නිවසක් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව ඉකුත් 12 වැනිදා සෝදිසියට ලක් කළ බවත්, එහි තිබී ලැප්ටොප් (Laptop) පරිගණක 02ක් සහ ලිපිගොනු කිහිපයක් විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත් බවත් නිලධාරීන් අධිකරණයට දැන්වීය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ “මරණකරු මියගොස් සිටි නිවසේ සියලු CCTV කැමරා දර්ශන මේ වන විට විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත්ද?” යන්නයි. ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් සඳහන් කළේ අදාළ නිවසේ CCTV පද්ධතිය ක්‍රියාත්මක වුවද දත්ත ගබඩා නොවීම නිසා එතැනින් දර්ශන හමුනොවූ බවයි. කෙසේ වෙතත්, ආසන්න නිවාස දෙකක කැමරා පද්ධති පරීක්ෂා කර 2026 මැයි 06 වැනිදා සිට මැයි 08 වැනිදා දහවල් දක්වා වූ කාලයට අදාළ ඉදිරිපස සහ පැති දර්ශන සිය භාරයට ගෙන ඇති බව නිලධාරීහු පැවසූහ. නිවසට ප්‍රවිෂ්ට වීමට ඇත්තේ එක් දොරටුවක් පමණක් බවත්, පුද්ගලයන්ගේ පැමිණීම සහ පිටවීම සම්බන්ධ දර්ශන දැනට පවතින දත්ත තුළ අඩංගු බවත් එහිදී වැඩිදුරටත් අනාවරණය විය.

නීතිඥ ප්‍රියන්ත අමරසිංහ ලබා දුන් සාක්ෂිය

අරවින්ද ද සිල්වාගේ නිවසේ කාමරයක් තුළ කපිල චන්ද්‍රසේන මියගොස් සිටිනු මුලින්ම දුටු නීතිඥ ප්‍රියන්ත අමරසිංහ අද අධිකරණය හමුවේ දීර්ඝ ලෙස සාක්ෂි ලබා දුන්නේය:

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

“ස්වාමිනි, 2026 මැයි මස 08 වැනිදා මම අරවින්ද ද සිල්වාගේ නිවසට ගියේ ඊට පෙර දින රාත්‍රියේ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ දැනුම් දීමකට අනුවයි. එදින රාත්‍රී 9.30ට පමණ රියෙන්සි සර් මට කතා කරලා කිව්වා ‘කපිල චන්ද්‍රසේනව අධිකරණයට ඉදිරිපත් කරන්න තියෙනවා. සර්ගේ චේම්බර් එකේ මෝෂන් එක හදලා තියෙන්නේ. උදේම ගිහිල්ලා මෝෂන් එක දාලා සර් එනකල් නඩුව Keep Down කරන්න’ කියලා. ඒ වගේම ‘කපිල රිමාන්ඩ් වෙයි කියලා බයේ ඉන්නේ, ගිහින් කපිලව හම්බවෙලා මේ මෝසම දාන්නේ වරෙන්තුව ආපසු කැඳවන්න කියන එක පැහැදිලි කරන්න’ කියලත් කිව්වා. පස්සේ එදා රෑ 11ට විතර අරවින්ද ද සිල්වා මට කතා කරලා කිව්වා ‘Mr. රියෙන්සි කතා කරන්න කිව්වා, කපිලත් මෙහේ ඉන්නවා’ කියලා. ’31 ද 21 ද මන්දා Section එකක් ගැන කපිල හැමවෙලේම කියවනවා, ඒක කියකිය රිමාන්ඩ් වෙයි කියලා බයේ ඉන්නේ’ කියලත් අරවින්ද මට කිව්වා.

පහුවෙනිදා උදේ 7.15ට මම අරවින්දගේ නිවසට ගොස් ඇමතුමක් ගත්තාමයි ඔහු අවදි වුණේ. මම නිවස ඇතුළට ගියාම අරවින්ද උඩ තට්ටුවේ ඉඳලා පහළට බහින ගමන් කිව්වා ‘මම කපිලට Call කළා Answer කරන්නේ නැහැ’ කියලා. මම කිව්වා දොරට තට්ටු කරලා බලන්න කියලා. ඔහු තට්ටු කරලා ඇවිත් කිව්වා දොර අරින්නේ නැහැ කියලා. පස්සේ මමයි, අරවින්දයි, ඔහුගේ බිරිඳයි උඩට ගියා. බිරිඳ Master Key එක ගෙනල්ලා දොර ඇරියා. ඒ වෙලාව උදේ 7.35 වගේ ඇති. දොර අරද්දීම මම දැක්කා ඇඳේ ඇතිරිල්ල ගුලිවෙලා වගේ තිබෙනවා. කවුරුත් ඇඳේ නැති නිසා වම්පස බලද්දී දොරක උඩ ටයි පටියක් වැනි යමක් එල්ලී තිබුණා. ඊට පහළ බිම නිල්පාට පුටුවක් උඩ තට්ටය සහිත හිසක් දුටුවා. දොර උඩ තිබූ පටියේ කොටසක් බෙල්ලෙත් තිබෙන බව මම නිරීක්ෂණය කළා. මම වහාම අරවින්දගේ නෝනාව පිටුපසට කරලා කාමරයෙන් එළියට ආවා. අරවින්දට කිව්වා ‘මැරිලා වගේ, දන්න ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න’ කියලා. ඒක අහපු ගමන් ඔහුත් දැඩි ලෙස බියට පත්වුණා.”

වෛද්‍ය යශෝදා ලක්ෂානි ලියනගේ ලබා දුන් සාක්ෂිය

දේහය මුලින්ම පරීක්ෂා කළ පෞද්ගලික රෝහලක වෛද්‍ය යශෝදා ලක්ෂානි ලියනගේ සාක්ෂි දෙමින් පැවසුවේ මැයි 08 උදේ 7.45ට පමණ ලද ඇමතුමකට අනුව තමන් එම ස්ථානයට ගිය බවයි.

“නීතිඥවරයෙකු ලෙස හඳුන්වා දුන් අයෙක් මාව නිදන කාමරයකට එක්කගෙන ගියා. ඇඳ හිස්ව තිබුණා. වම් පස කොණේ දොරක් ඉදිරිපස පුටුවක් දොර දෙසට හරවා තිබුණා. එතැන පුද්ගලයෙක් වැටී සිටියා. මම ඔහුගේ ජීවය තිබේදැයි ‘Signs of Life’ පරීක්ෂා කළා. හුස්ම ගැනීම නතර වී තිබූ අතර මුහුණේ පැත්තක් පුටුවට තද වී තිබුණා. නාඩි වැටීම නතර වී තිබුණා. දකුණු අත උස්සා බලන විට එය බාගෙට ගල් වී (Rigor Mortis) තිබුණා. දකුණු ඇසේ කළු ඉංගිරියාව විශාල වී ස්ථිරව නොසෙල්වී තිබුණා. ඒ කියන්නේ මම පරීක්ෂා කරන විටත් ඔහු මියගොස් සිටියා.”

මරණය සිදු වූ කාලය පිළිබඳව පොලිසිය විමසූ විට වෛද්‍යවරිය පැවසුවේ තමන් පරීක්ෂා කිරීමට පැයකට හෝ දෙකකට පමණ පෙර එය සිදු වන්නට ඇති බවයි.

සේවක සේවිකාවන්ගේ සාක්ෂි

කපිල චන්ද්‍රසේනගේ බාන්ස් පෙදෙසේ නිවසේ සේවක මනතුංග මුදියන්සේලාගේ සෝමදාස පැවසුවේ, මැයි 06 වැනිදා නිවසට පැමිණි මොහොතේ සිට මැයි 07 වැනිදා අරවින්ද ද සිල්වාගේ නිවසට යන තෙක් කිසිදු බාහිර පුද්ගලයෙකු කපිල හමුවීමට නොපැමිණි බවයි.

නිවසේ සේවිකාවක වන සුබ්‍රහිම් ප්‍රමිලා සාක්ෂි දෙමින් පැවසුවේ:

“මැයි 06 සවස 5ට සර් නිවසට ආවා. රාත්‍රී 8.30ට කෑම කාලා අපේ සුවදුක් සහ බල්ලන් ගැන විමසා ඇඟට අමාරුයි කියා නිදාගත්තා. 07 වැනිදා සවස 3.30ට සර් කාර් එකෙන් ගියාට පස්සේ ආයේ ආවේ නැහැ. අරවින්ද සර්ගේ ඩ්‍රයිවර් කාර් එක ගෙනත් දාලා යතුර දුන්නා. එදා රෑ 11.30ට විතර සර් මට කතා කරලා කිව්වා ‘රෑට අඳින්න ඇඳුමක් බෑග් එකකට දාන්න’ කියලා. දෙවැනි පාර කතා කරලා ‘කණ්ණාඩි කුට්ටම් දෙකයි, බෙහෙත් ටිකයි, නිල් පාට බෙල්ට් එකකුයි දාන්න’ කිව්වා. ඒක සර් ව්‍යායාම කරන්න ගන්න එකක්. ‘හෙට උසාවි යන්න තියෙනවා, සුදු ඇඳුමක් අයන් කරලා තියන්න’ කියලත් කිව්වා. සර් එවපු වාහනයකට මම ඒ බෑගය දුන්නා. පසුදා උදේ 6.40ට මම සර්ට කතා කළත් Answer කළේ නැහැ. උදේ 7.25ට විතර CID එකෙන් කියලා 5 දෙනෙක් ඇවිත් වරෙන්තුවක් පෙන්වලා ගේ පරීක්ෂා කළා. ‘සර් ගෙදර ඉන්නවා නේද, බොරු කියන්න එපා’ කියලා ඔවුන් මට කිව්වා. උදේ 8.15ට ඔවුන් ගියාට පස්සේ තමයි සර් මියගිය බව මම දැනගත්තේ.”

මෙහිදී කපිල චන්ද්‍රසේනගේ බෑගය රැගෙන ගිය අරවින්ද ද සිල්වාගේ රියදුරන් දෙදෙනාගෙන්ද සාක්ෂි සටහන් කර ගැනුණි. වැඩිදුර සාක්ෂි විමසීම මැයි 19 වැනිදා දක්වා කල් තැබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩේසි ආච්චි නැතිව අහන මැණික්මල්ලේ නඩුව…

Next Post

අද දහවල් කාලයේ පැය 09ක් තුළ ලංකාවේ වැඩිම වර්ෂාපතනය වේයන්ගොඩින්!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.