සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ පීඩනය හමුවේ ඉරානය මෙල්ලවන ලකුණු….

by editor
පෙබරවාරි 28, 2026
in පුවත්
Thrump
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

ඇමරිකාව සහ ඉරානය අතර වක්‍රව පැවැත්වෙන න්‍යෂ්ටික සාකච්ඡා මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව  ඕමාන විදේශ අමාත්‍ය බදර් අල්බුසයිදි  ඊයේ  (27)  පැවසුවේය. ඔහු මේ බව පවසන්නේ වොෂින්ටනයේදී ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්  සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව CBS පුවත් සේවයේ “Face the Nation” වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහි දී  ඕමාන විදේශ ඇමතිවරයා පෙන්වා දුනනේ බෝම්බ නිපදවිය හැකි මට්ටමේ න්‍යෂ්ටික ද්‍රව්‍ය කිසිම දිනක සන්තකයේ තබා නොගැනීමටත්, බල ගන්වන ලද    යුරේනියම් තොග රැස්කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් ඉරානය මෙහිදී එකඟ වී ඇති බවය.

ඕමාන විදේශ ඇමතිවරයා කළ හෙළිදරව්වට  අනුව  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පූර්ණ පරීක්ෂාවන්ට යටත් වීමට ද ඔවුන් එකඟතාව පළ කර ඇත. මෙම එකඟතාවන් ඉතා වැදගත් ජයග්‍රහණයක් බවත්, සාමකාමී විසඳුමක් ඉතා ආසන්න බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, වියානාහි පැවැත්වීමට නියමිත තාක්ෂණික සාකච්ඡා හරහා මෙහි ඉදිරි කටයුතු අවසන් කිරීමට තවත් කාලය අවශ්‍ය බව අවධාරණය කළේය.

ඕමාන විදේශ ඇමතිවරයා සහ එක්සත් ජනපද උප ජනාධිපති අතර හමුව…

2026 පෙබරවාරි මස මුල සිට ඕමානයේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන මෙම සාකච්ඡා මාලාව, හමුදාමය ගැටුමකට ඇති එකම රාජ්‍ය තාන්ත්‍රික විකල්පය ලෙස හඳුනාගෙන ඇත. මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් තත්ත්වය ඉතා දරුණු විය හැකි බවට දෙපාර්ශවයම පිළිගෙන තිබේ.

කිසියම් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඉතා නරක ප්‍රතිඵල අත්වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති අතර, විනාශකාරී යුද්ධයක් වළක්වා ගැනීමට නම් රාජ්‍ය තාන්ත්‍රික මාවතට ප්‍රමුඛතාව දීම අත්‍යවශ්‍ය බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද පවසා ඇත.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

යුරේනියම් තොග අඩු කිරීම සහ ජාත්‍යන්තර අධීක්ෂණය වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් පැවතිය ද, තවමත් දෙපාර්ශවය අතර මූලික ගැටුම් පවතී. විශේෂයෙන්ම ඉරානයේ යුරේනියම්  බලගැන්විමේ   කටයුතු ස්ථිරවම නතර කිරීම සහ ෆෝඩෝ, නටාන්ස් වැනි ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වසා දැමිය යුතු බවට ඇමරිකාව ඉල්ලා සිටියත්, සාමකාමී අරමුණු සඳහා සීමිත යුරේනියම් ප්‍රමාණයක් බල ගැන්විමේ  අයිතිය සහ සම්බාධක ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉරානය දැඩිව පෙනී සිටියි.

ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන් සහ කලාපීය කණ්ඩායම් සඳහා දක්වන සහයෝගය වැනි පුළුල් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමරිකාව උත්සාහ කළ ද, ඒ සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබාදීමට ටෙහෙරානය සූදානම් නැත. කෙසේ වෙතත්, මෙම න්‍යෂ්ටික අර්බුදය විසඳා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් හැර වෙනත් විකල්පයක් නොමැති බව අල්බුසයිදි ගේ ස්ථාවරයයි.

එසේ වුවද, 2003 වසරෙන් පසු මැදපෙරදිග කලාපය තුළ සිදුවූ විශාලතම ඇමරිකානු හමුදා ඒකරාශී වීම දැනට සිදුවෙමින් පවතින අතර, එය සාකච්ඡා සඳහා පීඩනයක් ලෙස යොදාගත හැකි වුවත්, යම් හෙයකින් සාකච්ඡා අසාර්ථක වුවහොත් සිදුවිය හැකි අනපේක්ෂිත දෝෂ සහගත තීන්දු තීරණ මගින් යුද අවදානම ඉහළ යා හැකි බව ද වාර්තා වේ.

කමේනි බය වෙලා ද?

Ayatollah-Ali-Khamenei

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් එය ප්‍රාදේශීය යුද්ධයක් දක්වා වර්ධනය වන බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් “ප්‍රබල ප්‍රහාරයක්” එල්ල කරන බවත්ය. ඔහු මෙහිදී බියක් පෙන්නුම් කරනවා වෙනුවට අභියෝගාත්මක ස්වරූපයකින් කටයුතු කළ ද, පාලන තන්ත්‍රය තුළ යම් නොසන්සුන්තාවක් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන්ම තමන් හෝ රටේ ප්‍රධාන නායකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල විය හැකි අවස්ථාවන් සඳහා කමේනි සහ ඔහුගේ සමීපතමයන් හදිසි සැලසුම් සකස් කරමින් සිටින බව පැවසේ. ඇමරිකාව හෝ ඊශ්‍රායලය විසින් නැවත ප්‍රහාර එල්ල කරනු ලැබුවහොත්, එය ඉරානය තුළ යළිත් රටපුරා විරෝධතා ඇවිළවීමට හේතු විය හැකි අතර, එය පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වනු ඇතැයි ඔවුන් බිය පළ කරති. 2026 ජනවාරි මාසයේදී ඉතා දරුණු ලෙස මර්දනය කරන ලද මෙම විරෝධතා, බාහිර හමුදාමය පීඩනය හමුවේ යළිත් ඉස්මතු විය හැකි බවට නිලධාරීන් කමේනිට අනතුරු අඟවා ඇත්තේ දැන් පවතින තත්ත්වය හමුවේ විරෝධතාකරුවන් තවදුරටත් බිය ගැන්විය නොහැකි බව පවසමිනි. කෙසේ වෙතත්, අතීත අත්දැකීම් මත පදනම්ව කමේනි විශ්වාස කරන්නේ ගැටුමකට වඩා යටත් වීම තම පැවැත්මට ඇති ලොකුම තර්ජනය බවයි.

මේ ගෙවී යන මොහොත වන විට ඉරාන-ඇමරිකානු ගැටුම ඉතා අවදානම් සහගත මට්ටමක පවතින්නේ න්‍යෂ්ටික අභිලාෂයන්, සම්බාධක සහ කලාපීය නියෝජිත කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හේතුවෙනි. 2025 ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ කෙටි නමුත් විනාශකාරී යුද්ධයෙන් පසුව මෙම තත්ත්වය උග්‍ර විය. එම අවස්ථාවේදී ඇමරිකාව ඉරානයේ ෆෝඩෝ, ඉස්ෆහන් සහ නටාන්ස් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ අතර, ඉන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මාස කිහිපයකින් පසුපසට ගිය ද එය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඇමරිකාවට නොහැකි විය.

යුද්ධයෙන් පසු යුරේනියම් බලගැන්වීම  නතර කළ බව ඉරානය ප්‍රකාශ කළත්, හානි වූ ස්ථාන පරීක්ෂා කිරීමට අවසර නොලැබීම නිසා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට (IAEA) එය තහවුරු කිරීමට නොහැකි වී තිබේ. දැනට ඉරානය සතුව 60% ක මට්ටමට බලගන්වන ලද    යුරේනියම් රාත්තල් 972 ක් පමණ පවතින අතර, ඒවා තවදුරටත් පිරිසැකසුම් කළහොත්  න්‍යෂ්ඨික  අවි 10 ක් පමණ නිපදවීමට ප්‍රමාණවත් වේ.

මේ අතර, ඇමරිකාව මැදපෙරදිග කලාපය තුළ පෙර නොවූ විරූ ගුවන් බලයක් සහ නාවික බල ඇණි දෙකක් රඳවාගෙන සිටින්නේ ඉරානයට බලපෑම් කර සහන ලබා ගැනීමටය. යුරේනියම් බල ගැන්වීම    මිසයිල වැඩසටහන් සහ කලාපීය සටන්කාමීන්ට ලබාදෙන සහය ස්ථිරවම සීමා කරන ලෙස ඇමරිකාව ඉල්ලා සිටියි.

ඉරානය ඊට ප්‍රතිචාර දක්වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා   රුසියාව සමඟ නාවික අභ්‍යාස පවත්වමිනි.   ඇමරිකානු කඳවුරුවලට හෝ ඊශ්‍රායලය වැනි මිත්‍ර රටවලට ප්‍රහාර එල්ල කරන බවටත් ඉරානය ඒ සමගම අනතුරු අඟවන්නේය.

අභ්‍යන්තර වශයෙන් ඉරාන ආර්ථිකය සම්බාධක සහ උද්ධමනය හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, මර්දනය කරන ලද විරෝධතා ද පාලනයට අභියෝගයක් වී තිබේ.

ජිනීවා නුවර පැවැති සාකච්ඡා වට තුනකින් පසුව ද තවමත් අවසන් එකඟතාවක් ඇති වී නැත. ඕමාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉරානය තම යුරේනියම් තොග “ශුන්‍ය” මට්ටමට ගෙන ඒමට සහ කිසිදා න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය සන්තකයේ තබා නොගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති  බවය. නමුත් ට්‍රම්ප් අසතුටෙනි. ඔහු ඊයේ ( 27)  ධවල මන්දිරයේදී අදහස් දක්වමින්  ප්‍රකාශ කරන්නේ  තමා සාකච්ඡා ගැන තවමත් “සතුටු නොවන” බවය.  හමුදාමය විකල්පය තවමත් මේසය මත පවතින බවත් හෙතෙම අවධාරණය කරන්නේය..

අද (  28) ලැබී ඇති නවතම තොරතුරු අනුව, මෙම සාකච්ඡාවල තීරණාත්මක තාක්ෂණික අදියර ලබන සඳුදා (  02) වියානාහිදී ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත්  මෙම  සාකච්ඡා හරහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට ඇති බලාපොරොත්තුව තවමත් පවතී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සලෙයිට එරෙහිව දින 90 රැඳවුම් නියෝග…

Next Post

තලපති විජේ සහ සංගීතාගේ 27 වසරක යුග දිවිය  දෙදරා යෑම හෙවත් සුරංගනා කතාවක නිමාව…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.