බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගී මව බැලීමට පැමිණි කාන්තාවක සමග බස් රියේ දී හාද වී ලක්ෂ 10ක රන් බඩු සොරාගත් අපරාධකරු සොයා පොලිස් පරීක්ෂණයක්…

by editor
මාර්තු 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මහනුවරට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මව බැලීම සදහා පදවි ශ්‍රී පුර සිට  බස් රථයකින් පැමිණෙමින් සිටි කාන්තාවක් හා හාද වී ආහාර සමඟ මත්ද්‍රව්‍යයක් ලබාදී ඇය සතු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන් අභරණ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා  පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සිහිමුර්ජා තත්ත්වයෙන් ගලගෙදර රෝහලට ඇතුළත් කළ 45 හැවිරිදි කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

මෙම කාන්තාව ගලගෙදර පදිංචි තම සහෝදරියගේ නිවසට ගොස් මව බැලීමට සැලසුම් කර බස් රථයෙන් කුරුණෑගලට පැමිණ සිටියදී මෙම සිද්ධියට මුහුණපා තිබේ.

පදවි ශ්‍රී පුර සිට පැමිණෙමින් තිබූ බස් රථයට අතරමගදී ගොඩවූ පුද්ගලයා තමන් අසළින් වාඩිවී ආගිය තොරතුරු විමසා එක් වරම ආසනය ළඟ වැටී තිබූ පෙන්ඩනයක් අහුලාගෙන එය තමන්ගේද යන්න විමසූ බවත් තමන්ගේ නොවන බව කී විට ඔහු එය විකුණා මුදල් බෙදාගමු යැයි යෝජනා කළ බවත් කාන්තාව  පවසා ඇත.

දඹුල්ල දක්වා ටිකට් පතක් ලබාගෙන සිටි ඔහු පෙන්ඩනය විකුණා මුදල් බෙදා ගැනීමේ යෝජනාව කර  කුරුණෑගල දක්වා තමන් සමඟ පැමිණි බවත් රන් අභරණ සාප්පුවකට ගොස් කළ විමසීමකදී රුපියල් 30000 ක මුදලක් එයට ලබාදිය හැකි බව ප්‍රකාශ කළ බවත් පවසා තිබේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ලොතරැයි ටිකට්පත් 05 ක් මිලට ගෙන තමන්ට ලබාදුන් අදාළ පුද්ගලයා පෙන්ඩනයද විකුණා මුදල් ලබා ගන්නා ලෙස පවසා එයද තමන්ට ලබාදුන් බවත් කාන්තාව වෛද්‍යවරයා කළ ප්‍රකාශයේ සඳහන්ව ඇත.

පසුව කුරණෑගල නරගයේ වෙළෙඳ සැලක් වෙත ගොස් එළවළු රෝටී හා දිවුල් බීම බෝතලයක් මිලට ගත් එම පුද්ගලයා තමන්ට ඒවා ලබාදුන් බවත් පසුව බස් රථයේ කොන්දොස්තරවරයා ගලගෙදරදී තමන්ට ඇහරවන තෙක් සිදුවූ කිසිවක් මතක නැති බවත් ඇය පවසා තිබේ.

රන් මාලය හා පෙන්ඩනයත් වලලක් හා රන් මුදුවත් සමඟ ගමන් බෑගයේ තිබූ රුපියල් 2000 ක මුදලත් අදාළ පුද්ගලයා විකුණා මුදල් ලබා ගන්නා ලෙස ප්‍රකාශ කරමින් ලබාදුන් පෙන්ඩනයද ඔහු රැගෙන ගොස් තිබෙන බව කාන්තාව පොලීසියට පවසා ඇත.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝහල් පොලීසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී තිබෙන අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුල්ම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයා මරා දැමූ පසු දැන් මැද පෙරදිග සිදුවන්නේ කුමක් ද?

Next Post

15 හැවිරිදි දැරියක් කපා කොට බරපතල තුවාල සිදු කළ දැරියගේ ලොකු අම්මා අත් අඩංගුවට…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.