ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් “පොඩි ලැසී” දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඔහුගේ මෙරට අපරාධ ජාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
පසුගිය කාලසීමාවේදී ඇප මත නිදහස්ව සිටියදී මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් සිටි මොහු, මුම්බායිහිදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට එරෙහිව ඉන්දියාවේ පැවති නඩු කටයුතු අවසන් වීමත් සමඟ ඉන්දීය බලධාරීන් විසින් ඔහුව මෙරටට භාර දීමට තීරණය කර තිබිණි.







