බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලින්ගේ ජීවිත කුණුවලට යට කර මිනිස් ජීවීතත් මරණයට අත්හල වාකරේ කුණු කෙළිය….

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

කෝරලේපත්තු වාලච්චෙන ප්‍රදේශිය සභාව, හා කෝරලේපත්තු බටහිර ප්‍රාදේශිය සභාව මගින් දිගු කලෙක සිට ප්‍රදේශයේ එක් රැස් කරන කැලි කසල සහ ඝණ අප ද්‍රව්‍ය කෝරලේපත්තු උතුර වාකරේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට අයත්  මීයන්කුලම් ප්‍රදේශයේ කෝරලේපත්තු රක්ෂිතයට මුදා හැරීමෙන් ඒ අවට රක්ෂිතවල සිටින වන අලින් ඇතුළු වන සතුන්ට මෙන්ම රක්ෂිතයට දැඩි තර්ජනයක් එල්ලවෙමින් තිබේ.

අක්කර දහයක පමණ රක්ෂිතයක මෙම කුණු බැහැර කරන අතර, මජිමානගර් සුඩුපත්තිචේන ප්‍රදේශයේ අදාළ ප්‍රාදේශීය සභාවන් සඳහා කුණු බැහැර කිරීමට භූමියක් වෙන් කර තිබුණද, එම භූමියට කුණු බැහැර නොකර ඔවුන්ගේ පහසුවට මීයන්කුලම ප්‍රදේශයේ මෙම රක්ෂිතයට කුණු බැහැර කරන බවද අනාවරණය වී ඇත.

මේ කැලි කසල සඳහා වන අලි විශාල ප්‍රමාණයක් හුරු වී සිටින අතර ඇතැම් අවස්ථාවල කසල රැගෙන එන ට්‍රැක්ටර්  පෙරළා දමා එම කසළ ආහාරයට ගැනීමට වන අලින් පෙළඹී ඇති තත්ත්වයක් තුළ මෙම කසල බැහැර කිරීමට එන සේවකයින්ගේ ජීවිත ද අවධානමකට ලක් වී තිබේ.

මෙම ස්ථානයට දිගින් දිගටම කුණු බැහැර කිරීමට කටයුතු කළහොත් මේ වනවිට මතුවෙමින් ඇති ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නවලට අමතරව  ප්‍රදේශයේ දැනටත් පවතින අලි මිනිස් ගැටුම අතිශය උග්‍ර වනු ඇති බවත්,   කිලෝ මීටර් පහකට පමණ නුදුරින් තිබෙන වාලච්චේන නගරයට වන අලි කඩා වැදීමේ අවදානමක් පවතින බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ, වාලචේන ප්‍රධාන මාර්ගයට නුදුරු මීයන්කුලම ප්‍රදේශයේ බැහැර කරන කූනු නිසා එම මාර්ගයේ ගමන් කරන,වාහන රියදුරන් සහ ජනතාව සෞඛ්‍ය තර්ජනයට අමතරව වන අලි තර්ජනයකටත් මුහුණ දී සිටින බව ඔවුහු පෙන්වා දෙති.

කල්කුඩා මැතිවරණ කොට්ඨාසයට අයත් කෝරලේ පත්තු බටහිර ප්‍රාදේශිය සභාව සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශිය සභාව මගින් දෛනිකව රැස් කරන කුණු කසල රැගෙනවිත් මෙම ප්‍රදේශයට බැහැර වහාම නතර කර ඒ වෙනුවට කැලි කසළ   ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසටවන ප්‍රබල මහජන ඉල්ලීමක් මේවන විට මතුවෙමින් ඇත.

මේ සම්බන්ධව අප කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති සුන්දරලිංගම් සුදාහරන්ගෙන්  දුරකථන‍යෙන් කළ විමසීමකදී සඳහන් කළේ, සභාවට වෙන්කර දුන් අක්කර දහයක භූමියට පමණක් කැලි කැලි කසල බැහැර කරන බවත්, කෝරලේපත්තු වාලච්චේන බටහිර ප්‍රාදේශිය සභාවයෙන්ද කුණු බැහැර කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත්ය

අනතුරුව අප කෝරලේපත්තු බටහිර ප්‍රාදේශිය සභාවේ සභාපති, මීරා මොහොමඩ් පලාල්දින්ගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන්ට කැලිකසල බැහැර කිරීමට නිශ්චිත භූමියක් නොමැති බවත්, කැලිකසල බැහැර කරන භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන් කරදුන් භූමියක් බවත්ය.  29 වෙනිදා පැවැත්වෙන මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිශ්චිත වශයෙන් කුණු බැහැර කිරීමට ස්ථානයක් ලබා ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේය.

කුණු බැහැර කරන කම්කරුවන්… පසුපසින් සිටින වන අලි ට්‍රැක්ටර් රථයක් පෙරළන ආකාරය පෙනේ….
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය සරසවියෙන් බිහි වුන රත්තරන් දූ වරු….

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ලෝකයටම පැනවෙන 15%ක ආනයන බද්දේ කතාව…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.