සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2026 ඉරාන යුද්ධය: පර්සියානු ගල්ෆ් කලාපයේ සටන් දරුණු වෙද්දී රාජ්‍ය තාන්ත්‍රික මාවත් විවෘත වීමේ ලකුණු!

by editor
මාර්තු 25, 2026
in පුවත්
israel-lebanon-
Share on FacebookShare on Twitter

උපෙක්ෂා උඩුවැරැල්ල-

(2026 මාර්තු 25 වන දිනට අදාළව – රොයිටර් පුවත් සේවයේ වාර්තා සහ තහවුරු කරන ලද වර්ධනයන් ඇසුරින් කළ විශ්ලේෂණයකි.)

වොෂින්ටනය විසින් ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) ලෙසත්, ජෙරුසලම විසින් ‘ඔපරේෂන් රෝරිං ලයන්’ (Operation Roaring Lion) ලෙසත් නම් කර ඇති, ඉරානයට එරෙහි ඇමරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම මේ වන විට සිව්වන සතියටත් ක්‍රියාත්මක වේ.

පසුගිය පෙබරවාරි 28 වන දින එල්ල වූ අනපේක්ෂිත ගුවන් ප්‍රහාර මාලාවකින් ආරම්භ වූ මෙම ගැටුම, මේ වන විට මිසයිල ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර සහ ගෝලීය බලශක්ති සැපයුම් අඩාල කරන කලාපීය මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, දරුණු සටන් මැද වුවද, පකිස්ථානය මැදිහත් වී සිදු කරන රහසිගත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හරහා යුද ගැටුම් සමනය කර ගැනීම කෙරෙහි සුළු බලාපොරොත්තුවක් මතුවෙමින් පවතී.

යුද තත්ත්වය තවමත් දැඩි වෙයි

ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා මේ වන විට ඉරානය පුරා විසිරී ඇති හමුදා යටිතල පහසුකම්, නෞකා නිෂ්පාදනාගාර සහ නාවික කඳවුරු ඉලක්ක කරගනිමින් ඉතා නිරවද්‍ය ප්‍රහාර (Precision strikes) එල්ල කරමින් සිටියි. මෙයට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් ඊශ්‍රායලයට මෙන්ම කුවේටය, ජෝර්දානය, බහරේනය සහ සෞදි අරාබියේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. නමුත් ගල්ෆ් කලාපයේ රටවල් පවසන්නේ එම ප්‍රහාර බොහොමයක් සාර්ථකව මැඩපැවැත්වීමට තමන් සමත් වූ බවයි.

ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන වාණිජ නාවික ගමනාගමනය අත්හිටුවීමට ඉරානය පියවර ගෙන ඇත. මේ හරහා ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නේ ඉරාන නෞකාවලට සහ ඔවුන්ගේ මිත්‍ර රටවල නෞකාවලට පමණි.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ඉරානයේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ගෝලීය සැපයුම් ජාලය පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවක් මතු වී තිබේ. කෙසේ වෙතත්, ඉරාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වන්නේ නම් “සතුරු නොවන” නෞකාවලට පමණක් එම මුහුදු සීමාව හරහා ගමන් කිරීමට අවසර දිය හැකි බව ටෙහෙරානය අවධාරණය කරයි.

ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම

පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය සිය යුද ශක්තිය තවදුරටත් දැඩි කරමින් සිටියි. දහස් සංඛ්‍යාත ගුවන් හමුදා භටයින් පිරිසක් මේ වන විටත් ගල්ෆ් කලාපය බලා පිටත්ව ගොස් ඇති අතර,  ගොඩබිම සහ ජලයේ එක සේ ගමන් කළ හැකි  ප්‍රහාරක නෞකා මගින් ගමන් කරමින් සිටින මැරීන් බලකායේ විශේෂ ඒකක දෙකකට (Marine Expeditionary Units) ඔවුන් අතිරේක ශක්තියක් වනු ඇත.

ඉන් පළමු ඒකකය මාර්තු මස අවසානය වන විට කලාපයට ළඟා වීමට නියමිත අතර, එමගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අවශ්‍ය වුවහොත් ගොඩබිම් මෙහෙයුම් දියත් කිරීම සඳහා වැඩි අවස්ථාවක් සහ විකල්ප මාර්ග විවෘත වනු ඇත.

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්: අමෙරිකාවේ කරුණු 15 ක යෝජනාවලිය

ටෙහෙරානය ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කළද, තිරය පිටුපස රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. පකිස්ථානය හරහා ඉදිරිපත් කර ඇති අමෙරිකාවේ කරුණු 15 කින් යුත් යෝජනාවලියක් සම්බන්ධයෙන් ඉරානය තවමත් අධ්‍යයනය කරමින් සිටින බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ.

ඉරානය මුලින් දැක්වූ ප්‍රතිචාරය යහපත් නොවූවත්, එම යෝජනාවලියට ඉරානය සතු ඉහළ මට්ටමින් සාරවත් කළ යුරේනියම් තොග ඉවත් කිරීම, සියලු යුරේනියම් සාරවත් කිරීමේ කටයුතු අත්හිටුවීම, බැලස්ටික් මිසයිල වැඩසටහන සීමා කිරීම සහ කලාපීය මිත්‍ර පාර්ශවයන්ට ලබා දෙන මූල්‍ය ආධාර නතර කිරීම වැනි දැඩි කොන්දේසි ඇතුළත් බව වාර්තා වේ.

පණිවිඩ හුවමාරු කර ගැනීමටත්, මේ සතියේම ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා සත්කාරකත්වය ලබා දීමටත් පකිස්ථානය මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මීට අමතරව තුර්කිය ද දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු කිරීමේ කටයුතුවල නිරත වේ. ඉරාන නිලධාරීන් විසින් අද රාත්‍රියේ මේ සම්බන්ධයෙන් නිල පිළිතුරක් ලබා දීමට පොරොන්දු වී ඇති බව පකිස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන අතර, යෝජනාවලිය ප්‍රතික්ෂේප කළ බවට පළ වන මාධ්‍ය වාර්තා මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

කෙසේ වෙතත්, ඉරාන හමුදා ඒකාබද්ධ අණදෙන මූලස්ථානය ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමේ අදහස උපහාසයට ලක් කර ඇති අතර, ඉරාන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙය “රාජ්‍ය තාන්ත්‍රිකභාවය පාවා දීමක්” බැවින් සාකච්ඡා කිරීම පලක් නොවන බවයි.

වෙළඳපොළේ සුබවාදී වෙනසක්

සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය සහ ඉරානයේ සිවිල් බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම කල් දැමීමට ගත් තීරණය හේතුවෙන් මූල්‍ය වෙළඳපොළේ යම් සහනයක් දක්නට ලැබුණි. ඒ අනුව ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටුණු අතර කොටස් වෙළඳපොළ ද යම් ස්ථාවරත්වයකට පත් විය.

ඊශ්‍රායල ආරක්ෂක අංශවල සැකය

අමෙරිකාව ඉදිරිපත් කර ඇති කරුණු 15 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් පසුවන්නේ දැඩි විමසිල්ලෙනි. ඊශ්‍රායල කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග තහවුරු කරන්නේ එරට ආරක්ෂක කැබිනට් මණ්ඩලය මෙම අමෙරිකානු යෝජනාවලිය පිළිබඳව දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඉරානය මෙම දැඩි කොන්දේසිවලට එකඟ වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ඊශ්‍රායල ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සැක පළ කර තිබේ. ඕනෑම එකඟතාවකදී, තමන්ට එල්ල විය හැකි තර්ජනවලට එරෙහිව පූර්ව ආරක්ෂිත ප්‍රහාර (Pre-emptive strikes) එල්ල කිරීමේ අයිතිය ඊශ්‍රායලය සතු විය යුතු බවට ඔවුන් අවධාරණය කර සිටියි.

නොනවතින ගැටුම් මැද මැකී යන බලාපොරොත්තු

දැනටමත් දහස් සංඛ්‍යාත පිරිසකට ජීවිත අහිමි කරමින් සහ දහස් ගණනක් ගොඩනැගිලි විනාශ කරමින් ඇරඹී ඇති මෙම යුද්ධය, කලාපීය සන්ධාන මුළුමනින්ම වෙනස් කර තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guards) දිගින් දිගටම ප්‍රහාර දියත් කරන අතර, අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ද නතර වන ලකුණක් පෙනෙන්නට නැත. යුද ගැටුම් හේතුවෙන් ඉරානය තුළ පවතින සන්නිවේදන බාධා නිසා නිල ප්‍රතිචාර දැක්වීම් තවදුරටත් සංකීර්ණ වී ඇත.

මෙම කරුණු 15 ක යෝජනාවලිය පකිස්ථානය හෝ තුර්කිය තුළ පැවැත්වෙන සාකච්ඡා මාලාවකට මග පාදන්නේද, නැතහොත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය අබිබවා යුද ශක්තිය ඉදිරියට යන්නේද යන්න තවමත් අවිනිශ්චිතය.

මේ වන විට සමස්ත කලාපයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි. එක් පසෙකින් දරුණු යුද සටන් ඇවිළෙමින් පවතින අතර, අනෙක් පසින් තිරය පිටුපස නිහඬ සාකච්ඡා සිදුවේ. මුළු ලෝකයම බලා සිටින්නේ තෙල් මිල සහ සාමය අතර පවතින මෙම තීරණාත්මක සමබරතාවය කුමන දිශාවකට හැරෙනු ඇත්ද යන්න පිළිබඳවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුක්රේන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් අපනයෙන් 40%ක ධාරිතාවක් අකර්මන්‍ය වෙයි!

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය අතිශය අවධානය යොමු කළ යුතු මට්ටම

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.