නවසීලන්තය ඉන්දියාවේදී සිය ප්‍රථම ටෙස්ට් තරගාවලිය 3 -0 ලෙස ජයගෙන ගතවි තිබුණේ වසරකට මඳක් වැඩි කාලයකි. නවසීලන්තය ප්‍රථම වතාවට ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් අද (18) ලබා ගත්තේය.
නවසීලන්තයේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ආබාධ හේතුවෙන් සංචිතයේ සිටියේ නැත කේන් විලියම්සන්, මිචෙල් සැන්ට්නර් සහ ලොකී ෆර්ගියුසන්ගේ සේවය නවසීලන්තයට නොතිබිණි. සිය පාදයේ ආබාධයක් හේතුවෙන් මයිකල් බ්‍රේස්වෙල් තරගයේ එක පන්දුවක්වත් යැව්වේ නැත. නවසීලන්තය ඉන්දියාවට එරෙහි තරග කළේ අත්දැකීම් අඩු යෞවනයන් සමගය.
එහෙත් ඉන්දියාව තරග වැදුනේ ඔවුන්ගේ පූර්ණ ශක්තිය සහිතවය. බුම්රා හැර සුපිරි ඉන්දිය කණ්ඩායමට එරෙහිව නවසීලන්ත කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණය ඉතිහාසගත එකක් වන්නේ වසර 34 කින් පසු මෙම තරගාවලි ජයග්‍රහණය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී වාර්තා කිරිම හේතුවෙනි.
තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමය. නවසීලන්ත තරගාවලිය ආරම්භ කළේ 0 – 1ක් ලෙස පසුපසිනි. එහෙත් නවසීලන්ත කණ්ඩායම නැවතත් සටනට අවතීර්ණ වී තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.
ඉන්දියාව කාසියේ වාසිය දිනාගත් අවසන් එක්දින තරග 14 තුළම අපරාජිතව සිටි ඉන්දොර්හි හොල්කාර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔවුන්ව පරාජය කරමින් නවසීලන්තය අද තවත් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීය.
ඉන්දීය පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වූ ඩැරිල් මිචෙල් නැවතත් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් තරගාවලියේ ඔහුගේ දෙවන ශතකය වාර්තා කළේය. මිචෙල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 137කි. ඔහු මිනිත්තු 198ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 131ක දී හතරේ පහර 15ක් සහ හයේ පහර 03ක් සමගින් මේ පිතිකරණ පෙළහර කළේය. මෙය ඉන්දියාවට එරෙහිව ඔහුගේ හතරවන එක්දින ශතකය වන අතර ඉන්දියාවේදී ලබාගත් හතරවන ශතකයද වේ.
ලකුණු 58කට කඩුලු 3ක් වැටී තිබියදී මිචෙල් සමඟ එක් වූ ග්ලෙන් පිලිප්ස්, පන්දු 88කදී ලකුණු 106ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 219ක සබඳතාවක් පැවැත්වූහ. ඒ අනුව නවසීලන්තය ලබා දුන් ලකුණු 338ක ඉලක්කය හඹා ගිය ඉන්දියාවේ මුල් කඩුලු 4ම ලකුණු 71ක් තුළ දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
මෙම තරගයට අක්සාර් පටෙල් සහ හර්දික් පාණ්ඩ්‍යා ක්‍රීඩා නොකළ අතර අංක 6 සිට පහළට පිතිකරණ අනුපිළිවෙල පිළිබඳව ගැටලු මතුව තිබුණි.
කෙසේ වෙතත්, විස්රාත් කෝලි පිටියේ රැඳී සිටිමින් ඉන්දියාවට බලාපොරොත්තු ලබා දුන්නේය. ඔහු සිය 54 වන එක්දින ශතකය වාර්තා කළ අතර, සිය මංගල අර්ධ ශතක රැස් කළ තරුණ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන නිතිෂ් කුමාර් රෙඩ්ඩි සහ හර්ෂිත් රානාට මඟ පෙන්වීය. නමුත් ඉලක්කය ඉතා විශාල වූ බැවින් ඉන්දියාවට අවදානම් ගැනීමට සිදු වූ අතර, ලකුණු හඹා යාමකදී කෝලි සිය ශතකය ජයග්‍රහණය දක්වා රැගෙන යාමට අපොහොසත් විය.
කෝලිගේ ඉනිම අදියර තුනකින් සමන්විත විය. මුල් අදියරේදී ඔහු වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වූ අතර, පන්දු 24කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළේය. දෙවන අදියරේදී අනෙක් අන්තයෙන් කඩුලු වැටෙද්දී ඔහු ඉවසිලිවන්තව ලකුණු 47ක් රැස් කළේය. ඉන්පසු ඉන්දියාවට ඕවරයකට ලකුණු 9කට වඩා අවශ්‍ය වූ මොහොතේ ඔහු සහ හර්ෂිත් රානා වේගයෙන් ලකුණු රැස් කළහ. පන්දු 76කින් ලකුණු 74ක් ලබා සිටි කෝලි පන්දු 91කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර, රානා පන්දු 41කින් අර්ධ ශතකය ලබා ගත්තේය.
නමුත් ඉන්දියාවට පන්දු 38කින් ලකුණු 61ක් අවශ්‍යව තිබියදී රානා දැවී ගියේය. ඒ සමගම මුළු බර කෝලි මත වැටුණි. අවසානයේ ඉන්දියාවට පන්දු 27කින් ලකුණු 46ක් අවශ්‍යව තිබියදී 9 වැනි කඩුල්ල ලෙස කෝලි දැවී ගියේය. ඒ මොහොතේ ඉන්දීය බලාපොරොත්තු සුන් විය.
නවසීලන්තය වෙනුවෙන් පන්දු යවන්නන් රැසක් දස්කම් දැක්වූහ. කයිල් ජැමීසන් මුල් පෙළ කඩුලු දවා ගත් අතර, සිය දෙවන එක්දින තරගයට ක්‍රීඩා කළ ජේඩන් ලෙනොක්ස් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. සක් ෆෝල්ක්ස් සහ ක්‍රිස්ටියන් ක්ලාක් කඩුලු 3 බැගින් දවා ගත්හ.
නැවත වතාවක් නවසීලන්ත දඟ පන්දු යවන්නන් ඉන්දීය දඟ පන්දු යවන්නන්ට වඩා දස්කම් දැක්වූහ. ඉන්දීය දඟ පන්දු යවන්නන් වූ කුල්දීප් යාදව් සහ රවීන්ද්‍ර ජඩේජා ඕවර 12කදී ලකුණු 89ක් ලබා දුන්හ. මිචෙල් සහ පිලිප්ස් ඉන්දීය දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඉතා පහසුවෙන් ලකුණු රැස් කළහ.
නවසීලන්තය ලකුණු 350 සීමාව පසුකරනු ඇතැයි පෙනී ගියත්, මොහොමඩ් සිරාජ් අවසාන ඕවර කිහිපයේදී විශිෂ්ට ලෙස පන්දු යවමින් ඔවුන්ව පාලනය කළේය. ඔහු ඕවර 10 අවසානයේ ලකුණු 43ක් පමණක් ලබා දුන් අතර අර්ෂ්දීප් සිං සහ රානා කඩුලු 3 බැගින් දවා ගත්හ.
, ඉන්දෝර් හි හොල්කාර් ක්‍රීඩාංගණයේ වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා වුන ඉතිහාසගත දිනය අදය. ඒ අනුව ලකුණු 337ක් යනු ඕනෑම කණ්ඩායමකට ජයගත හැකි ඉලක්කයක් ලෙස පෙනුනි. එහෙත් අවසාන මොහොත තෙක් කෝලි ඉන්දියාවට ජයග්‍රහණයේ බලාපොරොත්තුව ගෙනාවේය. එහෙත් කෝලිගේ උපරිම උත්සාහය බොඳවූයේය. ජයග්‍රහණය හිමි වූයේ නවසීලන්තයටය.







