අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ සිය පුකාශය ලබා දිමෙන් පසු පිටව ගොස් තිබේ. පැය 04කට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වන අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති දුරයේ සිටියදී ආරම්භ කළ සිරිලිය නැමැති ගිණුම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ. එම ගිණුමේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඇති පැමිණිල්ලකට අනුව සිදු කෙරෙන විමර්ශණවලට අදාළ ඇයගෙන් මෙසේ ප්‍රකාශ කටහන් කරගෙන ඇත.
රාජපක්ෂ මහත්මියට පසුගිය ජනවාරි 27 වැනිදා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද එදිනකට පැමිණිමට අපහසු බව දන්වමින් වෙනත් දිනයක් ඇය ඉල්ලා තිබුණි. ඒ අනුව ඇයට අද දින (03) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබුණි.







