හැටන් රංජිත් රාජපක්ෂ-
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් අද (22) දින කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවති එම පක්ෂයෙ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝගයක් කරනු ලැබීය.
.වතුකරයේ ජනාතාවගේ සැබැතතු වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරාව දැනුවත් නොකරන නිසා හැකි නම් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිළධාරින් පමණක් රැගෙන වතු නිවාස පෙළකට පැමිණ ඔවුන් ගත කරන ජීවිතය පිලිබඳව සොයා බලා ඒ පිලිබඳව වතු පාලන අධිකාරියෙන් සහ වතු සමාගමෙන් කරුණු විමසන ලෙසට අභියෝග කළ ජීවන් තොණ්ඩමන් වතු කම්කරුවන්ට රු.200ක වැටුප ලබා දෙන බවට වූ පොරොන්දුව ඉටු කළා සේම තමන් අද (22) දින කරන අභියෝගය ක්‍රියාවට නන්වා පෙන්වන ලෙස කීවේය.
වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම එලි දක්වන ලෙසත්, එම අවබෝධතා ගිවිසුම එළි දැක්වීමට රජය කටයුතු නොකිරීමෙන් වතු කම්කරුවන්ට වැඩිකළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවත් තොණ්ඩමන් මෙම රැස්වීමේ දී කීවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩලපිළිවෙළ කමන් අගය කරන බවත්, ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාලප තරයේ හෙළා දකින බවයි ජීවන් තොන්ඩමන් කියා සිටියේ.
වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කළද එම ජනතාවට වතු සමාගම් විසින් ලබා දුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බවත්, මේ සඳහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබා ගැනීමට අරගල කළ යුතු බවයි ජීවන් කොන්ඩමන් කීවේය.
තමන් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුකු කළ සමයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ඉදි කළ නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇතැම් වතුවල නතර වී ඇති බවත්, එම නිවාසවල වැඩ කටයුතු අවසන් කිරීමට රජයේ කිසිදු වැඩ පිළවෙළක් නොමැති බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා වැඩි දුරටත් කීවේය.







