බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මිනියක් කරාපිටිය රෝහලම හොල්මන් කළ හැටි

by editor
දෙසැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • හදිසි මරණ පරීක්ෂකගේ නියෝගයට පිටින් පොලිසිය උසාවි ගිහින්…

  • චක්‍රලේඛ උල්ලංඝණය කරලා මල සිරුර තැන්පත් කරලා…

  • අධිකරණ වෛද්‍ය කාර්යාල සේවකයන් විරෝධතාවයකට යන්න සූදානමින්

ලලිත් චාමින්ද

ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත  පුද්ගලයාගේ මෘත දේහය පිළිබද අවසන් කටයුතු  රජයේ නිරෝධායන නිතිරිතිවලට අනුකුලව කටයුතු නොකර    කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට තැබිම නිසා අධිකරණ වෛද්‍යවරුන් මෙන්ම එහි සේවකයින් දැඩි නොසන්සුන් තාවයට පත්ව සිටින බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විරෝධයක්

මෙම තත්වය නිසා  රෝහලේ අධිකරණ වෛද්‍ය පද්ධතිය කඩාවැටිමේ අවදානමක් පවතින බවද  අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පෙන්වා දෙයි. කොවිඩ් ආසාදිත   තිදරු පියකුගේ මරණය නිරෝධායන නිතියටතේ රජයේ නියමයන්ට අනුකුලව ආදාහනය කරණ ලෙස  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  විසින් නියෝග කළවිට පොලිසිය විසින් ඒය ක්‍රියාත්මක නොකොට මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කිරිම සම්බන්ධවද  අධිකරණ වෛද්‍යවරුන්ගේ හා එහි සේවකයින්ගේ විරෝධය පලවි ඇත.  නිරෝධායන නීතිරිති අමු අමුවේ උල්ලංඝනය කරමින්  කටයුතු කරඇති බවද අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොරෝනා  ආසාදිත මරණ තබාගැනිම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිශිතකරණ පහසුකම් නොමැති බවද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මේ පිළිබඳ අප කළ විමසුමකදි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු අප සමග මෙසේ කිවේය.

“මෙම පුද්ගලයා මියගොස් පැය 48කට පසු ගත්තු සාම්පල් තමයි පි.සි ආර් පරික්ෂණයකට ලක් කළේ. පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා.  හදිසි මරණ පරික්ෂකවරයා  නිරෝධායන පනත යටතේ මෙම කොවිඩ් මරණයක් නිසා ආදාහනය කරණ ලෙස නියෝග කළා. නමුත් පොලිසිය කළේ එම නියෝගය ක්‍රියාත්මක නොකර මියගිය අයගේ ඥාතින් සමග අධිකරණයට ගිය එකයි.

කොවිඩ් චක්‍රලේඛණ උල්ලංඝණය වුන හැටි

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්  විසින් අවසාන වතාවට නිකුත් කර ඇති චක්‍ර ලේඛණයට අනුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත්  දෙසැම්බර් 03  සංශෝධිත චක්‍රලේඛණය  අනුව  අනිවාර්යෙන්ම ආදාහනය කරන්න කියලා  ලිඛිතව දැනුම් දිලා තියෙනවා. අධිකරණ වෛද්‍යවරු හා හදිසි මරණ පරික්ෂකවරයා කටයුතු කරලා තියෙන්නේ ඒ චක්‍රලේඛනය අනුව.  පොලිසිය අධිකරණයට ගියාට මේ ගැන මරණ පරික්ෂකවරයා දැනුවත් කරලා නැහැ. මෙම මෘතදේහය  කපලා තියෙන්නේ. කොවිඩ් මරණ පමණක් තැන්පත් කරන්න අපිට වෙනම අධිශිතකරණ නැහැ. 

රෝහලේ 10 දෙනෙකු දිනකට මිය යනවා.  සාමාන්‍ය මරණ තැන්පත් කරණ අධි ශිත කරණ තියෙනවා. කොරෝනා මරණ එවායේ තැන්පත් කරන්න බැහැ. කොවිඩ් මරණයක් අධිශිතකරණය තුළ තැන්පත් කරලා තියෙන විට සති දෙකක් යනකම් වෛරසය නොමැරි තියෙනවා. මේ මෘත දේහය කඩිනමින් ඉවත් කළ යුතුයි. නැතිනම් ඉදිරියේ දි අධිකරණ වෛද්‍ය පද්ධතිය කඩාවැටිමේ පමණක් නෙවෙයි. අධිකරණ වෛද්‍ය අංශයේ සේවකයින් විරෝධතාවයකට යන්න පවා ඉඩ තියෙනවා“ යැයිද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මරණය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ   උපදෙස් පරිදි කටයුතු කරණ  ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්  පවිත්‍රා සංජිවනි පතිරණ   සඳහන්  කළාය.

ආදාහනය කරනවා ද භූමදාන කරනවා ද?

සක්‍රිය කොවිඩ් 19 ආසාදනය සහිත රෝගියකුට ඇතිවු හෘද රෝගි තත්වයක් හේතුවෙන්  මියගිය ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි  (84) නැමති තිදරුපියගේ මරණය සම්බන්ධව ගාල්ල මුලස්ථාන පොලිසිය මගින් අධිකරණය වෙත කරණු ඉදිරිපත් කොට තිබුණි. 

කොවිඩ් ආසාදනයෙන් මිය යන  මුස්ලිම්වරුන්ගේ මරණ ආදාහනය කරනවාද නැතිනම් භුමදානය කරණවාද යන්න  සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ දි සාකච්ඡාවක් පැවැත්වෙන බැවින්  ඒ සාකාච්ඡාවේ දි ගනු ලබන තිරණය ලැබෙන තෙක් මෘත දේහය තැන්පත් කර තැබීමට අවසර දෙන ලෙස මියගිය පුද්ගලයාගේ පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් අධිකරණයෙන් ඉල්ලිමක් කරණු ලැබිය.

කොවිඩ් ආසාදිත   තිදරු පියකුගේ මරණය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුකුලව ආදාහනය කරණ ලෙස  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  විසින් නියෝග කළවිට ආදාහනය කරන්නේ නම් ඥාතීන් සිරුර බාර නොගන්නා බවත්, භූමිදානය කරන්නට අවසර දෙනවා නම් පමණක් එය බාරගන්නා බව පවසමින්  මියගිය  අයගේ පුතෙකු  මරණ පරික්ෂණයේ දි ප්‍රකාශකොට තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුස්ලිම් මළසිරුරු තබාගන්න අධිකරණ ඇමති සබ්රිගෙන් කන්ටේනර් 5ක් ඉල්ලයි

Next Post

මහියංගනයට වැස්ස අරුම පුදුම මාළු වැස්ස

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.