සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යූ.බී වන්නිනායක, “මිස්ටර් ටෙන් පසන්ට්” හරහා ප්‍රසන්න ගුණසේන තෙක් පැමිණි ගමනක කතාව!

by editor
මාර්තු 25, 2026
in පුවත්
Prasanna-UB
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

  • වන්නිනායකගේ කාර් එකේ සිට ප්‍රසන්නගේ බස් රථ 4 දක්වා: රටට ලැබුණු ‘පගාවේ’ ඓතිහාසික දේශපාලනය ගැන කියවන්න…

ඒ ගත වෙමින් තිබුණේ  1968 වසරය. වොෂින්ටන් නුවර පැවැති ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේ සභාපතිත්වය දැරීමට ලංකාව වැනි කුඩා රටක මුදල් ඇමතිවරයෙකු තේරී පත්වීම එදා සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමක් විය. ඒ ගෞරවය හිමිව තිබුණේ ඩඩ්ලි සේනානායක රජයේ මුදල් ඇමති යූ.බී. වන්නිනායකටය.

සමුළුවේ කටයුතු නිමවද්දී සංවිධායකයෝ එතුමා වෙත පැමිණ සුබ පතමින් සුවිශේෂී ත්‍යාගයක් පිරිනැමූහ. ඒ එකල ලොව තිබූ ඉහළම වටිනාකමකින් යුතු නවීන මෝටර් රථයකි.

“ මේ රථය කුමක් ද?. ඇයි මෙය මට ලබා දෙන්නේ?.  මා හිතන්නේ මේ රථයේ වටිනාකම මුදලට හරවා ලංකාවේ භාණ්ඩාගාරයට යැවීම සුදුසුයි. “ මුදල් ඇමතිවරයා ඇසුවේය.

“මෙය ඔබේ පෞද්ගලික පාවිච්චිය සඳහා පිරිනමන තෑග්ගක්. මෙය රජයට අයිති දෙයක් නෙවෙයි,” යැයි සංවිධායකයෝ අවධාරණය කළහ.

එහෙත් වන්නිනායක ලබාදුන් පිළිතුර අදටත් දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත්තේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මා මෙම සමුළුවට සහභාගී වූයේ යාපහුවේ වන්නිනායක ලෙස නොව, ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙසයි. ඒ නිසා මට ලැබෙන ඕනෑම ගෞරවයක් හෝ ත්‍යාගයක් හිමි විය යුත්තේ මා නියෝජනය කළ මගේ රටටයි.”

එම මෝටර් රථය ලංකාවට ගෙන්වා ගන්නවා වෙනුවට එහි සම්පූර්ණ වටිනාකම ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට බැර වීම ඔහුගේ උපදෙස් මත ඉන් පසු සිදු විය.

යූ.බී වන්නිනායකලාගේ ආදර්ශය හීනවලටත් දුර සුරංගනා කතා වූ අතීතයක් ඉන් පසු අපි පසු කර ආවෙමු.  ආර්ථික සංවර්ධන ඇමතිලා මිස්ටර් ටෙන් පසන්ට් ලෙස හඳුන්වනු ලැබුවේය.  සෑම සියලු රාජ්‍ය දේපලකින්ම ව්‍යාපාරකයින්ම අශ්ලීල ලෙස ගසා කෑ කිණිතුල්ලන් බඳු දේශපාලකයින් පිරිසක් රටේ සමාජ ආර්ථික දේහයේ සාරය උරා බිවූ ආකාරය නාඩි වැටෙන ඕනෑම එකෙක් දන්නේය.

අන්තිමට රට බංකොලොත් වුනේය. රටේ ඩොලරයක් නැති වුනේය.  මේ වනවිට ගොබ්බයන් කියමින් සිටින විදේශීය කුමන්ත්‍රණ නොව, පීඩනය දරාගත නොහැකි මිනිස්සු පාරට බැස කළ අරගලයක් තිබිණි. දේශපාලන පෙරළිය එහි ප්‍රතිඵලයකි. එම පෙරළිය සර්වතෝ බද්‍ර වූ පරිපූර්ණ එකක් නොවන බවත් මේ මිනිසුන් දන්නේය.  අප්‍රමාණ වැරදි අඩු පාඩු ඇති බවත් දන්නේය.  එහෙත් එම පෙරළියේ ගැඹුරු හරාත්මක ව්‍යුහය යූ.බී වන්නිනායකලාගේ දේශපාලනයේ  ගැඹුර ස්ඵර්ශ කරන බව පෙනෙමින් තිබෙන විට එය පමණක් ප්‍රමාණවත් නොවන්නේ දැයි අපට අසන්නට හිතෙන්නේය.

යූ.බී ලා දේශපාලනය කර දශක හයකට පසු නැවතත් ඇසෙන එවැනිම කතාවක් ලියා තබමු.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ අලුතින් පිහිටුවා ඇති මෙට්‍රෝ බස් සමාගම (Metro Bus Company) වෙනුවෙන් ආබාධිත ප්‍රජාවට ද ප්‍රවේශ විය හැකි  low-floor බස් රථ 100ක් ඇණවුම් කෙරිනි..

රුපියල් මිලියන 42ක් බැගින් වටිනා මෙම බස් රථ ඇණවුම සඳහා සැපයුම්කරු සමඟ සාකච්ඡාවක් පැවැත්විනි. සාකච්ඡාව අතර නියෝජ්‍ය ඇමතිවරයාගේ පාර්ශවයෙන් ඉල්ලීමක් ඉදිරිපත් විය.

“මේ තරම් බස් රථ ප්‍රමාණයක් මිලදී ගනිද්දි ඔබට මේ ගනු දෙනුව වෙනුවෙන් කළ හැකි දේ කුමක් ද?” නියෝජ්‍ය ඇමතිවරයා විමසා සිටියේය.

“එය ඔබට තීරණය කළ හැකියි…”  සමාගම් නියෝජිතයෝ කීහ.

“ මගේ රටේ ජනතාවට ලබා දිය හැකි හොඳම දේ ප්‍රතිලාභයක් ලෙස ඔබ ලබා දෙන්න. එය මගේ රටට මේ මොහොතේ දී වැදගත්” නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

සමාගම මිලියන 42ක් වටිනා බස් රථ 04ක් රටට නොමිලේ ප්‍රදානය කරන්නට එකඟ වූයේය. ප්‍රදානයේ වටිනාකම මිලියන 168කි. දාසය කෝටි අසූ ලක්ෂයකි.

බංකොලොත් වි ලේ මස් උරා බී හප කළ දේශපාලන පිශාච යුග පසුකර පැමිණි පසු  අප ප්‍රාර්ථනා කළ දේශපාලනය අප ප්‍රාර්ථනා කළ දේශපාලන පරිවර්තනය මෙය නොවේ නම් කුමක් ද?.  දැනට මේ කතාව ප්‍රමාණවත්ය.  මෙම නව මෙට්‍රෝ බස් සේවාව යටතේ ආබාධිත පුද්ගලයින්ට පවා පහසුවෙන් ගමන් කළ හැකි බස් රථ 104 ක් ලබන අගෝස්තු මාසය වන විට මගී ජනතාව වෙනුවෙන් ධාවනයට එක් කිරීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ලේ නිවසක සැඟවී අන්තර්ජාල වංචා කළ වියට්නාම ජාතිකයින් 09ක් කොටු වෙයි!

Next Post

තණමල්විල ෂෙඩ් කාරයා දිසාපතිටත් උඩින්… ගොවීහු අන්ත අසරණ වෙති!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.