අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි ගෙන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
සුරේෂ් සලේ පසුගිය 25වැනිදා පෙරවරුවේ පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවය.
1987 මාර්තු 16 වැනිදා ශ්‍රී ලංකා යුද්ධ සේවයට එක්ව ඇති මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ 2019 දෙසැම්බර් සිට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස කටයතු කළේය.
ඔහු 2024 අග භාගයේදී රාජ්‍ය බුද්ධි සේවයෙන් පහකරනු ලැබුවේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා සිටි නමුත් ධූරයෙන් ඉල්ලා අස්වීම ඔහු විසින් ප්‍රතික්ෂේප කළ පසුවය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වුනු පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයේදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්වුණි.







