බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගියෙක් ප්‍රවාහනය කරමින් සිටිය දි  ඉන්දියාවේ Air Ambulance එකක් කඩා වැටෙයි: රෝගියා වෛද්‍ය කණ්ඩායම ඇතුළු සත් දෙනෙකු ජීවිතක්ෂයට

by editor
පෙබරවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රාංචි සිට දිල්ලි බලා පියාසර කරමින් තිබූ ගුවන් ගිලන් රථයක් ඊයේ (23) රාත්‍රියේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේදී කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් හත් දෙනාම මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

මුලදී එක් මරණයක් පමණක් වාර්තා වූ නමුත්, යානයේ සිටි සියලු දෙනාම සිමාරියා ප්‍රදේශයේදී මියගොස් ඇති බව චත්‍රා නියෝජ්‍ය කොමසාරිස් කීර්තිශ්‍රී ජී.  පසුව තහවුරු කළාය.

අනතුරින් මියගිය පිරිස මෙසේ හඳුනාගෙන ඇත:

  • ප්‍රධාන ගුවන් නියමු: කපිතාන් විවේක් විකාස් භගත්
  • සහාය ගුවන් නියමු: කපිතාන් සව්රාජ්දීප් සිං
  • රෝගියා: සංජේ කුමාර් (වයස 41)
  • රෝගියාගේ සහායකයින්: අර්චනා දේවි සහ ධුරු කුමාර්
  • වෛද්‍ය කණ්ඩායම: වෛද්‍ය විකාස් කුමාර් ගුප්තා සහ පරිපූරක වෛද්‍ය සචින් කුමාර් මිෂ්රා

පොලිසිය  සඳහන් කළේ යානයේ සිටි සත් දෙනාගේම සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවය.

රෙඩ්බර්ඩ් එයාර්වේස් (Redbird Airways Pvt Ltd) සමාගමට අයත් VT-AJV දරණ බීච්ක්‍රාෆ්ට් (Beechcraft) C90 වර්ගයේ මෙම ගුවන් යානය, රාංචි සිට දිල්ලි දක්වා රෝගියෙක් රැගෙන යන  මෙහෙයුමක් සඳහා පිටත්ව ගොස් සුළු වේලාවකින් කඩා වැටී ඇත.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

රාත්‍රී 7:11 ට රෝගියා ද රැගෙන රාංචි නගරයෙන් පිටත් වූ යානය රාත්‍රී 10 ට පමණ දිල්ලි වෙත ළඟා වීමට නියමිතව තිබුණි. ඉන්දියා ටුඩේ  සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) කාර්යාලය උපුටා දක්වමින වාර්තා කරන්නේ , රාත්‍රී 7:34 ට වාරාණසියේ සිට නාවික සැතපුම් 100 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි ප්‍රදේශයකදී මෙම යානය කොල්කටා පාලන මැදිරිය සමඟ තිබූ රේඩාර් සහ සන්නිවේදන සබඳතා බිඳී ගොස් ඇති බවය.

මියගිය රෝගියා වූ සංජේ කුමාර්, ජාර්කන්ඩ් හි ලතේහාර් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සිරුරෙන් සියයට 65 ක් පිළිස්සුම් තුවාල ලබා සිටි අයෙකි. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව දිල්ලි වෙත රැගෙන යාමට පවුලේ සාමාජිකයින් තීරණය කර තිබුණි. ඔහු ඊයේ පස්වරු 4:30 ට පමණ රෝහලෙන් මුදා හැර ගුවන් තොටුපළ වෙත රැගෙන ගොස් ඇත.

යානය කඩා වැටීමට හේතුව සෙවීම සඳහා ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර යවා ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිගම  W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය – අධිකරණය මගහැර පලාගොස් සිටි CCD හිටපු පොලිස් පරීක්ෂඛ ජගත් නිශාන්ත කටුනායක දී අත් අඩංගුවට…

Next Post

ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය ගැන කෝප් කමිටුවෙන් පුළුල් පරීක්ෂණයක්…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.