ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක කුසලානය සඳහා සිය සංචිතය නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව අවසාන මොහොතේ නම් කළ සංචිතය මෙසේය.
- පැතුම් නිශ්ශංක
- කුසල් මෙන්ඩිස්
- කුසල් ජනිත් පෙරේරා
- චරිත් අසලංක
- කමිල් මිෂාර
- පවන් රත්නායක
- ජනිත් ලියනගේ
- දසුන් ශානක ( නායක)
- කමිඳු මෙන්ඩිස්
- දුෂ්මන්ත චමීර
- මතීෂ පතිරණ
- එෂාන් මාලිංග
- වනිඳු හසරංග
- මහීෂ් තීක්ෂණ
- දුනිත් වෙල්ලාලගේ
මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා තේරීම් කමිටුව මුලින්ම යෝජනා කර සංචිතයට ගෙනා ධනංජය ද සිල්වා සංචිතයෙන් ඉවත් කර තිබේ. සංචිතයේ 20ටවත් නොසිට අත්හැර දැමූ කමිඳු මෙන්ඩිස් සංචිතයට යළි කැඳවා ඇත.
පවන් රත්නායක විස්සයි 20 ලෝක කුසලානයට කැඳවා තිබීම අවසාන මොහොතේ ගත් වැදගත් තීරණයක් ලෙස සැලකේ. ඔහු කැඳවන්නේ ප්‍රමෝද් මධුෂාන් වෙනුවටය.
ඊයේ තරගයේ දී ආබාධයකට ලක් වී පිටියෙන් ඉවත් වුන එෂාන් මාලිංග සංචිතය තුළ සිටී.
එමෙන්ම කාලයක් තිස්සේ සිය අපේක්ෂිත දක්ෂතා අතර නැති මහීෂ් තීක්ෂණ මෙන්ම ක්‍රිකට්වලට වියපත් වුවද මෑත කාලය තුළ සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක්වූ කුසල් ජනිත් පෙරේරා ද සංචිතය තුළ වෙති. සංචිතයේ කඩුළු රකින්නන් දෙදෙනා ලෙස කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් වෙති.
දුනිත් වෙල්ලාලගේ වනිඳු හසරංග, සහ මහීෂ් තීක්ෂණ තේරුම් කමිටුව තේරූ දඟ පන්දු යවන්නන්ය.
B කාණ්ඩයට ඇතුළත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 08 වැනිදා කොළඹදී අයර්ලන්තයට එරෙහිව තරග වදිමින් ලෝක කුසලාන තරග ආරම්භ කරති .
කණ්ඩායම් අදියරේ ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය මුල් තරගයට දින හතරකට පසු එනම් 12 වැනිදා පල්ලෙකැලේ හිදී ඕමානයට එරෙහිව පැවැත්වේ.
පෙබරවාරි 16 වන පල්ලෙකැලේදීම ශ්‍රි ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ තරඟ වදිනු මේ ඛාණ්ඩයේ වඩාත් උනුසුම්ම තරගය එය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කණ්ඩායම් අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරගය සිම්බාබ්වේට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කිරීමට නියමිතය.







