දිනසේන රතුගමගේ –
මන්නාරමේ අධි ආරක්ෂක කලාපයක් ක්රියාත්මක කිරීමට 1984 වසරේදී වසා දමන ලද මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගය ඊයේ (28) මහජනතාව වෙනුවෙන් විවෘත කොට තිබේ.
එම මාර්ගය වල් බිහි වී තිබූ අතර මන්නාරම නගර සභාව විසින් එම මාර්ගය බැකෝ යන්ත්රයක ආධාරයෙන් එලිපෙහෙලි කොට ජනතාවට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි වන පරිදි සකස් කිරීමෙන් පසුව එම මාර්ගය විවෘත කොට ඇත.
මාර්ගය වසා දමා තිබූ කාලය තුළ, හමුදා මුරපොලක් ඇතුළුව හමුදාවෙන් අවසර පත්ර නිකුත් කරන කාර්යාලයක් එම මාර්ගය හරහා යොදා තිබූ අතර එම මුරපොලවල් මීට මාස ගණනකට ඉහතදී ඉවත් කොට තිබේ.
අධි ආරක්ෂිත කලාපයක් ලෙස මේ ප්රදේශය පැවති වකවානුවේදී යුද හමුදාව ඔවුන්ගේ යුද උපකරණ ගබඩා කොට තැබීම පිණිසද ආරක්ෂිත කඳවුරක් පවත්වා එන යාම පිණිසද මේ කලාපය භාවිත කොට තිබූ නිසා ඉතා ඉක්මනින්ම මෙම මාර්ගය තාර දමා සම්පූර්ණයෙන් ප්රතිසංස්කරණය කිරීමට මන්නාරම නගර සභාව ඇස්තමේන්තු සකස් කොට ඇත.







