යෝජිත සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් අනුප්‍රාප්තික සමාගම් නිකුත් කළ ලිපියේ අන්තර්ගතයට එකඟ වන නමුත් නීත්‍යනුකූල වලංගු භාවය සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් පැන නැගී ඇති බැවින් එම ගැටලුව නිවැරදි කරන තුරු අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් නොහරින බව ලංකා විදුලිබල මණ්ඩ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
එහි දැක්වෙන්නේ මේ නීත්‍යානුකූලව වලංගු නැති ලියැවිල්ලට නීත්‍යානුකූල භාවයක් ලබා දීම පමා කර මෙම ගැටලුව තීව්ර කරනු ලබන්නේ විදුලිබල ඇමතිවරයාගේ පාර්ශවයෙන් බවද එම නිවේදනයේ සඳහන් වේ.
තම අයිතිවාසිකම් කහවුරු කර ගැනීම උදෙසා වෘත්තීය සමිති 25 විසින් ඉදිරිපත් කළ යෝජිත සාමූහික ගිවිසුමේ වගන්ති සම්බන්ධයෙන්, අනුප්‍රාප්තික නව සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග ඊයේ (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව සමාගම් 6 න් 4 ක සභාපතිවරුන්ගේ එකඟතාව හා ඔවුන්ගේ අත්සන් සහිත ලිපියක් සමාජගත ඇති නමුත් එම ලිපියේ නීත්‍යානුකූල වලංගුතාවය සම්බන්ධව ගැටලුවක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එහි මෙසේ දැක්වේ.
මෙම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් අපට එකඟ විය හැකි වුව ද, එහි නීත්‍යනුකූල වලංගු භාවය පිළිබඳ ව බරපතළ ගැටලු පවතී. එබැවින්, එහි සඳහන් පහත අඩුපාඩු සම්පුර්ණ වන තුරු එම ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි අපගේ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කිරීමට අපට නොහැකි බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.
මෙම ලිපියේ නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කළ ප්‍රධාන ගැටලු අඩුපාඩු ඔබගේ කාරුණික අවධානය සඳහා පහත පරිදි පෙළගස්වමු:
- අදාළ සමාගම් භයෙන් හතරක් වෙනුවෙන් හුදෙක් ‘ සභාපතිවරුන්’ යැයි සටහන් කර අත්සන් තබා තිබීම සහ අත්සන් කර ඇති පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව පැහැදිලිව තහවුරු කර නො තිබීම.
- ලංවීම සේවක අර්ථසාධක අරමුදල හා විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් ඇති කළ සමාගමේ සභාපතිවරයාගේ අත්සනක් එහි නොමැති වීම.
- විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා වැනි ව්‍යවස්ථාපිත බලකල ඇති බලතල ඇති නීත්‍යනුකූල බලයලත් නිලධාරියෙකු විසින් මෙම ලිපියේ අන්තර්ගතය සහතික කර අනුමත (Endorse) කර කො තිබීම.
මෙසේ නීත්‍යනුකූල ලිඛිත එකඟතාවයක් ලබා දීමේ ප්‍රමාදය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සිදුවන්නක් වන අතර, ඔහු විසින් මින් පෙර අපගේ ඉල්ලීම් වලට ලබා දුන් වාචික පොරොන්දු වලට අනුගත නොවී සිටීමේ පුර්වාදය ඇති බැවින්, ඔහුගේ ප්‍රකාශ කෙරෙහි අපගේ විශ්වාසනීයත්වය පළුදු වී තිබීම නිසා මෙම ඉල්ලීම සිදු කරන බව දන්වා සිටිමු.
පහත දැකවෙන්නේ විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය ය.








