බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

by editor
මැයි 8, 2026
in දේශපාලන
TO LAM
Share on FacebookShare on Twitter

වියට්නාමයේ අරමුණ 2030 වන විට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වීම සහ 2045 වන විට දියුණු, ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වීමට බවත්  ඒ සඳහා යන ගමනේ දී  අප ශ්‍රී ලංකාව සමඟ නව සහයෝගීතා පරිච්ඡේදයක් ආරම්භ කරමින් දෙරට අතර ඇති   සබඳතා “සර්ව සම්පූර්ණ හවුල්කාරිත්වයක්” (Comprehensive Partnership) දක්වා ඉහළ නැංවීමට එකඟ වී ඇති බවත් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම්  (TO LAM) අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

TO LAM

වියට්නාම් ජනාධිපතිවරයා කළේ අතිශයින්ම සිත්ගන්නා සුළු කතාවකි.  ලෝකයේ දුගීම රටවල් 20 අතර සිටි ජාතියක් ලොව විශාලතම ආර්ථිකයන් සහිත රටවල් 34 අතරට ගිය ඒ ගමන ගැන ඔහු කී කතාව අපගේ ජාතික අපේක්ෂාවන් සමග පුදුමාකාර ලෙස ගැලපුනේය. අප දේශපාලන පෙරළියක් ඇති කරගත් ජාතික අපේක්ෂාවන් වියට්නාම ජනාධිපතිවරයා සිය කතාවෙන් අපට යළි සිහි කර දුන්නේය.

වසර 40 කට පෙර, එනම් 1986 දී ‘ඩොයි මොයි’ (නවීකරණය) ආරම්භ කරන විට වියට්නාමය දැඩි අභියෝග රැසකට මුහුණ දෙමින්  සිටි ආකාරය ඔහු සිහි කළේය.  යුද්ධයෙන් විනාශ වූ යටිතල පහසුකම්, අඩාළ වූ ආර්ථිකය සහ ජනතාවගේ පීඩිත ජීවන තත්ත්වය හමුවේ  තෝරාගත් නව මාවතට පදනම් වූ චින්තනය ගැන ජනාධිපතිවරයා විස්තර කළේය.

“රට සංවර්ධනය කිරීමට නම්   සත්‍යයට මුහුණ දිය යුතුයි… යල් පැන ගිය ආයතනික ව්‍යුහයන් වෙනස් කළ යුතුයි… ජනතාවගේ නිර්මාණශීලීත්වය සහ ව්‍යාපාරික අංශයේ දායකත්වය ලබා ගත යුතුයි… අප එය වටහා ගත්තා.      ඒ අනුව අප මධ්‍යගත සැලසුම් කළ සහනාධාර මත යැපුණු ආර්ථිකයක සිට සමාජවාදී අභිලාෂ සහිත වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ගමන් කළා. එහිදි රජය සතු කාර්යභාරය වූයේ පාලකයා, මගපෙන්වන්නා, සංවර්ධනයේ පහසුකම් සපයන්නා ලෙස ආර්ථික සම්පත් උපරිමයෙන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන අතර වෙළෙඳපොළ මූලධර්මවලට ගරු කරමින් ජාත්‍යන්තර සබඳතා විධිමත්ව පවත්වාගෙන යාමයි.”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“කෘෂිකාර්මික අංශයෙන් වියට්නාමය ස්වයංපෝෂිත වූවා පමණක් නොව ආහාර හිඟයක් පැවති රට ලොව ප්‍රමුඛතම කෘෂි අපනයනකරුවෙකු බවට ද පත් වුණා.”

වසර 11 කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක්වෙමින් වියට්නාම් ජනාධිපති ටෝ ලාම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින්  කළ සම්පූර්ණ කතාවේ සිංහල අනුවර්තනය මෙසේය.

TO LAM

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන්, අපේක්ෂාවන් සහ උන්නතිය නියෝජනය කරන ඔබේ රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා අද දින අදහස් දැක්වීමට ලැබීම මා ලැබූ මහත් ගෞරවයක්. වියට්නාමයේ පක්ෂය, රජය සහ ජනතාව වෙනුවෙන්, ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවනි, ඔබ සැම වෙත අපගේ උණුසුම් සුබපැතුම් සහ අවංක සහෝදරත්වය පිරිනැමීමට මම කැමතියි.

වියට්නාම් දූත පිරිස වෙත පිරිනැමූ ඉතා කාරුණික, ත්‍යාගශීලී සහ සහෝදරත්වයෙන් පිරි පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට, රජයට සහ ජනතාවට මගේ හෘදයාංගම කෘතඥතාව පළ කරනවා. ජාතික ස්ථාවරත්වය ශක්තිමත් කිරිම, ප්‍රතිසාධනය සහ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය, පාර්ලිමේන්තුව සහ ජනතාව දරන උත්සාහය සහ ලබා ඇති ප්‍රතිඵල මම අගය කරනවා. ඔබේ ශිෂ්ටාචාරයේ පවතින දිගුකාලීන සම්ප්‍රදාය, ඉන්දියන් සාගරයේ ඔබේ රට පවතින උපායමාර්ගික පිහිටීම, ඔබේ ජනතාවගේ අධිෂ්ඨානය සහ නායකයින්ගේ කැපවීම මත, සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සපිරි දේශයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව පෙරට යනු ඇති බව අපගේ විශ්වාසයි.

වියට්නාමය සමග ඇති ඓතිහාසික බැඳීම

වියට්නාම් ජනතාවගේ ඓතිහාසික මතකය සහ හදවත් තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හෝ චි මින් ජනාධිපති සිය විප්ලවීය ක්‍රියාකාරී සමයේ අවස්ථා තුනකදී මෙහි නැවතී සිට තිබෙනවා. 2013 වසරේ කොළඹදී විවෘත කරන ලද එතුමාගේ පිළිරුව ශ්‍රී ලාංකික ජනතාව වියට්නාම ජනතාව කෙරෙහි දක්වන සෙනෙහසේ සංකේතයක් බවට පත්ව තිබෙනවා.

වියට්නාම ජනතාවට මෙය ජාතික නායකයෙකුගේ නිදහස් අරගලයේ ගමන් මඟක් පමණක් නොව, නිදහස, සාමය, මානුෂීයත්වය සහ යුක්තිය අගය කරන ජාතීන් දෙකක ස්වභාවික හමුවීමක්. හෝ චි මින් ජනාධිපති වරක් පැවසූ පරිදි: “ජාතිය නිදහස් වුවද ජනතාවට සතුට සහ නිදහස භුක්ති විඳීමට නොලැබේ නම්, එම නිදහසෙන් පලක් නැත.” මෙම අදහස ස්වාධීන, සාමකාමී සහ සමෘද්ධිමත් රටක් පතන ඔබේ ජනතාවගේ අභිලාෂ සමඟ මැනවින් බද්ධ වෙනවා.

භූගෝලීය වශයෙන් වියට්නාමය සහ ශ්‍රී ලංකාව එකිනෙකට දුරින් පිහිටියද, අපගේ ඉතිහාසය, සංස්කෘතිය සහ සංවර්ධන අභිලාෂ ඉතා සමීපයි. දෙරටම දීර්ඝ සම්ප්‍රදායන්ට උරුමකම් කියන අතර කරුණාව, ඉවසීම සහ සමගිය අගය කරනවා. බුදු දහම සහ පෙරදිග සංස්කෘතික වටිනාකම්, සාරධර්ම, සාමය, සහෝදරත්වය, සාමූහිකත්වය, සහ මානව හිතවාදය වර්ධනය කිරීමට ඉවහල් වී තිබෙනවා.

1970 ජූලි 21 දින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගත් දින සිට අඩ සියවසකට වැඩි කාලයක් පුරා අපගේ සබඳතා වර්ධනය වී තිබෙනවා. පසුගිය වසරේ අප සබඳතාවල 55 වන සංවත්සරය සැමරූ අතර, අනුර කුමාර දිසානායක ජනාධිපති වියට්නාමයේ සංචාරය කරමින් හෝ චි මින් නගරයේ පැවති ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට ද සහභාගී වුණා.

මෙම සිදුවීම් පෙන්වා දෙන්නේ අපගේ සබඳතාව ගොඩනැගී ඇත්තේ හුදු රාජ්‍යතාන්ත්‍රික ලේඛන මත පමණක් නොව, දෙරටේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත බවයි.

වියට්නාමයේ සංවර්ධනයේ ගමන්මග

අද දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ වියට්නාමයේ සංවර්ධන ගමන් මඟ, විශේෂයෙන් පසුගිය වසර 40 ක ‘ඩොයි මොයි’ (Doi Moi) ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දැක්වීමට මට ඉඩ දෙන්න.

වසර 40 කට පෙර, එනම් 1986 දී ‘ඩොයි මොයි’ (නවීකරණය) ආරම්භ කරන විට වියට්නාමය දැඩි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියා. යුද්ධයෙන් විනාශ වූ යටිතල පහසුකම්, අඩාළ වූ ආර්ථිකය සහ ජනතාවගේ පීඩිත ජීවන තත්ත්වය හමුවේ අප මෙම නව මාවත තෝරා ගත්තා.

‘ඩොයි මොයි’ යනු මූලික වශයෙන්ම නව චින්තනයක්. රට සංවර්ධනය කිරීමට නම් අප සත්‍යයට මුහුණ දිය යුතු බවත්, යල් පැන ගිය ආයතනික ව්‍යුහයන් වෙනස් කළ යුතු බවත්, ජනතාවගේ නිර්මාණශීලීත්වය සහ ව්‍යාපාරික අංශයේ දායකත්වය ලබා ගත යුතු බවත් අප වටහා ගත්තා. ඒ අනුව අප මධ්‍යගත සැලසුම් කළ සහනාධාර මත යැපුණු ආර්ථිකයක සිට සමාජවාදී අභිලාෂ සහිත වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ගමන් කළා. එහිදි රජය සතු කාර්යභාරය වූයේ පාලකයා, මගපෙන්වන්නා, සංවර්ධනයේ පහසුකම් සපයන්නා ලෙස ආර්ථික සම්පත් උපරිමයෙන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන අතර වෙළෙඳපොළ මූලධර්මවලට ගරු කරමින් ජාත්‍යන්තර සබඳතා විධිමත්ව පවත්වාගෙන යාමයි.

කෘෂිකාර්මික අංශයෙන් වියට්නාමය ස්වයංපෝෂිත වූවා පමණක් නොව ආහාර හිඟයක් පැවති රට ලොව ප්‍රමුඛතම කෘෂි අපනයනකරුවෙකු බවට ද පත් වුණා. විදේශ ආයෝජන සඳහා දොරටු විවෘත කරමින් කාර්මික සහ සේවා අංශ දියුණු කළ අපි, ගෝලීය අගය දාමයන් සමඟ සම්බන්ධ වුණා. මෙම සබඳතා වර්ධනය කරගැනීමේදී ස්වයං විශ්වාසය සහ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරිම වැදගත්. වියට්නාමය විවිධාංගීකරණය වූ ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමේදී ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසය රකින වගකිව යුතු හවුල්කරුවෙකු මිතුරෙකු වීමට ඇපකැප වී සිටිනවා.

මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස, සමාජ ආර්ථික දත්ත අනුව ආහාර සපයා ගැනීමේදී ලොව දුප්පත්ම රටවල් 20 අතර සිටි වියට්නාමය අද වන විට ලොව ඉහළම සහල් අපනයනකරුවෙකු බවට පත්ව සිටිනවා. ඒ වගේම විශාලතම ආර්ථිකයන් සහිත රාජ්‍ය 32 න් එකක් බවට පත්ව සිටිනවා. 2025 වන විට අපගේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකානු ඩොලර් බිලියන 514 ක් වූ අතර ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 ඉක්මවා ගියා. ලොව ප්‍රමුඛතම ආර්ථිකයක් සහිත අයෝජන ගමනාන්තයන් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් විස්සකට වැඩි ප්‍රමාණයකට අප එළැඹ තිබෙනවා.

සංවර්ධනය වන රටවල් වියට්නාමයෙන් ඉගෙන ගත යුතු පාඩම්

අපේ ගමනෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට උගත යුතු පාඩම් රැසක් තිබෙනවා. අප ලොව ප්‍රමුඛතම ආර්ථිකයක් සහිත ආයෝජන ගමනාන්ත අතර සිටින අතර, ප්‍රධාන ආර්ථිකයන් සහිත රටවල් හැටක් සමග ආර්ථික සම්බන්ධතා ගොඩනඟා ගනිමින් රටවල් විස්සකට වැඩි ප්‍රමාණයක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කරමින් විශ්වාසදායී හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරිමට අපට හැකි වී තිබෙනවා.

අපට තවත් අභියෝග තිබෙනවා. ගෝලීය අභියෝග අපි ජයග්‍රහණය කරනවා. එම ගමන තුළින් උගත් පාඩම් රාශියක් තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ඒවා වැදගත් වෙනවා. ජාතික ස්වාධීනත්වය සහ ස්වයං විශ්වාසය රකිමින් ක්‍රියාකාරීව ලෝකය සමඟ එක්වෙමින් විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වෙළෙඳාම දියුණු කිරීම සඳහා දේශීය හැකියාවන් ගොඩනැගීම අත්‍යවශ්‍යයි.

සෑම ජාතියක් විසින්ම තමන්ගේ නීත්‍යානුකූල අවශ්‍යතා රැක ගනිමින්, තමන්ට ගැළපෙන සංවර්ධන මාවතක් තෝරා ගැනීමට අවශ්‍යයි. එහිදී ස්වාධීනත්වය සහ ස්වයං විශ්වාසය යන පදනම මත කටයුතු කළ යුතුයි. ස්වයං විශ්වාසය යනු හුදෙකලා වීම නොවෙයි. එයින් අදහස් කරන්නේ සමානාත්මතාව, විශ්වාසය සහ ගෞරවය මත පදනම්ව සියලු හවුල්කරුවන් සමඟ වැඩ කිරීම, ඒ සඳහා විශ්වාසය සහ ශක්තිය තිබීමයි. වියට්නාමය සලකන්නේ අභ්‍යන්තර ශක්තිමත්භාවය තීරණාත්මක වන අතර බාහිර සම්පත් වැදගත් සාධකයක් බවයි. අභ්‍යන්තර ශක්තිය යනු ජනතාවගේ ආයතන, අපගේ සංස්කෘතිය, අපගේ සම්ප්‍රදායන්, ජනතාවගේ අභිලාෂ සහ ජනතාවගේ නිර්මාණශීලී මනසයි. බාහිර සම්පත් යනු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලැබුණු දැනුම සහ වෙළෙඳපළ, තාක්ෂණය, ආයෝජන සහ කළමනාකරණ දැනුමයි. සංවර්ධනය රඳා පවතින්නේ මෙම ශක්තින් දෙකේම එක් වීම මතයි. ජාත්‍යන්තර සහයෝගීතාව විශාල දොරටු විවෘත කරන නමුත් අභ්‍යන්තර බලය තවමත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

තිරසාර සංවර්ධනයකට යන ගමන

රටක සංවර්ධනයට විදේශීය ආයෝජන ලබා ගැනීම අවශ්‍ය වුවත් ඒ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තිරසාර සංවර්ධනය සඳහා ප්‍රමාණවත් හැකියාව සහ ශ්‍රම බලකාය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම සහ නවෝත්පාදන දියුණු කිරීම අවශ්‍ය වෙනවා. වියට්නාමය සාම්ප්‍රදායික ප්‍රාග්ධනය සහ ශ්‍රමය මත පදනම් වූ සංවර්ධනයෙන් මිදී විද්‍යාව, තාක්ෂණය සහ ඩිජිටල්කරණය, හරිත සංක්‍රාන්තිය සහ ගුණාත්මක ශ්‍රම බලකාය මත පදනම් වූ වර්ධනයක් කරා ගමන් කිරීමට උත්සාහ කරමින් සිටිනවා. මෙම වර්ධනය ශක්තිමත් කිරීමේදී නීතියේ විධානය, පාර්ලිමේන්තුවේ සහ ජාතික පාලනය වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍යයයි.

නවෝත්පාදනය ආරම්භ විය යුත්තේ සිතුවිලිවලින්. නිර්මාණශීලි සංවර්ධනය සඳහා අනුකූල වන තිරසාර සහ ස්ථිර සාධාරණ නෛතික පදනමක් අවශ්‍ය වෙනවා. නව මාවතක් විවෘත වන්නේ නම් එය නීතිය, වගවීම සහ ජනතාවගේ කැමැත්ත ආලෝකමත් කරන බව පාර්ලිමේන්තුව විසින් සහතික කරනු ලැබීම අවශ්‍යයි. සංවර්ධනය සඳහාවන ක්‍රියාමාර්ගය ආයතන ගත කිරීම, නීති පැනවීම, තීරණ ගැනීම, තරගකාරීත්වය, නිරීක්ෂණය කිරීම අපගේ අභිලාෂ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එය ජාතික වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

අද මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරියේ කතා කරන විට විශ්වාසය ගොඩනැඟීම, ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අන්තර්කරණය සඳහා වූ සංවර්ධනයක් සහතික කිරීම සඳහා මේ ව්‍යවස්ථාදායක ආයතන ඉටු කරන කාර්යභාරය ඉතාමත් පැහැදිලි වෙනවා. ඉතාමත් නිරවද්‍ය වූ ප්‍රතිපත්තියක් මත සමස්ත අංශයටම වෙනස්කම් සිදු කරන්න පුළුවන්. එහිදී නිවැරදි සංවර්ධන චින්තනයක් සමස්ත ජාතියටම නව මාවතක් විවෘත කරනු ලබනවා.

වියට්නාමයේ ඩෝයි මෝයි ප්‍රතිසංස්කරණ යන්නෙන් අදහස් කරන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ගණනාවක් වෙනස් කිරීම් පමණක් නොව සංවර්ධනයේ සහ රාජ්‍යයේ, වෙළෙඳපළෙහි, ජනතාවගේ සහ ව්‍යාපාරිකයාගේ භූමිකාව කෙරෙහි අප බලන ආකාරයද එමගින් වෙනස් කරනු ලබනවා. ක්‍රියාත්මක කිරීම සහ සමාලෝචනය කිරීම යන දෙකම නියාමනය කිරීම සහ වැඩිදියුණු කිරීමද ඉතාම වැදගත්. එසේම අන්තයකට නොගොස් ඩෝයි මෝයි ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

සැබෑ සංවර්ධනය යනු කුමක් ද?

වියට්නාමයෙන් උගත යුතු පාඩම වන්නේ අප විෂයමූලික නීති පද්ධතිවලට ගරු කළ යුතු බවය. සංවර්ධනයේ අරමුණ වන්නේ සංවර්ධනය බලාත්මක වන සාධකය වන ජනතාව තමාගේ හදවතේ තුළ තබා ගත යුතු බවයි. සංවර්ධනය යනු හුදෙක් දළ දේශීය නිෂ්පාදිතයම නොවෙයි. ජනතාවට වඩාත් හොඳ ජීවිතයක් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තිබීම, සේවකයන්ට ස්ථාවර රැකියා අවස්ථා තිබීම, ප්‍රජාවේ ආරක්ෂාව සහ ජනතාව කෙරෙහි අප තබන විශ්වාසය යන සියලු දේයි. ඒ නිසා මූලික වන්නේ ජනතාව බව සෑමවිටම මනසේ තබා ගෙන ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම, සමාජ සුභසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ග්‍රාමීය සංවර්ධනය ඒකාබද්ධ කරනු ලබනවා. ජනතාව හුදෙක් ප්‍රතිලාභීන් නොව නවෝත්පාදකයින්, සහභාගී වන්නන් සහ කොටස්කරුවන් විය යුතුයි.

කෘෂිකර්මාන්තයේ, ගොවීන් සහ ගම්බද ප්‍රදේශවල ස්ථාවරත්වය, සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව තේරුම් ගත යුතුයි. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට කෘෂිකර්මාන්තය ආර්ථිකයේ විවිධ අංශවලින් එකක් වුණත් එයින් ඔබ්බට ගොස් ආහාර සුරක්ෂිතතාව ඇති කරන, මිලියන ගණනාවක් ජනතාවගේ ජීවනෝපාය මර්ගයක් වන සහ සංස්කෘතික අර්බුදවලට පොරොත්තු දීමේ හැකියාව සමග බද්ධ වී පවතින ක්ෂේත්‍රයක් බව තේරුම් ගත යුතුයි.

වියට්නාමයේ ඩෝයි මෝයි ප්‍රතිසංස්කරණවලින් වැඩි කොටසක් කෘෂිකර්මාන්තය සහ ගම්බද ප්‍රදේශවලින් ආරම්භ වුණා. අපගේ අත්දැකීම් අනුව ගොවීන්ගේ ජීවනෝපාය සහතික කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිදියුණු කිරීම, පසු සැකසුම් වැඩිදියුණු කිරීම, වෙළෙඳපොළ නාම ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය බව අප තේරුම්ගෙන තිබෙනවා.

සංවර්ධනය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. විද්‍යාව, තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික විපර්යාස, සැපයුම් දාම වෙනස්වීම, උපායමාර්ගික තරගකාරීත්වයන්, රාජ්‍යයන් සඳහා අවස්ථා මෙන්ම අභියෝග නිර්මාණය කරනවා.

ජාත්‍යන්තර සහයෝගීතාව මත අභිලාෂයන් සැබෑ කර ගැනීමට අපි දන්නවා. සෑම රටකම තමන්ගේ ඉතිහාසයක්, සංස්කෘතියක්, සම්පත් සහ තේරීම් තිබෙනවා. අපට ඔබ සමඟ බෙදා ගැනීමට තිබෙන්නේ අප ගමන් කර ඇති මාර්ගයේ සාර්ථකත්වයන් සහ සාර්ථක නොවූ දේවල් යන කාරණා. එය විවෘත මනසකින් දැන ගැනීමට කැමැත්තෙන් ඔබ සිටිනවා.

අපගේ දීර්ඝකාලීන සබඳතා පිළිබඳ කතා කිරීමේදී වඩාත් ගැඹුරු සහ වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී නව පරිච්ඡේදයක් විවෘත කිරීමට ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීම අපගේ අපේක්ෂාවයි. අපගේ දේශපාලන විශ්වාසය, සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව මත පදනම්ව වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා පුළුල් හවුල්කාරීත්වයක් දක්වා වැඩි කරගෙන ඇති බව මම ඔබගේ පාර්ලිමේන්තුවට ජනතාවට දැනුම් දෙන්න කැමතියි.

අපගේ දේශපාලනය, ආර්ථිකය, ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, විද්‍යාව, තාක්ෂණික, ඩිජිටල් පරිවර්තනය යන අංශ කෙරෙහි බහුපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ශක්තිමත් කරගැනීමට ඇති වාතාවරණයක් නිර්මාණය කරනවා. කෙසේ වෙතත්, ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස සහ ඩිජිටල් පරිවර්තනය වැනි නව අභියෝග රැසක් අප ඉදිරියේ පවතින බව අපි දන්නවා. සංවර්ධනය, අඛණ්ඩව වෙනස් වන ගමනක්. අපගේ අත්දැකීම් ඇසුරින් අප උගත් පාඩම් කිහිපයක් මෙසේයි:

  • ජාතික ස්වාධීනත්වය සහ ලෝකය සමඟ ඒකාබද්ධ වීම: විදේශ ආයෝජන ලබා ගන්නා අතරම දේශීය ශක්තිය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
  • නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය: තිරසාර සංවර්ධනයක් සඳහා විනිවිද පෙනෙන නීතිමය පදනමක් අවශ්‍ය වේ. එහිදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය තීරණාත්මකයි.
  • ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධනය: සංවර්ධනය මැනිය යුත්තේ හුදු GDP ඉලක්කම්වලින් නොව, ජනතාවගේ ජීවන තත්ත්වය සහ සතුට මගිනුයි.
  • කෘෂිකර්මාන්තය පදනම කර ගැනීම: බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට කෘෂිකර්මාන්තය යනු ආහාර සුරක්ෂිතතාව සහ සමාජ ස්ථාවරත්වයේ පදනමයි.

වියට්නාමයේ අරමුණ 2030 වන විට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වීම සහ 2045 වන විට දියුණු, ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වීමයි. අප ශ්‍රී ලංකාව සමඟ නව සහයෝගීතා පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙරට අතර සබඳතා “සර්ව සම්පූර්ණ හවුල්කාරිත්වයක්” (Comprehensive Partnership) දක්වා ඉහළ නැංවීමට අප එකඟ වී තිබෙන බව මම සතුටින් ප්‍රකාශ කරනවා.

මේ යටතේ දේශපාලන, ආරක්ෂක, ආර්ථික, වෙළෙඳ, කෘෂිකාර්මික සහ තාක්ෂණික යන අංශවලින් සහයෝගීතාව පුළුල් වෙනවා.

  • විශේෂයෙන්ම:දෙරට අතර වෙළෙඳාම ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා වැඩිකිරීමට
  • කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමට.
  • ඩිජිටල් පරිවර්තනය, AI සහ හරිත වර්ධනය වැනි නව ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීමට
  • සංචාරක කර්මාන්තය සහ බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමටජාත්‍යන්තර වේදිකාවලදී සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි අපේක්ෂා කරනවා.

කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ රටවල් බලය සෙවිය යුත්තේ ගැටුම් මගින් නොව, ජාත්‍යන්තර නීතිය, සහයෝගීතාව සහ යහපාලනය හරහායි. යුද්ධයේ අමිහිරි අත්දැකීම් විඳි ජාතියක් ලෙස අපි සාමයේ අගය හොඳින්ම හඳුනනවා. හැනෝයි සිට කොළඹ දක්වාත්, නැගෙනහිර මුහුදේ සිට ඉන්දියන් සාගරය දක්වාත් අපට ඇත්තේ පොදු විශ්වාසයක්: එනම් සාමය අපේ පදනමයි, ජනතාව කේන්ද්‍රස්ථානයයි, සංවර්ධනය අපගේ ඉලක්කයයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතා අභිලාෂයන්ගේ සංකේතයක් ලෙස සැමදා දිනේවා! ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සාමය සහ සමෘද්ධිය උදා වේවා! වියට්නාම්-ශ්‍රී ලංකා මිත්‍රත්වය සදාකල් දිනේවා! ඔබ සැමට ස්තූතියි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු රටට කියා දී ගිය පාඩම… “යුක්තිය ඉටු වීම ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමය!”

Next Post

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම… චීවරධාරී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත් අඩංගුවට ගැනීමට නියෝග!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
දේශපාලන

 ලංකාව ලෝක සිතියමෙන් අතුරුදහන් කරන බව කී මිනිසා තමිල්නාඩුවේ මහ ඇමති වූ පසු…මේ ලංකාවට  පාත්වන අලුත්ම  “දිට්වා  සංස්කරණය”  ද?   

මැයි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.