ධනංජය ද සිල්වා 2026 විස්සයි20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර කමිඳු මෙන්ඩිස් වෙනුවට ආදේශ කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) වෙතින් මේ මාරුකිරීම සම්බන්ධව තවමත් නිල තහවුරු කිරීමක් නොමැත.
සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ, පිත්තෙන් තවත් දුර්වල දස්කම් දැක්වීමෙන් පසුව ධනංජය ද සිල්වා සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර ඇති බවත්, ලෝක තරඟාවලියට පෙර තේරීම් කමිටුව කමිඳු මෙන්ඩිස් සංචිතයට කැඳවා ඇති බවත්ය.
නිවුස් වයර් වෙබ් අඩවිය ජාත්‍යාන්තර රසල් ආනල්ඩ් උපුටා දක්වමින් වාර්තා කරන්නේ ධනංජය ද සිල්වාගේ ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් ප්‍රශ්නයක් නිර්මාණය කර ඇති ආකාරය ය.
ටෙස්ට් ක්‍රීඩාවේ නිරතව සිටින, එක්දින තරගාවලියේ දී හෝ සිය දක්ෂකම් තහවුරු කිරීමට බැරිවුන ධනංජය ද සිල්වා අංක 04 පිතිකරු සහ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් වශයෙන් ඊයේ පැවති විස්සයි 20 තරගයට එක් කළ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙන්ම නායක දසුන් ශානක ද හොඳටම ඇන ගත්තේය.
එක පන්දුවක්වත් යැව්වේ නැති ධනංජය ද සිල්වා පිතිකරණයේ දී දැක්වූ අතිශය දුර්වල ස්වභාවය සහ විශ්වාසයකින් තොර තිගැස්ම ඔහු පිළිබඳ බලවත් සංවාදයක් ක්‍රීඩා ක්ෂේත්රය තුළ නිර්මාණය විය. හෙතෙම පන්දු 12ක දී ලබා ගත්තේ ලකුණු 11ක් පමණි. ධනංජය ද සිල්වාගේ ස්ථානයේ ක්‍රීඩා කරවන්නට සුදුසුම ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස් බවට සැලකිය යුතු සංවාදයක් ක්‍රීඩා ලෝලීන් තුළ ද ඇති වී තිබිණි.
,එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා ධනංජය ද සිල්වා 16 දෙනෙකුගෙන් යුත් විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබුණි. කමිඳු මෙන්ඩිස් එම මූලික විස්සයි20 ලැයිස්තුවෙන් ද හලා දැමුවේය.
ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරියගේ ඉතාම දැඩි රුචියක් ධනංජය ද සිල්වා සම්බන්ධව ඇති බවට වූ විවේචනය පවතින්නේ සෑහෙන කාලයක සිටය. මේ එය තහවුර වන අවස්ථාවක් ලෙස ක්‍රීඩා ලෝලී සමාජය තුළ අදහසක් ද මේ වනවිට ඇති වෙමින් තිබේ.
මේ තීරණාත්කම වෙනස්කම යෝජනා වී ඇත්තේ විස්සයි 20 ලෝක කුසලාන කණ්ඩායම් ඔවුන්ගේ අවසන් සංචිත ICC වෙත ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (31) ලෙස දැනුම් දී ඇති පසුබිමකය .







