එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිට දරුනු මූල්‍ය අර්බඉුදයකට මුහුණ දී ඇති බවත් මේ මත ලබන ජූලි මසාය වනවිට එය බිඳ වැටෙන මට්ටමට පැමිණ ඇති බවත් මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසයි.
සාමාජික රටවල් නියමිත තම ගෙවීම් සිදුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම අර්බුදයට මුහුණ දී ඇති ව සිය සාමාජික රටවල් 193 වෙත ලිඛිතව දක්වා ඇති මහලේකම්වරයා අනතුරු අඟවන්නේ ඉදිරි වැඩසටහන්වලට අවශ්‍ය මුදල් ලබන ජූලි මාසය නවිට අවස් වන ලකුනු පහළ වී ඇති බවයි.
එබැවින් අනිවාර්ය ගෙවීම්වලට ගරු කරන ලෙස හෝ බිඳවැටීම වළක්වා ගැනීම සඳහා සංවිධානයේ මූල්‍ය නීති සංශෝධනය කරන ලෙස ඔහු එම ලිපිය මඟින් ඉල්ලා ඇත.
මෙයට ආසනන්තම හේතුව වන්නේ එක්සත් ජාතීන්ගේ විශාලතම දායකයා වන ඇමෙරිකාව එහි නිත්‍ය සහ සාම සාධක අයවැයට දායක වීම ප්‍රතික්ෂේප කර ආයතන කිහිපයකින් ඉවත් වීමෙන් පසුවය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මුදල් සැපයීම එරට “බදු ගෙවන්නන්ගේ ඩොලර් නාස්තියක්” ලෙසයි. තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු ගෙවීම් පැහැර හැර හෝ ගෙවීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේද මේ වනවිට අනතුරු ඇඟවීමේ සංඥා දක්වා ඇති අතර මුදල් ඉතිරි කර ගැනීමේ අරමුනින් එහි විදුලි සෝපාන නිතිපතා ක්‍රියා විරහිත කිරීම සහ වායු සමන යන්ත්‍ර ාවිතය අවම කිරීමට පියවර ගෙන තිබේ. .එක්සත් ජාතීන්ගේ සංවිධානය අතීතයේ දී මූල්‍ය අර්බුදවලට මුහුණ දී ඇති නමුත් වර්තමාන තත්ත්වය වෙනස් බව ගුටරෙස් සිය ලිපියේ ලියා ඇත.







