සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්රේන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් අපනයෙන් 40%ක ධාරිතාවක් අකර්මන්‍ය වෙයි!

by editor
මාර්තු 25, 2026
in පුවත්
හංගේරියාව සහ රුසියාව අතර Druzhba තෙල් නල මාර්ගය

හංගේරියාව සහ රුසියාව අතර Druzhba තෙල් නල මාර්ගය

Share on FacebookShare on Twitter
  • රුසියානු  ඉතිහාසයේ තෙල් අපනයනයට සිදුවුන ධරුණුම ප්‍රහාරය මෙය බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි…

යුක්රේනය එල්ල කරන අඛණ්ඩ ඩ්‍රෝන ප්‍රහාර, ප්‍රධාන නල මාර්ගවලට එල්ල වූ බාධා සහ තෙල් නැව් අත්අඩංගුවට පත්වීම හේතුවෙන් රුසියාවේ තෙල් අපනයන ධාරිතාවෙන් 40%ක් පමණ මේ වන විට ඇනහිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. වෙළඳපල දත්ත විශ්ලේෂණය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙය රුසියානු ඉතිහාසයේ එරට තෙල් සැපයුමට එල්ල වූ දරුණුතම බාධාව බවයි.

ඉරාන යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති මොහොතක, ලොව දෙවන විශාලතම තෙල් අපනයනකරුවා වන රුසියාවට මෙම තත්ත්වය දැඩි ආර්ථික බලපෑමක් එල්ල කර තිබේ.

රුසියාවේ ඩොලර් ට්‍රිලියන 2.6ක් වන දැවැන්ත ආර්ථිකයේ සහ ජාතික අයවැයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ තෙල් නිෂ්පාදනයයි.

යුක්රේන ප්‍රහාර දැඩි වෙයි

මෙම මාසය තුළ රුසියාවේ තෙල් හා ඉන්ධන අපනයන යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් යුක්රේනය සිය ඩ්‍රෝන ප්‍රහාර දැඩි කර ඇත. කළු මුහුදේ නොවරොසිස්ක් (Novorossiysk) වරාය මෙන්ම බෝල්ටික් මුහුදේ ප්‍රිමෝර්ස්ක් (Primorsk) සහ උස්ට්-ලුගා (Ust-Luga) යන රුසියාවේ ප්‍රධාන බටහිර අපනයන වරායන් තුනටම මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

රොයිටර් ගණනය කිරීම්වලට අනුව, බදාදා වන විට රුසියාවේ බොරතෙල් අපනයන ධාරිතාවෙන් දිනකට බැරල් මිලියන 2ක් පමණ අහිමි වී ඇත. මෙයට යුක්රේනය හරහා හංගේරියාව සහ ස්ලෝවැකියාව දක්වා දිවෙන ‘ඩ්‍රුෂ්බා’ (Druzhba) නල මාර්ගය අඩාල වීම ද ඇතුළත් ය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

රුසියාවේ රාජ්‍ය අයවැයෙන් හතරෙන් එකක් පමණ උපයනු ලබන තෙල් හා ගෑස් ආදායම අඩාල කිරීම සහ ඔවුන්ගේ යුද ශක්තිය දුර්වල කිරීම සිය අරමුණ බව කිව් (Kyiv) පාලනය පවසයි. රුසියාව මෙම ප්‍රහාර ‘ත්‍රස්ත ප්‍රහාර’ ලෙස හඳුන්වන අතර සිය ආරක්ෂක පියවර දැඩි කිරීමට පියවර ගෙන ඇත.

වරාය සහ ප්‍රවාහන බාධා

ජනවාරි අග භාගයේදී එල්ල වූ රුසියානු ප්‍රහාරවලින් ඩ්‍රුෂ්බා නල මාර්ගයේ කොටසකට හානි වූ බව යුක්රේනය පවසන අතර, සැපයුම වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස ස්ලෝවැකියාව සහ හංගේරියාව ඉල්ලා තිබේ. මීට අමතරව, නොවරොසිස්ක් තෙල් පර්යන්තයේ කටයුතු ද ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සැලසුම් කළ ප්‍රමාණයට වඩා පහළ මට්ටමක පවතී.

යුරෝපයේදී රුසියාවට සම්බන්ධ තෙල් නැව් නිතර අත්අඩංගුවට පත්වීම හේතුවෙන් මර්මන්ස්ක් (Murmansk) වරායෙන් සිදුවන ආක්ටික් තෙල් අපනයනයට ද දිනකට බැරල් 300,000ක පමණ බාධාවක් එල්ල වී ඇත.

ආසියානු වෙළඳපල කෙරෙහි අවධානය

බටහිර අපනයන මාර්ග අවහිර වීමත් සමඟ මොස්කව් පාලනයට ආසියානු වෙළඳපල කෙරෙහි වැඩි වශයෙන් විශ්වාසය තැබීමට සිදු වී ඇතත්, එම මාර්ගවල පවතින සීමිත ධාරිතාව හේතුවෙන් ගැටලු මතුව තිබේ.

කෙසේ වෙතත්, චීනය වෙත නල මාර්ග හරහා සිදුවන සැපයුම් සහ කොස්මිනෝ (Kozmino) වරාය හරහා සිදුවන මුහුදු මාර්ග අපනයන අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙම මාර්ග ඔස්සේ දිනකට තෙල් බැරල් මිලියන 1.9ක් පමණ අපනයනය කෙරේ.

මීට අමතරව සකාලින් (Sakhalin) ව්‍යාපෘතියෙන් දිනකට බැරල් 250,000ක් සහ බෙලරුස් රාජ්‍යයේ පිරිපහදු සඳහා දිනකට බැරල් 300,000ක් පමණ රුසියාව විසින් අඛණ්ඩව සපයනු ලබයි. (රොයිටර්) 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදපෙරදිග අර්බුදයේ දැනට ඇති කම්පනය දරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියි – මහබැංකු අධිපති කියයි!

Next Post

2026 ඉරාන යුද්ධය: පර්සියානු ගල්ෆ් කලාපයේ සටන් දරුණු වෙද්දී රාජ්‍ය තාන්ත්‍රික මාවත් විවෘත වීමේ ලකුණු!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.