රජයේ නිලධාරීන්ගේ නිල මුද්‍රා භාවිතා කරමින් නිශ්චිත සුදුසුකම් නොමැතිව විදේශ රැකියා සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින්ට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රැකියා සඳහා යොමු කිරීමේ වංචාවක් ක්‍රියාත්මක කළ කාන්තාවන් දෙදෙනෙකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ සැකකාරියන් දෙදෙනා ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් ආයතනයක් පවත්වාගෙන ගිය බවයි. ඔවුන් ජපානයේ රියදුරු රැකියා ලබා දෙන බව පොරොන්දු වෙමින් ෆේස්බුක් හි පල කළ දැන්වීම් නිරීක්ෂණය වී තිබිණි.
මේ සම්බන්ධව කළ සෝදිසි කිරීමකදී රජයේ පාසල්වල විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ විවිධ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ව්‍යාජ නිල මුද්‍රා ඇතුළු විවිධ ව්‍යාජ නිල මුද්‍රා සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.
තවද, ව්‍යාජ ලෙස සකස් කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) සහ උසස් පෙළ (උ/පෙළ) සහතික ද අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විදුහල්පතිවරුන්ට පමණක් නිකුත් කරන ලද ලේඛන වන ශිෂ්‍ය වාර්තා ගොනු 100 ක් අඩංගු ලේඛන දෙකක් ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන පවත්වයි







