මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල සිරිපුර පහල යක්කුරේ ගම්මානයේ 28 වෙනිදා සවස වයස අවුරුදු පහළොවක දැරියකට තියුණු ආයුධයකින් පහර කපා කොටා තුවාල සිදුකර ඇති බව කියන ඇයගේ ලොකු අම්මා අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
තුවාල ලැබූ දැරියගේ පියා හා මව නොමැති අතර ඇය ආච්චිගේ නිවසේ සිට ලොකු අම්මාගේ නිවසට දියණියමට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරයට මූණ පා ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය සඳහන් කරයි.
මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ නුවරගල පහළ යක්කුරේ අංක 233 ලිපිනයේ ජීවත් වූ එච්.එම්. ගගනී නිඳුරංගනා හේරත් නැමැති දැරිය බව පොලිසිය පවසයි. ඇය පහල යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි
බරපතල තුවාල ලැබූ දැරිය දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහල් පොලිසිය විසින් සිරිපුර පොලිසියට මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව 47 වියති දැරියගේ ලොකු අම්මා අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට දැරියගේ බරපතල තත්ත්වය හේතුවෙන් ඇය දෙහිඅත්තකණ්ඩිය රෝහලෙන් පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.
දැරියගේ පියා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පොළොන්නරුවේ ඩිපෝවේ රාජකාරී කටයුතු කරමින් මීට මාස හතරකට ඉහත දී මියගොස් ඇත. මව දියණිය හැර ගොස් තිබේ. මෙම දියණිය ආච්චිගේ නිවසේ ජීවත් වී ඇත.
දැරියට පහර දුන් ස්ථානය සහ එම ආයුධය පිළිබඳ ස්ථානය පරීක්ෂණයක් සොකො නිලධාරීන් විසින් 01 සිදුකරන බවත්, දැරියගේ ලොකු අම්මා පොළොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයට පළවෙනිදා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි.







