බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන සැපයුම සඳහා දීර්ඝ කාලීන ටෙන්ඩරය පැහැර හැරි සමාගමට අධික මිලට කෙටි කාලීන ඉන්ධන ටෙන්ඩරය දුන්නා ද?… පාර්ලිමේන්තුවේ ඇති වූ සංවාදය කියවන්න…

by editor
මැයි 7, 2026
in පුවත්
A-fuel-ship
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය – 

දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම් හෙවත් ටර්ම් ටෙන්ඩර් (Term Tenders) ක්‍රියාත්මක නොකර සැපයුම් පැහැර හරින සැපයුම්කරුවන්ටම, හදිසි මිලදී ගැනීම් හෙවත් ස්පොට් ටෙන්ඩර් (Spot Tenders) ක්‍රමය යටතේ ඉතා ඉහළ මිලකට ඉන්ධන සැපයීමට නැවත අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල කළේය.

ඔහු විසින් මේ එල්ල කරන්නේ ඊයේ දිනයේ දීත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ වුන, මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරතල ලෙස සංවාදයට ලක්වන ප්‍රශ්නයකි. එමෙන්ම මෙවැනි තත්ත්වයක් මේ ආණ්ඩුවෙන් කිසිම අවස්ථාවක මේ රටේ ජනතාව බලාපොරොත්තු වූයේ නැත.  චෝදනාව එල්ල කරන්නේ විපක්ෂ නායකයා වීමත් එය 27/2 යටතේ එල්ල කිරීමත් හේතුවෙන් මේ චෝදනාව සම්බන්ධව වැඩි බරකින් යුතුව මිනිස්සු බලාගෙන සිටියහ.

 විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්න කිරීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභාව හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පසුගිය කාලසීමාව තුළ දීර්ඝකාලීන සැපයුම් ගිවිසුමකට   (Term Tenders) බැඳුන සැපයුම්කරුවෙකු එම ටෙන්ඩරය ක්‍රියාත්මක නොකර සැපයීම අත්හැර දමා ඇති බවයි. එසේ සැපයුම් පැහැර හැරියද, පසුව සිදුකළ ස්පොට් ටෙන්ඩර් කැඳවීමකදී අදාළ ටෙන්ඩරය නැවතත් හිමිව ඇත්තේ එම ටර්ම් ටෙන්ඩරය පැහැර හැරිය කණ්ඩායමටම බව ඔහු අනාවරණය කළේය.

මෙම ස්ථානීය ටෙන්ඩරය අදාළ ආයතනයට ලබා දී ඇත්තේ ඉතාම ඉහළ මිලකට බවත්, දීර්ඝ කාලීන ගිවිසුමක්  පැහැර හැරි අගරු සමාගමකට  නැවත   එවැනි ඉහළ මිලක් යටතේ ස‍්ථානීය  ටෙන්ඩරයක් ලබා දීම බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව අදාළ අමාත්‍යවරයාගෙන් ඔහු නිශ්චිත පිළිතුරක් බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

බලශක්ති අමාත්‍යවරයා කී කතාව

මෙයට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය මාස 12ක කාලය තුළ එක් සැපයුම්කරුවෙක් පමණක් නිශ්චිත දීර්ඝ කාලීන ටෙන්ඩරය උල්ලංඝණය කරමින් ඉන්ධන  ගෙනන්වීම පැහැර හැර ඇති බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

එසේ පැහැර හැරීම සිදුකර ඇත්තේ වෙලින්ටන් යූඒඊ (Wellington UAE) නමැති සමාගම බවත්, මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ 2026 අප්‍රේල් මාසයේදී බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“මේ අවස්ථාවේ දී සිදුවෙන්නේ  වෙරින්ටන් යූඒඊ සමාගම  එකඟ වෙලා තියන කොන්දේසි වෙනස් කරමින්  පෙර ගෙවීම් කරන ලෙස සංස්ථාවෙන් කළ ඉල්ලීම. නමුත් සාමාන්‍යයෙන් සංස්ථාවේ සම්ප්‍රදාය තමයි මධ්‍යම මට්ටමේ අවදානමක් ආවරණය වන පරිදි ලබාදෙන ඇපකරයක් (Mid-Security Guarantee) කාර්ය සාධනය සහතික කරන බැංකු ඇපකරයක් (Performance Security Guarantee)  සහ ප්‍රොපෝමන්ස් සිකියුරිටි ගැරන්ටියක් මත සැපයිම් කරන්න ඕන. අදාල තාක්ෂණික වාර්තා සම්මත වුනාට පස්සේ ඒ ගෙවීම් කරන්නේ . මේ මූලික කරුණුවලට එකඟ නොවීම තුළ ඉන්ධන සැපයුම් කොන්දේසිවලට එකඟව ඉන්ධන නොසැපයීම සම්බන්ධයෙන් සංස්ථාවේ අප්‍රසාදය අදාල  සමාගමට දන්වලා තියනවා.”

“ඔබතුමා අවසානයේ දී සඳහන් කළා ටර්ම් ටෙන්ඩර් එකක් කැන්සල් කළ සැපයුම් කරුවෙක් ස්පොට් ටෙන්ඩර් එකකට දාලා ස්පොට් ටෙන්ඩර් එක හරහා තෙල් සපයලා තියනවා ද කියලා. “

“ඔබතුමා සඳහන් කරනවා නම් නිශ්චිත වශයෙන් ඒ සැපයුම්කරු කවුද කියලා මට පිළිතුරු ලබා දෙන්න පුලුවන්. මොකද වැරදි තොරතුරු ගණනාවක් ප්‍රචාරය වෙනවා. ටර්ම් ටෙන්ඩර් කැඳවුම් කරුවෙක් ස්පොට් ටෙන්ඩරය සදහා ඒ හරහා සැපයුම් කරලා තියනවා කියලා. ඒ නිසා ඔබතුමා නිශ්චිත වශයෙන් සැපයුම්කරු කවුද කියන එක සහ අදාල දින වකවානු ප්‍රකාශ කරනවා නම් පිළිතුරු ලබා දෙන්න පුලුවන්.”

සමාජය තුළ මේ සම්බන්ධයෙන් වැරදි තොරතුරු ගණනාවක් ප්‍රචාරය වන බවත්, අදාළ සමාගම සහ දින වකවානු ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් ඇමතිවරයා පැහැදිලි කළේය.

විපක්ෂ නායකගේ විරෝධය

මෙයට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   නම සඳහන් කළොත් පමණක් පිළිතුරු දිය හැකි බව පැවසීම ගැන තම විරෝධය පළ කරමින් මෙසේ ප්‍රශ්න කළේය.

“මම කාරුණිකව අහන්න කැමතියි, දිගුකාලීන ටෙන්ඩරයක් හරහා සැපයුමක් භාරගෙන එය ඉටු නොකළ ආයතනයකට, හදිසි මිලදී ගැනීම් (ස්පොට් ටෙන්ඩර්) හරහා නැවත අවස්ථාවක් ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳව සරල පිළිතුරක් ලබා දෙන්න.”

බලශක්ති ඇමතිවරයා මෙසේ පැවසුවේය.

“ඔබතුමා අහන ප්‍රශ්නයේ දී ටර්ම් ටෙන්ඩරයක් ලබා ගෙන එය අගරුවුන පුද්ගලයෙකුට ස්පොට් ටෙන්ඩරයක් දුන්නා දි කියන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මම  ඉතා පැහැදිලිව සඳහන් කළා වෙලින්ටන් යූඒඊ (Wellington UAE) සමාගම ගැන.   ඒ තමයි මේ කාලයේ දී සැපයුම්  පැහැර හැර ඇති එකම එක සමාගම.”

“ඒ වගේම ඔබතුමා නිශ්චිත වශයෙන් කියනවා නම් මේ සැපයුම්කරු ටර්ම් ටෙන්ඩරයකට ගරු කරන්නේ නැතිව ස්පොට් ටෙන්ඩරය හරහා තෙල් සැපයුම කරලා තියනවා කියල මට ඒ දින වකවානු ඇතිව කියන්න. මගේ දත්ත අනුව එහෙම කෙනෙක් නෑ.”

“ඔබතුමා නිශ්චිත වශයෙන් කියනවා නම් අන්න අර සමාගම ටර්ම් ටෙන්ඩර් එක වයලේට් කරලා තියනවා, ස්පොට් ටෙන්ඩර් එක දීලා තියනවා කියලා නිශ්ඡිත වශයෙන් මට කියන්න පුලුවන් ඒකට උත්තරය. “

“මම දැක්කා ඊයෙත් මේ ප්‍රශ්නය අහනවා. සමාජය තුළ විවිධ තොරතුරු හුවමාරු වෙනවා. ජනතානියෝජිතයො හැටියට අපේ වගකීම ඒ ගැන නිශ්චිත තොරතුරු පදනම් කරගෙන ප්‍රශ්න කරන එක සහ විවාද කරන එක. .”

දත්ත නැතිව කටකතා මත පදනම්ව ප්‍රශ්න අහන්නට ගොස් ශාස්ත්‍රීයව නෝන්ඩිවන විපක්ෂනායකවරයා අදත් සිය අපරිණත බව පෙන්වූයේය. ඒ දයාසිරි ජයසේකර වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි ප්‍රශ්න කිරිම් සහ තාර්කික සහ තියුණු කාරණා මතුකරමින් විපක්ෂයේ නායකත්ව භූමිකාව ඉස්මතු කරමින් සිටියදී වීම කැපී පෙනෙන්නේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධි බලැති යතුරුපැදි නඩුව… කුරුළු උයන හිමිකරු නිදොස් කොට නිදහස්…

Next Post

දයාසිරි කළ කතාව ChatGPT ගෙන් ඇසුවෙමි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.