ඉරානය විසින් අමෙරිකා එක්සත් ජනපද භූමිය තුළ දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමේ අවදානමක් පවතින බවට එරට බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි රොයිටර් පුවත් සේවය අද (03) වාර්තා කළේය.
මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ඉරානය සහ අමෙරිකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ යුදමය නොසන්සුන්තාවය දැඩි වෙමින් පවතින පසුබිමකය.
බුද්ධි අංශ වාර්තාවලට අනුව, ඉරාන සහාය ලබන කණ්ඩායම් හෝ ඉරාන නියෝජිතයන් හරහා අමෙරිකාවේ උපායමාර්ගික ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්රහාරයන් එල්ල වීමේ සෘජු තර්ජනයක් පවතී.
පසුගිය කාලසීමාව පුරා මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම් අතර ඉරාන අධ්‍යාත්මික නායක්වරයා ඇතුළු ජාතියේ ආරක්ෂක ප්‍රධානීන් ගේ ජීවිතවල වන්දිය ලබා ගැනීමේ දැඩි ස්ථාවරයක පසුවන වටපිටාවක මෙම අවදානම බරපතල වී ඇති බව බුද්ධි අංශ පවසයි.
රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම තර්ජනය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රධාන නගරවල සහ රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි. ත්‍රස්තවාදී මර්දන ඒකක සහ එෆ්.බී.අයි (FBI) ආයතනය මේ වන විටත් විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ.
ඇමරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය සහ බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නොමැති වුවද, අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවයි.
මෙම තත්ත්වය මත ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල කෙරෙහිද බලපෑමක් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.







