සම්බා සහ කීරි සම්බා වී මිල දී ගැනීමේ අවම මිල ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ් අනුව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත්, නාඩු වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තව දුරටත් පවත්වාගෙන යාමටත්, සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125/- සිට 130/- දක්වා සහ කිරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 132/- සිට රුපියල් 140/-දක්වා ඉහළ නැංවීමටත් තීරණය කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.;
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේ වී මිල වැඩිවීම සහල් මිල වැඩි වීමට හේතුවක් නොවන බවත් සහල් මිල පාලනය සඳහා නිශ්චිත නියාමනයන් තුළ කටයුතු කරන බවත්ය.
වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කිරි සම්බා වී කිලෝග්‍රෑම් 1 ක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/- ක් සහ රුපියල් 132/-ක් ලෙස මිල දී ගෙන තිබිණි.
මෙම මිල වැඩිවීම සම්බන්ධව තීරණය කළේ යෙදවුම්වල මිල සහ ශ්‍රම කුලිය ඉහළ යෑම ගැන සලකා මෙන්ම ඉදිරි කන්නවලදී සම්බා සහ කිරි සම්බා වගා කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් බව ද ඇමතිවරයා පැවසුවේය.








