බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්තුතියි විමලේ…  අපි හොඳටම සතුටු වුනා… මේක තමයි ඔයා ලඟදිම කළ හොඳම විහිළුව…

by editor
ජනවාරි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

විමල් වීරවංශ සිය අඛණ්ඩ සත්‍යග්‍රහය නිමා කළේය.  ඔහු කීවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  වසරකට කල් දැමීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අකුලා ගැනීමට මෙන්ම එම ප්‍රතිසංස්කරණය ගෙනා අගමැතිනියගේ ඉවත්වීමට සාපේක්ෂ බවය. එමෙන්ම මේ තමන්ගේ අඛණ්ඩ සත්‍යග්‍රහයට කොමාවක් මිස නැවතීමේ තිතක් තැබීම නොවන බවත් වීමල් පැවසුවේය. 

කෙසේ වෙතත් අද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මෙසේ පැවසුවේය.  “ 6වන ශ්‍රේණියට අදාල අධ්‍යාපන ප්‍රතිසංස්කණය වසරක් කල් දැමීම ඔහුගේ උපවාසය නවත්වන්න කිසිම හේතුවක් නෙමෙයි.  ඔහු කීවේ අධ්‍යාපන ඇමතිවරිය  ඉවත් කරනතුරු  සහ අගමැතිවරිය ඉවත් කරන තුරු ඔහුගේ උපවාසය දිගටම පවත්වාගෙන යනවා කියලා.  කිසිම ප්‍රශ්නයක් නෑ.  විභාග දෙපාර්තමේන්තුවේ කටයුතුවලට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතුවලට බාධාවක් නොවී ඔහුට සෑහෙන කාලයක් මේ උපවාසය පවත්වාගෙන යන්න පුලුවන්.  කවුරුත් තැඹිලි දෙන්න එන්නේ නෑ….”

ජනාධිපතිවරයා මෙම තීන්දුව ගනු ලැබුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් විශ්විද්‍යාල ආචාර්යවරුන් සහ අධ්‍යාපන  වෘත්තීය සමිති සමග කළ දීර්ඝ සංවාදයකින් පසුව බවත් අල්ප හෝ ජනතා අවිශ්වාසයක් සහිතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ  කුඩා ඉදිරියක් හෝ අපේක්ෂා නොකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

එහෙත්  විමල් වීරවංශ සිය සත්‍යග්‍රහය හරහා මේ ජයග්‍රහණය අත්පත් කරගත් බව  ප්‍රකාශ කළේය.  රජය සිය ඉල්ලීම්වලට අවනත වූ ආකාරය හුවා දක්වමින්   අඛණ්ඩ සත්‍යග්‍රහය නිමා කළේය. මල් කළඹ ගෙන පැමිණි අය විමල්ට සුබ පෑතුහ. ප්‍රහසනය සන්තෝසයෙන් නිමා වූයේය.

සාමාන්‍යයෙන් විරෝධතාවයක් සාර්ථක වන්නේ රජය එයට බිය වී පසුබෑමකට ලක්වුවහොත් පමණි. එහෙත් මෙහිදී රජය විමල් වීරවංශට සිය විරෝධතාවය දිගටම පවත්වාගෙන යන ලෙස ප්‍රසිද්ධියේ ආරාධනා කළේය.  විමල් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළ බව පෙනුණි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

පවතින ආර්ථික අර්බුදය හෝ ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවලට වඩා, ලිංගික අධ්‍යාපනය වැනි සමාජයේ බහුතරයක් පහසුවෙන් කුපිත කළ හැකි “සදාචාරාත්මක” මාතෘකාවක් තෝරා ගැනීම  මේ  විරෝධතාවයේ ප්‍රමුඛ ලකුණය.    මැතිවරණයක් ආසන්න වෙමින් පවතින සන්දර්භයක, අමතක වී යන දේශපාලන චරිත නැවත කරළියට පැමිණීම සඳහා මෙවැනි විරෝධතා පලිහක් කරගන්නා ආකාරය ලංකාවේ දේශපාලනය තුළ සුලභය.

අනෙක මේ ඉල්ලීම්වල ඇති පදනම් විරහිත බව යළි යළිත් මතුවුනේය.  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ගැටලුවකදී විෂය නිර්දේශය සංශෝධනය කරන ලෙස ඉල්ලීම වෙනුවට, අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලා අස්වීම සඳහා අභියෝග කරන මේ පුද්ගලයින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙස බල කරමින් සිටියහ.

එමෙන්ම පෙළපොතේ අන්තර්ගතය පිළිබඳව විද්‍යාත්මක හෝ අධ්‍යාපනික විචාරයක් ඉදිරිපත් කරනවා වෙනුවට, එය “රට විනාශ කරන කුමන්ත්‍රණයක්” ලෙස වීරවංශ සුපුරුදු ලෙස  විග්‍රහ කළේය.  රජය ප්‍රතිසංස්කරණ කල් දැමූ බව පැවසීමත් සමඟ, තමන් එම “කුමන්ත්‍රණය” පරාජය කළ බව පවසමින් සත්‍යග්‍රහයෙන් ඉවත් විය.  මේ අටමගලය පටන් ගන්නා මොහොතේම මෙය විගඩමක් බව අප කීවේ  විමලේ ගේ ස්වරූපය දන්නා නිසාය.   මිනිස්සු මේ ප්‍රහසනය හරියටම කියවාගෙන තිබිණි.

මෙම සත්‍යග්‍රහය අවසන් කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. එහිදී බහුතරයක් පරිශීලකයින් මෙය දේශපාලන “ප්‍රහනයක්” ලෙස හඳුන්වනු ලැබීය. රජය විසින් සත්‍යග්‍රහය කරගෙන යන ලෙස කළ අභියෝගය හමුවේ, කිසිදු පූර්ව එකඟතාවයකින් තොරව සත්‍යග්‍රහය අත්හැරීම බොහෝ දෙනාගේ උපහාසයට ලක්විය.

විශේෂයෙන්ම, “පැය 24 කින් අවසන් වන අඛණ්ඩ සත්‍යග්‍රහය” සහ “රජය බය වෙලා නෙවෙයි, විමල්ට නිදිමත වෙලා” වැනි උපහාසාත්මක වැකි (Memes) සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත විය.

තවද, කිසිදු පදනමක් නොමැතිව අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලා අස්වීම වැනි අන්තගාමී ඉල්ලීම් ඉදිරිපත් කර, පසුව ඒවා අමතක කර දමා සාමාන්‍ය පරිදි නික්ම බොහෝ දෙනාට සිනා උපදවන ප්‍රහසනයක් වී තිබුණු බව දුටුවෙමු.

අපට විමලේ වැදගත් වන්නේ ඒ නිසාය. දේශපාලනික වශයෙන් බොහෝ දුර්ග අවස්ථාවල දී  ඔහු විහිලු සපයන්නේය. සමාජයේ බොහෝ ගැඹුරු කථිකාවක් ඇතිවිය යුතු තැනක ඔහු කාවඩි නටන්නේය. මෙවැනි විකට රූපී පනික්කියන් විඩාපත් සමාජය සතුටින් තබන්නට උපකාරී වන බව අද අපි යළිත් සනාථ කරගතිමු.

ස්තුතියි විමලේ… මේක තමයි ඔයා ලඟදි කළ හොඳම විහිලුව….

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිහින්තලේ නායක හාමුදුරුවන්ට වනචරයා කියලා කියන්නේ මාධ්‍ය සහ ඇතැම් හිමිවරු… ලාල් කාන්ත ඇමතිවරයා නම් උන්වහන්සේට වනචාරියා කිව්වෙ නෑ… නලින්ද කියයි!

Next Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එකතුවන ලෙස ජනපති ගුරු වෘත්තීය සමිතිවලින් ඉල්ලයි…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.