මනම්පිටිය – නිමල් ජයරත්න –
හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ නිවසක සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, පතොරම් සහ යුද හමුදා නිල ඇඳුම් ඇතුළු උපකරණ තොගයක් අරලගංවිල විශේෂ කාර්ය බලකාය (STF) විසින් සොයාගෙන තිබේ.
පොළොන්නරුව රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ (මාර්තු 11) මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ සැකකරු
අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික යුද හමුදා සෙබළෙකි. වැටලීමේදී ඔහුගේ නිවසේ තිබී පහත සඳහන් දෑ පොලිස් භාරයට ගෙන ඇත:
-
ජීව අත්බෝම්බයක්
-
විවිධ වර්ගයේ ජීව උණ්ඩ සහ හිස් පතොරම් කොපු 36 ක්
-
පුහුණු කටයුතු සඳහා භාවිතා කරන උණ්ඩ කිහිපයක්
-
යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් සහ කැමා (Camo) තොප්පි 4ක්
-
තවත් හමුදා උපකරණ රැසක්

වැටලීම සහ ඉදිරි පියවර
විශේෂ කාර්ය බළකායේ අරලගංවිල අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක හේමන්ත බණ්ඩාර සඳහන් කළේ, සැකකරු සහ සොයාගත් ආයුධ තොගය වැඩිදුර විමර්ශන සඳහා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි.
අරලගංවිල විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක ආර්.එන්. ප්‍රේමකුමාර සහ උප පොලිස් පරීක්ෂක එච්.ඩී.ජී. හිඟුරගේ ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම මෙහෙයවන ලදී.







