දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ප්‍රමාණයක් අද ( 13) එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කළේය.
ඒ් අනුව ආපදා ප්‍රතිචාරය සඳහා එක්සත් ජනපදය ලබා දුන් සමස්ථ ආධාර වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් බවට පත් වී තිබේ.
මෙම ආධාර වලට පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා අවැසි හදිසි ආහාර සහ මුළුතැන්ගෙයි කට්ටල, සනීපාරක්ෂක කට්ටල වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, මෙන්ම ගංවතුර අවම කිරීම සඳහා භාවිතයට ගන්නා වැලි කොට්ට සකසන පොලිසැක්ස් වැනි ද්‍රව්‍ය ද ඇතුළත් වන බව තානාපති කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එමෙන්ම, ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය වෙත ප්‍රවේශය ලබාදීමට, මව්වරුන්ට සහ දරුවන්ට අත්‍යවශ්‍ය පෝෂණ සහාය සපයීමට, සහ නවාතැන්වල ආරක්ෂිතහා ළමා – හිතකාමී අවකාශයන් පවතින බව සහතික කිරීමට ද මෙම ආධාර සහාය ලබා දෙන බව ඒම නිවේදනයේ දැක්වේ.
තවද, ගංවතුරෙන් බලපෑමට ලක් වූ ග්‍රාමීය සහ වතු ප්‍රදේශවලදී, මූලික යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම, ජලාපවාහන සහ කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම, සහ ජීවනෝපායන් සඳහා සහාය වීම මගින් පවුල්වලට දේශීය ආහාර නිෂ්පාදනය සහ ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්හ කිරීමට එක්සත් ජනපද ආධාර උපකාර කරන බවද එම නිවේදනයෙන් ප්‍රකාශ වී ඇත.
එම ආධාර ඵලදායීව සහ වගවීමෙන් යුතුව අදාල ප්‍රජාවන් වෙත ළඟා වන බව සහතික කිරීම සඳහා, ලෝක ආහාර වැඩසටහන (WFP) සහ වල්ඩ් විෂන් (World Vision) වැනි විශ්වාසදායක සංවිධාන හරහා ඒම ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බවද එහි සඳහන්ය.
” ශ්‍රී ලාංකිකයන්ට සහාය අවශ්‍ය වූ විට, එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූවා ” එක්සත් ජනපද තානාපති ජූලි චංග් ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.








