දිනසේන රතුගමගේ –
සාදයක් මුවාවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් පිරිසක් අතර සිදුව ඇති ලිංගික ක්‍රියාකාරකම් හා පහර දී ගැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශ්න අංශය ඊයේ (18 ) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මීට සති දෙකකට පමණ ඉහතදී විශ්ව විද්‍යාලයේ පැවති සාදයකදී ලිංගික ක්‍රියාකාරකම් සිදුව ඇති අතර පසුව සිසුන් දෙපිරිසක් අතර පහර දී ගැනීමක්ද සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව විශ්ව විද්‍යාල මට්ටමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් පොලීසියට බර දෙන ලෙස විශ්ව විද්‍යාල පාලන අධිකාරියට පොලීසිය විසින් දැණුම් දී තිබුණි.
නමුත් යාපනය විශ්ව විද්‍යාලයෙන් ඒ සම්බන්ධය කිසිදු පරීක්ෂණයක් සිදු නොවීම නිසා යාපනයේ කෝපායී පොලීසිය සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම පිණිස පොලිස් අපරාධ විමර්ශන අංශය වෙත බාර දීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියේ හා ලිංගික ක්‍රියාකාරකම් සිදුව ඇතැයි කියන පීඨ දෙකේ බලධාරීන්ගෙන් පොලීසිය ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මේ දිනවල යාපනය විශ්ව විද්‍යාලයේ 40 වෙනි උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන නිසා සියලු දෙනාම කර්ය බහුල බව කියමින් එම නිලධාරීන් ප්‍රකාශ ලබාදීම කල්දමා තිබේ.







